1,804 Total Nisadas Found





චතුරංගි හර්ශිකා 5 years ago 220 2 2

Nisadas Image

කොළඹ

හැම වතාවෙම වගේ
මගෙ සිනහ කදුළු පොත
තව කතාවක් නුඹට
කියන්නට තිබේ මට...

අද උදෙත් ඉර තදට
පායලා ඇත මෙහෙට
ගම තරම් නම් ඉතින්
පුරුදු නෑ මට කොළඹ...

ඉඩක් නැති පාරවල්
තදබදය හරි ගැහැට
විදින්නට හැමදාම
සිදුවේවි මෙහෙ උන්ට...

නිදන්නට පවා රෑ
හීනයක් තුළ තදට
මෙහේ බෑ හරි සද්ද
රෑ කියා නෑ වෙනස...

වීදි ගානේ යනෙන
නේක වූ මිනිසුන්ට
අනිත් උන් ගැන හොයා
බලන්නට නැහැනෙ ඉඩ...

තම තමන්ගේ ලෝකවල
තනිව හැම පැයම
මුදල් හොයලා නහින
උන් තමයි හැම අතම...

තවත් පැත්තක හොඳට
ගස් අමුතුවෙන් වැවුව
වීදිවල සමහරුන්
ඇවිද යයි උදයේම...

ලොම් පිරුණු බල්ලන්ට
ඇවිදින්න වත් තනිව
ඉඩක් නෑ ඇවිදින්න
එක්ක යනවා උන්ව...

හරි දුක් ගොඩක් පිරුණු
මේ වීදිවල රෑට
ඇග මසත් මුදලකට
විකිණෙනවා හැමදාම...

අපායත් දෙව් ලොවත්
දෙකම මේ එකම බිම
දැකගන්න හැකියි මෙය
නොවෙයි මට උරුම තැන...

මේ වීදි පුරාවට
හිනාවට යටින් තව
කදුළු පැල්ලම් බොහොම
තිබේ නොපෙනෙනා ඉම...

මට හිතයි මොහොතකින්
නිසංසල මගෙ ගමට
පියාඹා වැව් දියෙන්
මේ කිළුටු සෝදන්න...

මට එපා මේ කොළඹ
හැම තැනම කදුළු කැට
මට යන්න තිබේනම්
හීන විසි කර ගමට...

- චතූ

චතුරංගි හර්ශිකා 5 years ago 249 3 3

Nisadas Image

සිතුවිලි

ප්‍රේමය?

මමයි මගෙ හදවතයි
පැතුම් මියගිය හිතයි
වන්දනාවේ ගියා
පෙම් පුරාවත් සොයා...

භාරත බිමේ සොඳුරු
කිරි ගරුඬ මැදුර ළග
මගේ හිත නතර වී
බලා සිටියා එදෙස...

මේ තරම් සුන්දරව
සිහිවටන තනන්නට
සාජහන් මොන තරම්
ආදරෙද දේවියට...

ඒ තරම් ආදරේ
පිරුණ නම් ඒ හිතට
මාළිගේ හදපු උන්
අමු අමුවේ මරාවිද...

තවත් දුර ඉගිලිලා
යමුණාවෙ ඉවුරකට
මමයි මගෙ හදවතයි
ගොඩවුනා මොහොතකට...

රාධාව ක්‍රිෂ්ණාව
ප්‍රේමයේ ලියැවෙන්න
මොනතරම් ආදරේ
සුන්දර ද උන් ගාව...

යමුනා නදී තෙරේ
රාධා වගේ තවත්
සොඳුරු සුන්දර ළදුන්
හිටියා ලු ක්‍රිෂ්ණා ට...

තවත් දුර අපි ගියා
නැවතිලා මොහොතකට
මගේ හිත ආයෙමත්
විමසුවා මගෙන් තව...

රාමාට සීතාට
පුරාවත් ලියැවෙන්න
මොන තරම් ආදරේ
තිබුණා ද ඔවුන් ළග...

රාවණා පැහැරගෙන
ගිය නිසා සීතාව
සැක කලා නම් ඈව
ප්‍රේමයක් තිබුණා ද...

හැම තැනම සොයා ගොස්
හති වැටී ආවමුත්
නොහැකි විය සොයන්නට
සැබෑ ප්‍රේමය තාම...

- චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps