Naween Perera 4 years ago 424 0 0
අවසානය ලගා වෙන්නම උනා
මතක රූප පෙල ගැහෙන්න
පටන් ගත්ත හොද තැන් තිබුනා
ඉවර කරගෙන නැතත්
අන්තිමට බලන් ඉන්න
හොද දේම හිත තියන්
එකම අදිටනින් මුලු හිතින්
හිටිය හින්දාම මං...
අතහරින්නට දෙයක් ඉතිරිව
නොදුන් දෛවය එක්ක
දැන් තරහ නෑ මං
හොදට වැටහුනා ඇයි එහෙම
යන්න ලෙහෙසියෙන් දැන්
වැඩ අහවර වගේ නම්
චක්‍රයක දුවන ජීවන කතාවන්
මෙහෙමම ගෙවුනදෙන්
ණය නැතිව ජාතියට
මෙත් බුදු සමය වෙනුවෙන්
හිද ඉතිරි සසර තුල
පහන් සිල නිවෙන තෙක්.
෴නවියා෴