චතුරංගි හර්ශිකා 5 years ago 269 2 2
අල්තීනායි ඔබට ලියමි.
අයිලයේ අපි හදපු
අපේ පාසල ඇතුලෙ
මට පෙනුණු සුවද මල
නුඹ වුනා අල්තීනායි...
මගෙ දෙනෙත් අද්දරම
නුඹ පරවුනා දිනෙක
අපි දැකපු දොළ පාර
පවා හැඩුවා දුකට...
නුඹෙ දෙනෙත් පාදන්න
සිප් සතර ගෙන දෙන්න
මා වෙතින් බොහෝ දුර
නුඹ ඈත් කෙරුවාට...
හැම ඉසව්වකදීම
අයිලයේ මද සුළග
සිහිකලා මගේ හිත
සොරා ගත් ඒ නුඹව...
අපේ පොප්ලර් ගාව
මම තැනුව හීන ලොව
බිදී වැටුණත් දිනෙක
ජය ගනින් නුඹ ලොවම...
මගේ ප්‍රේමිය නුඹට
ජීවිතේ දුන් සතුට
හඩන විට මගේ හිත
සනසාවි හැමදාම...
(මම - දුයිෂෙන්)
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ??
චතුරංගි හර්ශිකා 5 years ago Thanqq ?