චතුරංගි හර්ශිකා 4 years ago 656 8 4
මටත් නිතර නිතරම හිතුනා
අහඹු හමුවීම් හරි කෙටියි කියලා
අදත් ඊයෙත් හිතා උන්නා
දැන් දැන්ම නවතීවි කියලා...
හදක් පුරවා සුසුම් ගංගා
ඉවුරු බිඳ පිට නොවී තියලා
හිතින් විතරක් හෙමින් හඬලා
මමත් පිටමං වෙන්න හිතුවා...
හදිස්සියෙ මග හැරී යද්දිත්
නවත්වන්නට හේතු කියලා
මටත් නෑ තිබුණේම හයියක්
ඉඳින් එක මොහොතකට කියලා...
සහස් ගව් දුර ඈත එපිටින්
රහස් හැංගූ හීන ලියලා
පහන් සඳ පායනා ගගනත
සිහින් ස්වරයෙන් ගීත ගයලා...
ඉතින් අත් මග හැරුණු තැන්වල
මතක සැමරුම් ඉතිරි කරලා
යන්න මං හිත හදාගත්තා
ඇත්තටම...
ඔයා කිව්වා වගේම,
මං තවම පුංචි හින්දා...
Nethu@27 4 years ago ❤️❤️
Shashini Piumila 4 years ago ❤️????
nisuuu 4 years ago ❤️
shashi???? 4 years ago lassnai nangi