චතු ගුණසේකර ? 5 years ago 369 5 9
දුටිමි නිදහසෙ පාව යන කුරුල්ලෙකු කොහිද ජීවිතය තුල බරක්.... නිදහසෙ තැනු කූඩුවට රැගෙන යයි මීවිත රස බොජුන් කරදර විමසා බලා කරයි සුදුසු දෙය.... නොවෙයි එහි වෙහෙසක් සිතන්නට හැකිද මට කිමැදැයි කියා නිදහස... -චතු-
Naween Perera 5 years ago 247 6 10
රට පුරා ඇවිදින්න ආස මම නුබ එක්ක හීන තිබුනා එමට හදවතම ස්පර්ශ කල ඉඩෝරය පැමින මගෙ සිහින බිදුනු කල ආස නැති වුව මැණික සිදුවුනා තනිවෙන්න පලක් වෙද දෙදනාම දෙපසකට වී තැවුනු එනකල් බලන් ඉන්නෙ දැඩි කරන් හිත නැවුනු ආ විගස මගෙ ලගට යමු තෙල් මල් අරන් උන බාර රටවටේ දෙය්යොත් ඇති මග බලන් කල පව් ඇතොත් ගෙවිලාම යන්නට විගහට පුදකල මගෙ දිවි අයිති දැන් මහා සෑ රදුන්හට කල්ප ගානක විරහව ඇතිය මට විදවන්ට වස්සාන සෘතුව ගෙන එන්න හැමදාටම ඉන්න ~නවියා~
Dila ???? 5 years ago 261 5 11
ඉතින් දැන් දැන් ඉස්සර තරම් කවි ප්‍රේමයට නොලියවෙයි ඔබේ කවියක සැඟව ඈ සිනා සලන විට මගේ කවි හිත ගොළුවෙයි...
...චූටි... 5 years ago 240 9 10
කාලයේ ගිම්හානය හදවතට වස්සානය වී පැමිණි නුඹ මහදේ සොදුරු තත්සර රාවයයි. කියන්නට හරි තේරුමක් නැතත් වසන්තය මට දුන් නුඹ ගැහෙන හදවතේ රිදමයයි. සසල මිනිමත කම්පිත වූ සසරමග මනෙත නිසල කල පුරන බෝසත් නුඹයි ..?
...චූටි... 5 years ago 296 7 10
දහසක් නෙතු යුග බලා සිටිනවා ගිලගන්නට නුඹ නුරා සිතින් සිතුවිලි දහසක් මග අහුරාලා පා යුග බිදලයි කුරිරු ලෙසින් සෙනෙහස් ගගුලක පීනා යන්නට වරමක් ලදහොත් කුරිරු ලොවේ මුවගේ හසරැල් රැළි රළ නංවන යුගයක් ඒවිද උපන් බවේ ??.. නිදහස අගයන ලොවක උපන්නට නැත ඒ නිදහස අගයන්නට ඉඩ ගත සිත ශක්තිය නිබදව ඇති බව පිලිගනු ගැහැණිය වූ පමණින් ලොව.
...චූටි... 5 years ago 272 3 9
සිත් මලට කුසුමක්ව පිපෙන්න. නෙත් විලට කදුලක්ව රැදෙන්න. මුව අගට හසරැල්ලක්ව හිදින්න. ආදරෙ නාමයෙන්.. දුකක් නම් නොදෙන්න..?
...චූටි... 5 years ago 297 4 8
අකුරු සිත්තම් කරනවා රෑ දවාලේ මං උබෙ නමට.. සිහින ගෙත්තම් කරනවා මං තුන් යම නින්දේම.. ගතින් දුරස් වී මේ සිතින් පෙම් කර ගෙවන... උබයි මැණික මට ලැබුනු හොදම ඇරඹුම...❤️
Naween Perera 5 years ago 286 5 10
නොයෙන බව දැනුනාට දසදහස් වාරයක්.. උබයි ජීවිතේ කියා එකවරක් දැනුනාම.. හැමදේම එපාඋන මගේ හිතට මල් වැස්සක් වැස්සා වගේ නැවුම් සුවද තව නැගෙයි එමට රැදිලා උන් සුවදැති මුලු හද පුරාම මතක සුවද ගත පුරාම ඉපිලූ සිනාවම ඉනික්බිති නුබ ගිය හිත වෙලුනු කිඩාරම අදුරුවුව සුවද විය තනිවුනු හදවතම ගතට තනිකම හැකිය මට මකාගන්නට.. හිතට උනු පාලුවනම් බැහැ තවමත් මකන්නට උබෙ සිනාවක් හැබහින් දැක හද සනසවන්නට පින් ඇතිවෙද මගෙ නෙත් දෙක හට. .. ~නවියා~
Tharindu Rukshan 5 years ago 248 3 8
දෛවය නුබනම් හරි පුදුමයි නොලැබෙන පෙමකට පෙම් කෙරුවත් පණ මෙන් පෙම් කල හැකි කුසුමක් ගසට හොරෙන් ගස මත පිපිලා ඇත.... ✍️ රුක්ෂාන්...
Dila ???? 5 years ago 312 6 10
ඔබ හොඳින්දැයි අසා දැනගන්නට රිසි මුත්.. ඉනික්බිති ප්‍රේමය දැල්වෙතැයි බියෙන් ගොළු කර ගනිමි මා හදවත..
Dila ???? 5 years ago 263 5 13
හඬන කඩදාසි මත ඉකිගහන අකුරු ඇත රිදුම් කෙඳිරුම් සහ සියුම් පැසසුම් හාදු හා නෝක්කාඩු ද එකතු කර ගුලි කල හඬන කඩදාසි මත ඉකිගහන අකුරු ඇත නුඹ නමට ලියවුණ නුඹ නමට වෙන්වුණ කියූ නොකියූ කතන්දර කවි සමග !!
Tharindu Rukshan 5 years ago 264 6 15
නිමක් නැති මේ සසර ගමනක නිමක් නැති මහ හීන ගොන්නක අතර මන් වී කදුළු වනයක නොලැබීම උරුමයයි අප හට.... අපට අයිති නැති අපේ රූපය පාට ගා හැඩ කරණ ලස්සන කළු මුහුණ සුදු කරණ විගඩම සුදු කෙසුත් කළු කරයි හනිකට.... බුදුන් දෙසු බණ එදා විලසම අදත් ගැලපෙයි අප සැමෝටම ඇසූවත් අපි නිතර බුදු බණ තවම සසරෙන් එතර වී නැත.... බුදුන් දෙසු මඟ ගියානම් අප කදුළ ලඟ නොව නිවන ලග අද එවන් බුදු මග නොයන නිවටුන් තැවෙයි සිත් සේ සතුට සොයමින.... --රුක්ෂාන්-- අපි හැමෝම මේ ලෝකේ අතර මන්වුණු මිනිස්සු. බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන දේවල් වල විදියට අපි මේ සසරේ මොනවද?හොයන්නේ. හැමදාම අපි කරෙ සතුට කියල අපි ලඟට අපිම දුක ගෙන්න ගන්න එක නේද? ඔයාම හිතන්ඩ ඔයා කෙනෙක් ගැන බලාපොරොත්තුවක් තියාගෙන එයා ගැන හිතින් ඇලිල ඉන්නවා. එයා ගැන හිත හිත ඔයා කොචර දුක් විදිනවද? හිතින් කොච්චර බයෙන් ඉන්නවද එයාව නැති වෙයි කියල. ඒ වගේම එයගෙ වෙනස් වීම් හින්ද කොච්චර අඩල ඇතිද, හිතින් දුක් විඳල එතිද? ටිකක් තිතුවද ඒ අපි සතුට කියල අපි ලගා කර ගත්ත දෙයින් අපි මේ දුක් විදින්නේ කියලා.
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps