චතුරංගි හර්ශිකා 5 years ago 268 4 2
දින පොතක් ලියන්නට
කලක් ඉහතදි මමත්
මුල් ගලක් හෙම තබා
හරි ජයට සැරසුණා...
දින එකින් එක ගෙවී
මගෙ පොතේ පිටු පුරා
කවි කතා වදන් වැල්
සිය ගණන් ලියැවුණා...
දින පොතෙන් බාගයක්
ඉවර වූ මොහොතකදී
ලියූ සටහන් නැවත
කියවන්න මම ගියා...
හැම පිටුවක ම නුඹත්
නුඹෙ අදුරු මතකයත්
බොද අකුරු ගොඩක් මැද
දින පොතෙන් හමුවුණා...
අන්තිමේදී මමත්
දින පොතක් නොලියා ම
ඒ පෙගුණු කදුළු පොත
උඹ නමින් නම් කළා...
- චතූ
සිතුවිලි පාරමී 5 years ago ??
Ish Umayanga 5 years ago Wow wow wow, mara lassanai?