1,804 Total Nisadas Found





Nethu@27 4 years ago 286 0 0

Nisadas Image

~විලාපය~ නුබ නැති හෙටක් වෙනුවෙනි ... !

* තනි වූ ගැහැනිය - 1( විලාපය)

කූඩුව අපේ දලු ලා ආවා පමණ යි
ගිවිසාගත් දෙවසර ගෙවුනා පමණ යි
බිළිදිය ලෝකය දුටුවා පමණ යි
කුඩුව අපේ සවිමත් කර තැනුවා
පමණයි..

* තනි වූ ගැහැනිය - 2(විලාපය)

මහ මැදිමය එදා බිලිදිය සමග ගෙවූ
අදුර තවත් මා මනසේ දවයි තතූ
දෝණිඅපේ අප්පා කොයි අහද්දී මතූ
මොනවා කියන්ද හත්වලාමේ කියා
දෙනූ...

*ඇයගේ ප්‍රාර්ථනය - 3

හැර ගිය නුබ මා මනස අවුල් කරවා
පැටියා සමග මා මේ රෑ සීතලේ තනි කරවා
වෙන හිතකට උනුසුම දී මේ රැයේ උනුසුමට ම වැතිරෙත්වා
නුබට තනි දැනුනොත් ඇය තනි මකත්වා .. !

මෙතෙක් මා මෙතරම් දුරක් කැටුව ආවට පින් සිදුවෙත්වා
නුබේ දිවියේ නව ඇරබුම කිරියෙන් පැණියෙන් උතුරත්වා
තව එකෙකුට මෙවැනි දෙයක් නොම කරත්වා
නුබ නැති හෙටක් මට නැතත් මේ පැටියට ලැබෙත්වා .. !

✍️ nethu

Nethu@27 4 years ago 292 0 0

Nisadas Image

මුල අමතක මහත්තයා ..

අඩ අඩ ගෙදරින් එලියට දුවගෙන ආපු බොරලු පාර දිගේ වැටි වැටි විදුහල වෙත පියනගපු
බොරලු පාරෙදි මඩ වලකට තල්ලු කරලා දුවපු
මගේ ලෝකෙ දග මල්ල නුබය කිසිදා අමතක නොවෙන ..

නුබ දැන් මහත්තයෙකි මහත්මා ගති නම් නොම ගැවී වත් තිබුනු
කුලියට වෙන වුන්ගේ වැඩ කරමින් අපේ කුස පුරවාපු
අග හිග කම් තිබුනත් නොදැනෙන ලෙසින් අපිව වදාපු
අම්මව අමතක කරේ කොහොම ද නුබ හට මෙච්චර කරාපු

තුන් අවුරුද්දක් වෙන එකියක හා දීග කාපු
අපේ පුන්චි පැල දාලා ඒකිගෙ ගෙදර ම බින්න බැහැපු
අම්මා බලා ගන්න ඕනා නිසා තාමත් තනිකඩ මම ලියාපු
මේ ලිපිය ලැබුනෝතින් හනික වරෙන් අම්මට තව මාස තුනලු ගමේ වෙදා නොවැ මට එහෙම කියාපු ..

✍️ nethu







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps