චතුරංගි හර්ශිකා 5 years ago 218 3 1
හැම ගීතයකම හැම රාගයකම මම ගැයුවෙ නිතර නුඹ ගැන... හැම ස්වරයකම හැම මාත්‍රාවකම මට ඇහුනෙ නිතර නුඹවම... හැම මොහොතකදිම හැම හීනෙකදි ම මගෙ මනස හෙව්වෙ නුඹවම... හැම භවයකදිම හැම ඉසිඹුවකම මට ඕනි වෙලා නුඹවම... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 214 3 0
හිතම නිවනා හීනයක් ඔබ... නෙතම පිනවන පුදුමයක් ඔබ... සවන සනසන අරුමයක් ඔබ... සංගීතය නුඹට, මගේ හිත පෙම් බදී... මගෙ සවන් උමතු වේ... මගේ නෙත් විල තෙමේ... මගෙ ආත්මය පුරා, නුඹ පිරී මම නිවේ... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 272 3 6
මගෙ ළමා විය ගාව හිත ළගම තනි මැකුව කතා පොත් ගොඩක් ඇත අද තෙක්ම මං ගාව... ලෝරා ගේ ජීවිතේ හරි පුදුම සිහිවටන හීන අස්සේ පවා මට දැනුණි හැම රෑම... කදුකරයෙ හරි සොඳුරු පුංචි ගෙදරට ආව හෙයිඩිගේ දගකාර සිනහ මල් කවිකාර... සීය සහ ඇය ගාව මගෙ හිතත් සද රෑක නැවතුණා හරි පෙමින් පුංචි ගේ පැල ගාව... පොලියානගේ පුදුම සෙල්ලමට වහ වැටුණ මගෙ මනස දැන් වුනත් සතුටු වෙයි ඒ ගැනම... සත් සුමිතුරන් ගාව මට ඉඩක් නැතුවාට හොරු සොයා යන්න නම් මං මනාපයි තාම... මැටිල්ඩාගෙන් පුදුම පොත් ඉල්ලගෙන එන්න ඇය වගේ පොත් ගොඩක් මටත් හැකි කියවන්න... බේකර් වීදියේ රැයක හෝම්ස් ගේ පුදුම තැනට මටත් හැකිනම් යන්න ටැක්සියක මේ දැන්ම... ඇලිස් එක්කල පුදුම විස්ම ලන්තෙට යන්න මමත් මග බලනවා දැන් වුනත් හැමදාම... හොග්වාට්ස් වලින් මටත් ලියුමක් එන්න බැරිකමක් නෑ කියා මට හිතෙනවා තාම... මැජික් කෝටුව අරන් හැරී පොටර් එක්ක ඒ පාසලේ මිහිර විදිනවා ගිය දාට... හත්පෙති මලට අරුම මගෙ හිතම බැදි තරම ෂේන්යා වුණත් එය නොදන්නව ඇති තාම... මටත් ආසයි අරුම පොත් තුළින් ඇතුළටම ඒ වචන තුළ කිමිද විදින්නට හැමදාම... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 279 4 1
ඔන්න ඉතිං මම නිසදැසක් ලියාගෙන යනව, එක දිගට, වචන ගලාගෙන එනව... එක පාරටම, එක වචනයක් මගෙ හිතට එනව, මගෙ පෑන, ඒ වචනෙ පිටුවෙ ලියනව... එතනිං එහාට, මොනව කරලවත්, වෙන වචනයක් නං, ගලපගන්න ම බැරි වෙනව... ඒ වගේ මාර්ග බාධක, පුදුම වචන, හැම කෙනෙක්ටම වගේ, නිසැකවම මුණ ගැහිල තියෙනව... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 232 5 0
හැමදාම තෙලි තුඩග හුරු පුරුදු කැන්වසය මොහොතකට ඉවත ලා ගත් බාල කොලය මත... රාධාට ක්‍රිෂ්ණා ව ප්‍රේමයේ නාමයෙන් ආදරේ දෙවොල තුළ මුණ ගැස්සුවෙමි හවස... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 239 3 4
මට අහස විනිවිද ඉගිලෙන්න හැකි නම්... මට සයුර කිමිදී සැගවෙන්න හැකි නම්... සොයා යන මග මට රිදුණු තැන් හැරයන්න හැකි නම්... වැස්ස වී මිහිකත දවාලන ඉර නිවනු හැකි නම්... ඉමක් නැති මේ විශ්වයේ එක සදක් විය හැකිනම්... කාලයෙන් පෙර දා තුළට ගොස් රැදෙන්නට හැකි නම්... මට මගහැරුණු අය මුණ ගැහෙන තැන රැදෙන්නට ඇත්නම්... දෛවයේ සරදම් හිනාවෙන් ගැලවෙන්න හැකි නම්... මට කාලයට පිටුපා ජීවිතේ විදින්නට ඇත්නම්... මට ළමා ලෝකේ හිතේ නිදහස අරගන්න ඇත්නම්... මේ සිත් තැවුල් හැරදා ගගනතේ දුර යන්න ඇත්නම්... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 242 4 4
