1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 242 3 4

Nisadas Image

ගැහැණිය සහ සිනහව

සිනහව හිතේ හිර කරගෙන
කදුලම බුදින මිනිසුන් ගැන
ඇසුවා මමත් විස්තර හෙම
රිදෙනා තැවුල් ලතැවුල් ගැන...

හඩනා නමුත් රෑ තුන්යම
දහවල සිනාවෙන් සරසන
අරුමැති සොදුරු ගැහැනුන් ගැන
ඇසුවා මමත් මුවගින් දන...

සිනහව වතේ රැදුනත් නිති සදක්
වගේ
කදුලක් හිතේ සිරවී ඇත ගගක්
වගේ
දුක් සගවා සිනාසෙන හැටි සයුර
වගේ
ඇය පුදුමයකි හිනැහෙන නිති මලක්
වගේ...

සියුමැලි හිතට පුළුවනි උහුලන්න
ගිනි
සුදුමැලි දෑත් හයියයි පිරිමින්
දෙවැනි
දසමස කුසදරා දරුවන් වදන
ගිනි
උහුලන ගැහැණු හිත් වල ඇත පුදුම
සවි...

ගැහැණිය බොළඳ කුසුමක් බව
කිව්වාට
ඇය ලොව විසල් දුක් වළදයි
හැමදාම
කොතරම් ගැහැට ආවත් එක පිට
ඇයට
ඈ හිනැහේවි කදුලැල් සගවා
හනික...

විටෙකදි මවක් විටෙකදි යෙහෙළියක් වෙලා
විටෙකදි ළදැරියක් විටෙකදි බිරිඳ
වෙලා
විටෙකදි සෙබලියක් විටෙකදි සිරිකතක් වෙලා
ගැහැණිය වෙසෙයි සැම තැනකම සවිය බෙදා...

වේදනාව දුක ඉවසාගෙන
ඉන්ට
පිරිමි හිත් වලට බැරි ගින්දර
ගන්ට
වැටෙනා මොහොතකදි නැගිටී
හිනැහෙන්ට
හැකි වානේ හිතක් උරුමයි
ගැහැනුන්ට...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 318 3 7

Nisadas Image

මලවි නුඹට

අවතැන් ගිලන් හිතම
යළි යළිත් පාරන්න
මතකයේ සැඩ සුළං
එපා අරගෙන එන්න...

මහ වැස්ස ගන අඳුර
තනි කෙරූ සද අහස
හුදෙකලා සැන්දෑව
මං බයයි උඹලාට...

මැරුණු මතකය තුළින්
එපා යළි නැගිටින්න
එපා ආයෙත් ඇවිත්
මගෙ හැගුම් පාරන්න...

පාඩුවේ මට ඉන්න
දී ඈතකට යන්න
පාළු ගනදුර ගේන
වැස්ස යළි නොවසින්න...

ප්‍රේමයේ වසත් කවි
නෙත් ළගම ලියවෙන්න
වසන්තේ පෙම් පුවත්
එපා මට පෙන්නන්න...

මට නොහැක ලතැවෙන්න
රිදුණු හිත හඩවන්න
දෛවයේ නාමයෙන්
එපා මට වදදෙන්න...

මලවි හී සර විදින
පෙම් කතා දොඩවන්න
එපා මගෙ දෑස් ඉම
ඒ පුවත් මුමුණන්න...

උන් දන්නෙවත් නොමැති
මගෙ කැඩුණු බිදුණු හිත
උන්ගෙ පෙම් වදන් ළග
දවා හළු වෙනා වග...

උන් නගන පෙම් කතා
එපා මට දැකගන්න
උන් දකින නිල් අහස
දවයි මා මතක හිත...

එපා මතකය අගට
කදුළු අරගෙන එන්න
එපා මට ආයෙමත්
පෙම්වතුන් පෙන්වන්න...

- චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps