❤sami❤ 5 years ago 285 3 5
ආසයි ඔය ගැහෙන පපුවේ සුවද හොයන්නට ආසයි දිලිසෙන දෙනෙත් සමග දොඩමළු වන්නට ආසයි වල ගැහෙන කම්මුල් මත සිනිඳු හාදු තවරන්නට ගැහෙන පපුවේ ඇති සෙනෙහේ තාමත් නුඹගෙ පමණි .......
Dila ???? 5 years ago 290 7 12
"ඔයා ගිහින් එන්න මං ඉන්නම් ආදරෙන් එදා වගේම... කිසිදු අඩුවක් නොකරම.. පුලුවන් මට තනියම ආදරේ කරන්න... දවසක ඔයාගෙ මැණික ඔයාව දාලා ගියොත් යන්නම... මං ඉන්නවා හැමදාමත් මග බලාන හුන් තැනම... ඔයාගෙ ඔය සුවද පපුවටම තුරුළු කරගෙන... මේ වගේ දුකක් නොවී සතුටු කදුලින්ම පිළිගන්න...
Naween Perera 5 years ago 330 7 14
හිත හිත හැමදාම දුක් ගිනි ගොඩක නුබ ඒ හැම සිතුවිල්ලකම ඇතුලට රිංගන් කරන සෙල්ලම පීවිතෙ එක්ක ඇති වෙලාම යන්න හැදුවාම කොහෙන් හරි හේතුවක් තිබ්බා දරාගෙන ජීවත් වෙන්න මහ පවක් නොවුනා නම් ගිහින් මං මහ හුගක් කල් කොරෝනා උබවත් ඇවිත් වෙන උන් නොගෙන අතහැරල දැන්වත් අරන් පලයන් මාව ~නවියා~
...චූටි... 5 years ago 258 6 6
හුගක් කල් මං බලන් ඉන්නැති හුගක් දේවල් දරාගන්නැති දුකම විතරක් ඉතිරි වෙන්නැති ඉතින් හිතටත් ඇති හිතෙන්නැති නුඹෙ ලග මම දුක කියන්නැති බැරිම තැන ඉකි බිද හඩන්නැති ඒත් නොසැලී උන්නු නුඹ දැක මමත් මගෙ හිත හදාගන්නැති ප්‍රේමයත් හීනයක් වාගෙයි යලිත් කිසි දවසක දකින් නැති ඉතින් යන්නට දෙන්න අවසර වින්ද දුක් දැන් හොදටෝම ඇති නුඹට මා මතකයක් වේවා.. කිසිම දවසක හිත රිදෙන්නැති මටත් නුඹ මතකයක් වේවා.. සසරේ ආයෙත් මුණ ගැහෙන්නැති.!
...චූටි... 5 years ago 260 4 4
වැරැදි බව දැන දැනත් සිත නුඹට පෙම් කලා.. නුඹෙ හඩ අහන්නට සිත මෙමට බල කලා.. දකින්නට නුඹේ රුව නෙත් මඩළ ප්‍රිය කලා.. ඒත් නුඹ හැමදාම මගේ හිත පෑරුවා.. ?
Deesha(දීෂා)❤️ 5 years ago 378 6 10
වසන්තය දින බැඳුණු අතැඟිලි තවම වෙන් වී නැහැ අපේ දහස් වර හිනැහුණු දෙනෙත් නම් කඳුළකින් බොඳවේ දරාගන්නට නොහැක මට අද වේදනා ඉහිරේ රුධිර ගඟ මැද දිවිය අයදින සටන හෙට නිම වේ........ දෑත් අල්ලා තැබූ හාදුව නිදන් කර පපුවේ මා මියැදුනත් නුඹ රකීවී මා දුන්නු සෙනෙහේ පස්වසක් තුළ විඳපු ප්‍රේමය රැඳුණි හද පතුලේ මගෙ මැණික නුඹ දිවි ගෙවනු මැන සිනාසී පෙර සේ..........
Naween Perera 5 years ago 273 5 7
හිතුවාට පොඩි කමට කවට වදනක් ලෙසට කවදාක හරි හිතුවාද අරුත මේ පද පෙලේ... කම් කම් කියා ඇමතුවේ උබ අපේ මුතුන් මිත්තන්ට... පරයින්ට ගැති කමින් නිවට නියාලුව පෙන්වමින් හිටි උන්ට පරයන්ම ඇමතුවේ බූරුවන් නමින් සි සිංඤ්ඤෝරු ලෙස එහෙයි මහතැන් ලෙසින් පිලිතුරු දුන් නිවටයින් උන් කියන කියන දේ පිටකොන්ද නැති ලෙසින් ඉටුකලේ පරයින්ට වැද වැදන්... එදා උන් නිවටයින් ගැන හැදුනුවේ මහත් පිලිකුලෙන් එහෙයින්ම එ පද පෙලම කවට සෙල්ලමක් ලෙසට සිහල සමාජය තුලම පොඩි උන් අතරට ගියා.. ~නවියා~
Deesha(දීෂා)❤️ 5 years ago 349 5 6
කඳුලකට සිනා දුන් පිණි මලට ලංවෙලා නුඹ හිඳී මා ළඟින් හැමදාම නැවතිලා නිවස මත පාළුවක් නොදැනෙන්න ඉඩ තබා මගේ සෙනෙහස විඳින සුරතලා නුඹ තමා......... බැමි බැඳුණු සිර කුටියෙ අපි තවම තනිවෙලා හැකිදාක පැන දුවමු වැට කඩොළු සැම කඩා පාසැලෙන් පන්තියෙන් පැමිණෙනා තුරු බලා නුඹ සිටියා හැමදාම මගේ රුව සිත් මවා........... පාළු මගෙ දිවියටම සෙනෙහෙ නුඹ එක් කළා නොකීවත් කාරයේ මුල් අසුන නුඹෙ වෙලා අමනාප කම් නොමැත අපි අතර ඇතිවෙලා සෙනෙහසට මා ඉඩක් නුඹ නමින් වෙන්කලා.........
Bhagii 5 years ago 230 5 5
පෙමක් ඇත, එහි පිච්චෙන දුකක් ඇත.... දුකක් ඇත, එහි සැගවුන කදුලු ඇත.... කදුලු ඇත, එහි මාගේ සුසුම් ඇත.... සුසුම් ඇත, එහි අපගේ මතක ඇත... මම, භාගී?
චතුරංගි හර්ශිකා 5 years ago 255 5 7
_________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________ ශිව පාර්වතී ප්‍රතිමා ඉස්සරහා ආදරෙන් දුන්නු පොරොන්දු බොඳ වෙලා... පිච්ච මල් ලස්සනට අමුණලා හිස සරසාපු මල් මාල පරවෙලා... නුඹ නමින් නලලත තිලක තියා මතකද මෙහෙන්දි රටා දෑත් රත් පැහැ කළා... පැතු සිහින සක්වලම කොතැනදෝ තනි වෙලා අපෙ වෙන්න උන්නු අපි නොදැනීම වෙන්වෙලා... මම, චතූ _________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________
Naween Perera 5 years ago 358 5 9
සද සිටියාද නැතිවද නොදැනුන හැම රෑකම නුබ මං ලග උන්න නුබ ගියදා පටන් සද හා මා තනිවුන අමාවක දාට සදවත් ලග නැතිවුන තනිකම පමණක් තනියට ලග උන්න කලුවර හිත පුරාම පැතිරී තිබුන පෑරුණ හිත ඉවසාගෙන ඉන්න හිතට සැනසුම මදකට වත් එන්න අමාවකට වත් හීනෙන් එන්න ~නවියා~
Naween Perera 5 years ago 272 5 7
ගියෙමි උඩුගං බලා පැවති බමුණු මතවල බැට කමින් පැතිමි චිරතිතිය සසුන තුල මගෙ ගෝතම බෝසතුන් තුන් සිතම රට දැය කෙරෙහි මිස නැත සිහිනෙකිදු දැය වනසමින් හැකි උපරිමය දුන් මගෙ සිත ගත වෙහෙසමින් දැන් ඇතිය සිතුනත් දහස් වර හැමදේම මං ඉවසමින් පැතුවේම වසනා මොහොතක්ම රකින රට දැය තුටින් දැන් ඇතිය මට අවසනක මගෙ යුතුකමක ගතපසු දැයෙන් සනිටුහන් කල මැනවි මගේ අවසන ගරු ලැබූවකු ලෙස දැයෙන් ~නවියා~
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps