චතුරංගි හර්ශිකා 5 years ago 332 2 2
රතුපාට අහසකට
ඉර ඇන්දෙ ඇයි මැදක...
ඇයි නොහැකි වලාකුළු
බලන්නට වෙනස් ලෙස...
රතු අහස ගගක් නම්
ගිනිගන්න සුළු නිතර...
වලාකුළු පාලමකි
එතෙර වන්නට තැනුව...
ඉර නොවෙද ගිනිගන්න
රතු ගගක දිය සුළිය...
හෙට හවස මෙහි එන්න
නරඹන්න මේ වෙනස...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Oho ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thanq?