චතුරංගි හර්ශිකා 5 years ago 240 3 4
මට අහස විනිවිද ඉගිලෙන්න හැකි නම්...
මට සයුර කිමිදී සැගවෙන්න හැකි නම්...
සොයා යන මග මට රිදුණු තැන් හැරයන්න හැකි නම්...
වැස්ස වී මිහිකත දවාලන ඉර නිවනු හැකි නම්...
ඉමක් නැති මේ විශ්වයේ එක සදක් විය හැකිනම්...
කාලයෙන් පෙර දා තුළට ගොස්
රැදෙන්නට හැකි නම්...
මට මගහැරුණු අය මුණ ගැහෙන තැන රැදෙන්නට ඇත්නම්...
දෛවයේ සරදම් හිනාවෙන් ගැලවෙන්න හැකි නම්...
මට කාලයට පිටුපා ජීවිතේ විදින්නට ඇත්නම්...
මට ළමා ලෝකේ හිතේ නිදහස අරගන්න ඇත්නම්...
මේ සිත් තැවුල් හැරදා ගගනතේ දුර යන්න ඇත්නම්...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago Grateful ?
චතුරංගි හර්ශිකා 5 years ago Thanq?
ශශී❤️? 5 years ago ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago Thanq?