චතුරංගි හර්ශිකා 5 years ago 271 2 2
හැමදාම හැමදේම
දරාගෙන හිනැහෙන්න
කදුළු නැති ඇස් දෙකක්
මට ගෙනැල්ලා දෙන්න
වැටෙන හැම මොහොතකම
මගේ හිත සනසන්න
නොහැකි නම් දෙවියො ඇයි
මාව මැව්වේ ලොවට
මම කියා කෙනෙක් ලොව
නොහිටියා කියා තව
කාටවත් කොහොමවත්
පාඩුවක් නැහැනෙ ලොව
රිදුම් වැලපුම් පිරුණු
කුමට මේ මැවුම මට
මට හිතයි හැර යන්න
ඔබ මැව්ව හැම දේම
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි ගොඩක් ඒත් දුකයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?