Naween Perera 4 years ago 476 2 3
හැබෑ ලෝකෙන් ඈතට වෙලා
හීන අතරම හිර වෙලා
ඇත්තට හමු වෙන්නෙ නැති
මට ඕන තරමට මවාගත්ත
සතුටු හීන...
ගිනි වතුරට දුමට බැදි
තාවකාලික ලෝක
හැමදාම බලන්නට යන
විදින සුව ආසාව...
නුබෙ හිතේ ගුලි වෙච්ච
උණුහුමට සැතපිලා
ලෝකෙම අමතක වෙන්න
ලංව උන් දා මතක..
නුබට උවමනා උන මේ
යකාගෙන් තොර ලෝකෙ
නුබට හරි අහිංසකයෙක් එක්ක
විදින්නට ඉඩ දී ඉන්න
මාරුවෙන් මාරුවට මං
හිත අරන් දුවනවා පිම්මෙ
අර කිව්ව ඇබ්බැහි වලට...
~ නවියා ~
Wageesha S 4 years ago ❤️❤️❤️
Naween Perera 4 years ago ස්තුතියි wageesha ❤️
Ranatunge Jayawardene 2 years ago ඇත්තමයි, ඔක්කොම ගැට ගැහිලා. - ජය!