ඉදහිට අපි ඇන්ද සිතුවම් හරි සොදුරුයි හමුවුණු තැන් පුරා මතකය හරි සුවදයි අපි ගැන අදින පැන්සල් ඉරි වුව මිහිරියි එනමුත් නුඹ සෙවූ සායම් මිල අධිකයි සොඳුරු ම තැන්වලයි රැදුනේ මතක පොදි උඹ ළග ගෙවෙන මොහොතත් මට පැයක් වුණි උඹ ඇති මගේ හිත පතුලේ තදට ඇදී ඒකයි තවම මතකය මට මකනු බැරි උඹ නම් හරි සොඳුරු දේදුනු පාට හොයා මගෙ රුව උඹේ හද මත ඇදි බව කිව්වා එනමුත් මම මගේ හද කොළපත පිසදා එ් මත අඟුරු කැටයෙන් උඹෙ රුව ඇන්දා නුඹගෙන් විමසන්න පැනයක් ඇති හැම දා අඟුරෙන් ඇදි මතක මැකුමට මට බැරි දා මිල වැඩි සායමෙන් ඇදි මගෙ රුව මකලා වෙන සිතුවමක් ඇන්දේ කොහොමද කියලා - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 262 3 2
වැන්ගෝ ගෙ තරු පිරුණු රෑ සිතුවමේ අදුරු සුළි වගේ වලාකුළු හිත කියන කවියක් ලු... ගන රැයක රැළි ගැහුණු ඉහල අහසේ නැගුණු සද සුළිය ගිලගන්න හැදුවා ලු වලාකුළු... හිතේ කැළඹීම මැද පීඩාව ගලනව ලු සිත්තරා හදවතම සිතුවමේ ඇන්දා ලු... කෙටි බුරුසු පාරවල් කැන්වසය පාරයි ලු තරු පිරුණු රෑ අහස හිත රිදෙන අවුලක් ලු... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 267 4 2
දින පොතක් ලියන්නට කලක් ඉහතදි මමත් මුල් ගලක් හෙම තබා හරි ජයට සැරසුණා... දින එකින් එක ගෙවී මගෙ පොතේ පිටු පුරා කවි කතා වදන් වැල් සිය ගණන් ලියැවුණා... දින පොතෙන් බාගයක් ඉවර වූ මොහොතකදී ලියූ සටහන් නැවත කියවන්න මම ගියා... හැම පිටුවක ම නුඹත් නුඹෙ අදුරු මතකයත් බොද අකුරු ගොඩක් මැද දින පොතෙන් හමුවුණා... අන්තිමේදී මමත් දින පොතක් නොලියා ම ඒ පෙගුණු කදුළු පොත උඹ නමින් නම් කළා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 237 1 0
පහළ ඇළ එක රෑක වෙනදාට වඩා හඩ ගීතයක් ගයාගෙන ගම මැදින් දිව ගියා... ගන මැදියමේ රෑක මේ ගීය අහන්නට පිණි පොකුරු මැදින් මම වෙල අයිනටම ගියා... හරි අපූරුයි රෑම මහ වැස්ස පායලා තණ පදුරු වැහි වතුර උරාගෙන දිළිසුනා... මහ පුදුමයක් මේක පෝය පුරහඳ තැටිය අපේ ඇල තුළ වැටී බබළමින් කිමිදුණා... මහ රෑට සුරගනන් හඳ අලවලා ගියත් වැහි වතුර මුළු රෑම අහස තෙත් කළ නිසා... සද වැටෙන්නැති ඇළට පහුවදා ගගනතට සුරගනන් හොරෙන් විත් නව සදක් එල්ලලා... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 331 2 2
රතුපාට අහසකට ඉර ඇන්දෙ ඇයි මැදක... ඇයි නොහැකි වලාකුළු බලන්නට වෙනස් ලෙස... රතු අහස ගගක් නම් ගිනිගන්න සුළු නිතර... වලාකුළු පාලමකි එතෙර වන්නට තැනුව... ඉර නොවෙද ගිනිගන්න රතු ගගක දිය සුළිය... හෙට හවස මෙහි එන්න නරඹන්න මේ වෙනස... - චතූ
චතුරංගි හර්ශිකා 5 years ago 254 3 3
පරණ පුස්කොළ හරි මිලයි අද ඒවා පරණම දේ නිසා... ඒත් පරණම මතක ඔක්කොම රිදෙන රිදවන දේ නිසා... වැළලුවෙමි මම කැපූ වල තුළ නැවත දැක්මත් දුක නිසා... හීන අස්සෙම මැරිල පලයං නුඹ කිව්ව සුරගන කතා... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps