1,804 Total Nisadas Found





නදී ..✍???? 4 years ago 426 4 4

Nisadas Image

නුඹයි දිවියේ නිරිදුවූ...

රත් - රුදිර බිදු සුවද තවරා
පිදූ සෙනෙහස නාමයෙන්
හිත් - අහස මත පායාපු ලළිඳු, නිවා සැනසුව ආලයෙන්
විත් - රිදුම් දුන් හිතෙහි කැකරූ
සීත ලතැවුල් හෙමිහෙමින්
ලත් - තැනින් සිත් සුවය සැදුවා, රිදී නුඹමිණි රශ්මියෙන්

සියැසි - අද්දැකි ජීවිතේ ගැන කියාදුන් දෙවි කෙනෙක්වූ
මියැසි - කවියක මුල් තනුව නුඹ දිවිමගේ හමුවුනාවූ
නිවැසි - අරණට එළිය කැන්දන පහන් වැටකින් එකක්වූ
සියැසි - දිවියේ ඔටුනු නොපැලදි නුඹයි දිවියේ නිරිදුවූ

සිහින - මවලා අපේ දිවි ගැන අදුරු කුටියක හෙලු සුසුමක්
සිතන - තරමට බරවැඩියි මට, තාත්තේ නුඹ සේනෙහෙ ගඟුලක්
පතන - පැතුමක අපේ ලෝකය සුවද වෙන්නට බොහෝ සිතුමක්
වචන - ගලපනු බෑ, ලියන්නට පද නුබේ ගුණකද මහමෙරක්

අචල - දාරක සෙනෙහෙ හංගා වැටෙන විට අත්වැට වෙලා
පතල - වන්නට ලොවක් අභියස පවුරසේ නුඹ, සිටිය රැකලා
නිසල - ගුණදම් වඩන්නට මග පෙන්වමින් දිරියදී සවිමත් කලා
සිසිල - ඒ ගුණ බලෙන් දිඝාසිරි
පැතුම්... තාත්තේ, මම එක්කලා

නදී ..✍️

චතුරංගි හර්ශිකා 4 years ago 502 6 5

Nisadas Image

ආදරණීය ගුරුතුමාගේ නික්ම යාම

තුමුල ගිරි හෙල් එකළු කරමින්
පෑයු සඳවත ඒ නුඹයි
අරුණ සනහන සොඳුරු රැස් ගෙන
ලොවට වැඩි හිරු මල නුඹයි...

නෙතග කඳුලක් වෙලා හෙමිහිට
කඩා හැලෙනා පෙම නුඹයි
වසර ගණනක එකම එක මග
දුටුව දෙව් රුව ඒ නුඹයි...

සෙනෙහෙ කැටිකොට වචන අතරේ
පද බඳින්නට නොදන්නෙමි මම
නැණස පාදනු රිසින් නුඹ කළ
මහඟු මෙහෙවර වටියි සදහට...

හද අරණ මත පිපුණු සුවඳැති
මලක් සේ නුඹෙ මතක ගොනුකොට
ඉදිරි දිවියට පතමි ආසිරි
දහස් සිසු නෙත පුබුදුවන්නට...

දිවියෙ හමුවන අනෙක ලතැවුල්
නුඹෙන් ඈතට ඉගිලුනාවේ
සතුට සැනසුම සිනහ පමණක්
නුඹේ සිත ළඟ නැවතුනාවේ...

දිනෙක දිවි මග කෙලවරක මුව
සිනා පියුමක් සුපිපුණාවේ
සදාදර ගුරු පියාණෙනි ඔබෙ
සියලු පැතුමන් ඉටුවුණාවේ...

චතූ ✍️







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps