Dila ???? 5 years ago 280 6 11
වැස්සක් උනත් එන්නෙම ඕනේම නැති මොහොතක නාඬා ඉදපන් හදවත ඔහු සුවෙන් උණුසුම්ම තුරුලක !!
Dila ???? 5 years ago 253 5 9
නුඹට නොපෙනෙන කඳුළු බිදුවත් පිට'ත්ලෙන් පොඩිකර දමා.. මහා වැස්සක් වී වැටෙන්නම් නොකී ප්‍රේමෙක දිය වෙලා..
Dila ???? 5 years ago 289 5 9
අහසට එපා වුන දාක ඉතින් නුඹ පැමිණෙන්න.. අහසට බර බොහෝ දේ පොළොව දරා ගත්තා හරි ආදරෙන්..
Dila ???? 5 years ago 274 5 11
පපුවෙ ගැඹුරුම තැනක වැලලූ දඩබ්බර සුසුමකි මිටින් හළ තෙතක් හිත නැති වේදනාවකි විඩාබර ඇස් කෙවෙණි තෙත් කළ අමතකව ගිය පෙම් සුසානෙක දිරාපත් වෙයි ගැහෙන හිත්මල දයාබර පෙම්බර මතක අද හුස්ම අයැදින පෙමකි ඔත්පළ...
Art Pablo 5 years ago 235 5 7
සද හැර ගිය රැයකි මෙය අදුරු වලා වෙලා ගත් අහස් කුස යට නිම්හිම් නැති ප්‍රීතියෙන් වැහි දියර දහරා සිප ගත් සිදී ගිය පොකුන හෙලනා ප්‍රීති සුසුමටයි අදුරු ගුවනෙ ලය උනු වී මිහිකත වැහිකට සිප ගත්තෙ උනුහුමට පෙම්බදිනා මිහිපිට ගලා ආ සීත දිය දහරා සිප ගත්තෙ උනුහුමෙ පහසින් ගිලි මිය යැමට අදිටන් කර ගනිමින නමුදු දිය පහරට අසුව මිහිකත නගනා මරනයෙ විලපෙට උනු උ අහස් කුස නැගුවෙ ගිගුරුම් හඩද???????
කෞශික නිමාදිත් 5 years ago 208 4 5
සතුටින් ඉන්න මිනිසුන්ව නෙවෙයි දුකින් ඉන්න මිනිස්සුන්ව "හිනස්සපන්" දානයක් උනත් වටේ ඉන්න උන්ට නෙවෙයි නැති බැරි එකෙක්ට දීපන්. "කොටින්ම" නැති එකෙක්ට නැති දෙයක් දෙන එක උබේ ආතල් එක කරගනින්. කවදමහරි උබට සතුටු වෙන්න එකම එක හේතුවක් හරි තියෙයි......❤️ කෞශික
Kavinda Sahan 5 years ago 235 3 6
කවිකාර සිත ඇතුලේ රැය පහන් කරන නුබ කනට කොදුරා කියන වදන් වේදෝ සැබෑ.....මතු දිනෙක.. හද ගැස්ම නුබ විතරයි නුබ මාගේ වෙනවාදෝ......
Dila ???? 5 years ago 259 6 12
ඉතිරි කළ මතක මත හෙමි හෙමින් ඇවිදිමි රෝස කටු ඇනෙද්දී ආදරෙන් ඉවසමි ලේ ගලන තැන් වල සුසුම් කැන් අතුරමි සුව දැනෙන තැන් සොයා මුදුව පිරිමැද බලමි හීනෙකින් ඉඳහිට ඇවිත් නුඹ ළඟ රැඳෙමි දැනෙන නොදැනෙන සේ නළල සිඹ නික්මෙමි...
❤sami❤ 5 years ago 232 5 9
"ඔබේ කුළුදුල් පෙම මා හට පුද කරද්දි........ මාත් මගේ කුළුදුල් පෙම හදවතින්ම පුදකලා...... සිතුවේ ජිවිතේ ලස්සන කරයි කියා...... නොසිතූ මොහොතක , මාගේ ජිවිතේ ගිල්ලූවේ දුක් ජාලාවකය....... නුබ මගේ සිත රිදව රිදව සතුටු වෙද්දි........ මේ පුංචි හිතේ ඇති වුනේ නැ රත්තරනේ වෛරයක්.... දිගු නින්දකට යන්න ආසයි එත් ඔබේ ප්‍රාණය ගැන සිතා ඉවසමි........ ටික දවසකට ඉන්න දියන් සැනසිමේ..... ඉන්පසු යන්නම් දිගු නින්දකට ඒ සැනසිමෙන්ම.... එයයි මාගේ අන්තිම බලාපොරොත්තුව ??"
Momad Musharaf 5 years ago 235 4 4
නිවන් මගට ගිය දනු කුමරු හට පතනමි නිවන සැමදා ඔබ හට නුඹේ කිරි කැටි සිනාවෙන් තෙමුනේ මා හද මඩලය නොමැකේ මා මැරෙන තුරාවට උපදින හැම බවයේම ඔබ මගේ පුතු වේවා මතු උපදින ඔබ මාගෙම පුතු වේවා නැවතත් මගේ කුසට පින පල දීලා දනූ අම්මා මගෙ ලෝකය එලි කරා සුරතල් සිනාවන් සැමවිටම පෙන්නා අසරණ කමින් මගේ හදවත දුක් දුන්නා මගෙ මුලු දිවියම ඔබ එළිය කරා තරුනු වියට එළඹුණු සැනින් සහෝදරයන් අසරණ කර ඔබ නිවන් ගියා මල්ලි නැති දුකින් සහෝදරයන් අතරමං උනා ඇයි ඔබ අපිට මෙවන් දුකක් උරුම කරෙ ඔබ නැති දුක අපිට දරාගන්න බෑ චූටි අක්කා සයුරෙන් එහා තනි වෙලා සතර අතේ වැලපෙනවා දරුවෙක් වගේ බලාගත්තේ මෙහෙම තනි කර යන්නද මගෙ මල්ලි ගෙ දෙනෙත් බලාග්න්න අවසන් මොහොතෙත් මට පින නෑ මම කරපු වැරද්ද තවමත් නොතෙරේ ඔබේ තැනට ගැලපෙන කිසිවෙකු ත් නැත දෙමාපියන් වගුරයි උනු කඳුළු පුතේ ඔබ නැති දුකින් මුලු පවුලම වැලපෙනවා සතර අතේ අසරණ දෙමාපියන් තනිකර මෙලෙස පුතේ සැගවී සිටින්නට හිත හදාගත්තේ කෙසේද සුදු මහත්තයෝ පිය මිතුරු සම්බන්ධය කඩවුනෙ කෙසේද පුතේ මගෙම රූපෙන් ඉපදිලා මටත් කලින් ඔබ ගියා හදවතේ දුක හිර කරන් කෙලෙස ද පුතේ සනසන්නෙ පවුලේ සැවොම
Madhusanka Prabhath 5 years ago 235 7 7
කාට නමි කිව හැකිද , මා නුඹට පෙමි නොකල බව, ලබන්නට බැරි තැන අත්හැරියා මිසක , ප්‍රේමය යනු හිමිකර ගැනිමද නොවෙි... අත්හැරිමද ප්‍රේමය වෙයි. හිමිකර ගැනිම තුලින් ප්‍රේමය පලුදු වෙි නමි, අත්හැර වර්ථමානයේ ජිවත් වෙමින් අතිතයට පෙමි බැද සිනා සීමද ප්‍රේමයයි..... මා නොලද...❤
Sewwandi Perera 5 years ago 276 5 9
කිරි කළේටම ගොමෙන් එක් බිදු වැටී කිරි කළ කැත උනී වැටුනු නිරයෙන් ගොඩට එන්නට නිතර නිතරම වෙහෙසුනී පිරුණු පපුවේ පහස පමණී ගැහෙන හැඟුමන් නොම දැනී කිපුණු බඹරුන් මත් ඇතුන් ලග හුඟක් සුසුමන් ගිලිහුනී ගරහනා හුග දෙනෙක් කලිසම් කෝට් ඇදගෙන උනී හවස් යාමේ සරම් ඇදගෙන යහන මතටම ගොඩ වුනී හිනාවෙන්නද එලව ගන්නද අනේ මටනොම වැටහුනී උන්ගේ පව් කඳ මගේ ගත මත ඔහේ දියකර හින හුනී කළත් පව්කම් වැටී නිරයේ ලිදේ උන් මැඩියෙක් වැනි කවුද දන්නේ උහුලනා දුක ගඟට කපනවා වගේ ඉණී රැයක් නොනිදා ලැබුව කාසිය රන් රිදී දිලෙනා මිණී වගේ නොව මට අගේ කියවා ගන්න නොහැකිව ගොළු උනී තෙතක් තැති මේ ලොවේ දනගෙන් නෙළාගෙන පොඩි මල් කෙමී ලෑමේ හද ගිණි මතුව දැව්නා මලක් ඇති බව නිති දැනී බිජුව වැඩෙනා කලදී පස යට සිහින් පතොරම් කොපු ඇනී කෙලෙස මා එය උගුල ගන්නද අන්කුරේ පැළයක් උනී කරපු පව් ගග සෝද ගන්නට මැණිකේ නුඹ සරණක් උනී දනිමී සුරයෙක් ලෙසට නුඹ මගේ දිවිය කරනා බව එලී කවුරු මොන මොන කයි කතන්දර කීවමුත් පහතට නැවී පලක් නෑ මල ගනිමි දෝතට යලි උපන් ලෙස ගෝතමී - සෙව්වන්දි පෙරේරා-
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps