චතුරංගි හර්ශිකා 5 years ago 280 4 1

Nisadas Image

පුදුම වචන

ඔන්න ඉතිං මම
නිසදැසක් ලියාගෙන යනව,
එක දිගට,
වචන ගලාගෙන එනව...

එක පාරටම,
එක වචනයක් මගෙ හිතට එනව,
මගෙ පෑන,
ඒ වචනෙ පිටුවෙ ලියනව...

එතනිං එහාට,
මොනව කරලවත්,
වෙන වචනයක් නං,
ගලපගන්න ම බැරි වෙනව...

ඒ වගේ මාර්ග බාධක,
පුදුම වචන,
හැම කෙනෙක්ටම වගේ,
නිසැකවම මුණ ගැහිල තියෙනව...

- චතූ

Comments (1)

සිතුවිලි පාරමී 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps