නදී ..✍???? 5 years ago 316 4 8
මතකයන් එක්කරන් ගෙවුනු පාසල් ජීවිතය මගේ අම්ම වගේම හදවතට දැනුන තවත් හදවතක් තිබුන..❤️ ඒ හදවත ඇතුලේ දයාව සෙනෙහස උතුරන තරම් මම මගේ අම්මට තරම්ම ගරු කරන මගේ ආදරණීය කුසුම් ගුරුතුමිය.. මාව යටකරන්න ආව ගොඩක් බාධක වලදි මා එක්කම හිටිය මගේ හදවතට දැනුන හොදම ගුරුතුමිය.. ඒත් එක මූසල දවසක් කාගෙන්දෝ මන්ද දුරකතන ඇමතුමක් ඇවිත් කිව්ව දෙයක්? මම බෝඩිමේ ඇද උඩ ඇදගෙන වැටුන.. "කුසුම් මිස් නැතිවෙලා" අනේ...? මගේ ආදරණීය ගුරුතුමිය.. ඇයි දෙයියනේ මෙහෙම වුනේ? මොනතරම් නපුරු මිනිස්සු තාමත් ඉන්නවා ඒත් ඇයි මගේ ගුරුතුමියට මෙහම වුනේ... මම හඩ නගා හැඩුව ඉකිගසා හැඩුව දෑස් පියාගෙන සිප්හලේ ගුරුතුමිය සමග අතීතෙටම ගියා..? ජීවිතේ කියන්නෙ මෙහෙම තමයි දුව පරිස්සමින් ඉන්න ඉදිරියටම යන්න. හීනෙන් වගේ කියනව ඇහුනා මම දෑස් දල්වා බැලුව මගේ ආදරණීය ගුරුතුමී මගේ ඉස්සරහ? මම ගොළු වෙලා කතා කරගන්න බැරිවුනා. මම ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා... මගේ ආදරණීය ගුරුතුමී... නෑ කවුරුත් ම නෑ මගේ ඉස්සරහ මගේ ගුරුතුමිය ඉන්නෙ මගේ ළගමයි මගේ හිත ඇතුලෙමයි..? නදී..✍️
Naween Perera 5 years ago 274 6 7
හරි හදිස්සියට මුණගැසුනු හිතට හිතන්නවත් කල් නැතිවුනු ඒත් හිත අරන් සැගවුනු මොනවා උනාදැයි නොහැගුනු හැගුමක් හිතේ තදවුනු බලා හිදිනු හැර නොවුනු නොඑනු දැනුනාද සැනසුනු මතක වලම හිත පිරවුනු වෙයි හිතක් හැමදාම තනිවුනු ~නවියා~
Naween Perera 5 years ago 485 5 6
නැතිම දේ හැම වෙලේම ඕනාවට වඩා ඕනා උනාම දැනෙන දේ කියන්න සවනක් නැති උනාම හිතට එන්නෙම හැම වෙලාවෙම තද කරගන්න ඇගිලිතුඩ සිදුරක් හිසේ ඇතිවෙන්න පුදුමෙකට වගෙ එවෙලාවටම නැතිම දේ ඇවිදින් බලන් ඉන්න ඉවසීම ඇත්තෙ අගිස්සට... ~නවියා~
...චූටි... 5 years ago 279 5 5
සදක ලස්සන වලාසලු මැද මෝදු වී හිනැහෙන විටයි. මලක ලස්සන තුරු මුදුන් මත පිපී බඹරුන් එන විටයි. රළක ලස්සන නංවමින් පෙණ ගිරිකුලක වැතිරෙන විටයි. සිතක ලස්සන පිවිතුරුව පෙම් කවක් මුමුණන විටයි.. තරුව ලස්සන සරාසද ළග නිශා අදුරෙහි දිලෙන විටයි. විලක ලස්සන පපී සියපත් දසත සිගන්ධය පිරුණු විටයි. නෙතක ලස්සන කදුලු පිසදා සිනා මල් ඉහිරෙන විටයි. නුඹත් ලස්සන නෙත් කොනින් මා දෙස බලා හිනහෙන විටයි ....??
...චූටි... 5 years ago 278 5 6
හන්තානම දිගු සුසුමක් හෙලමින් මදෙස හොරෙන් බැලුවා. මගෙ කදුලින් පිරි මහවැලි කුමරිය දෙගොඩතලා හැඩුවා. මල් ලිය කම් තුරුලිය ගොමු අතරින් මතකය ඉකි බින්දා. රහසක් කොදුරන සීතල සුලගේ ඔහුගෙ සුවද දැනුණා. සෙවණැලි පාවෙන මහවැලි ඉවුරේ පිය සටහන් මැකුනා. සසර පුරුද්දට හමුවී වෙන්වී නෙතේ කදුලු පිරුනා. සරසවි මිදුලෙ එකම ගසක ඔහු මලක් වෙලා පිපුණා .....??
...චූටි... 5 years ago 282 4 7
දෙපාමුල මගෙ තබා විශ්වය සගවගන පපුතුරේ මගෙ හිස ඔයා මට දුන් ජීවිතේ කෝ.. අතරමග අත හැරුනි ඔය අත බිදී ගිය පෙම් හීන විතරක් වුණත් මගෙ තනිනොතනියට අද හිතේ සොදුරුම තැනක තවමත් තිබේ නුඹටම වෙන්වෙලා ඉඩ ... ගියපු වග නෑවිදින් ඉන්නම දැනුණු මුදු නොදැණුනා සේ මම අමාවක කලුවරේ පුන් සද සොයා වෙහෙසුනි බොලද පෙම් සිත ඵලක් නැ ලෝකයම පාමුල ඇතත් නුඹ මගෙ ලගින් නැති සද රිදෙන තුරු ඇස් බලමි මම මග ඔයා විතරයි මගේ සැනසුම......?
Naween Perera 5 years ago 277 4 13
හිතුවාම නවාතැනක ලැගුම් ගන්න ලැබුනේ නුබේ තානායමේ ඉන්න වත්කම නැති උනාම එහි ඉන්න මට උනේම පස්සෙ දොරෙන් යන්න තව එකෙකුට දොරගුලු ලාගන්න පෙර මට ඇති අඩුව පවසන්න. දැන කල වරදක් නොවෙයි නම් වරද ඇත්තේ කොතනකද මොන ගුණ නැති උනාවත්දැයි කවදාක සදහටම නවතින්නදැයි තව හිතනවා මම නිදි නැතිව ~නවියා~
ශශී❤️? 5 years ago 425 6 10
සිය දහසක් මල් පිපෙන්න මගෙ සිත් විල හැඩ කරන්න පෙම් වරුෂා වස්සවන්න සත් සමුදුර ගොඩ ගලන්න... නෙක නෙක සිත්තම් අදින්න හද උයනට පාට දෙන්න සිහින පැතුම් ඵල දරන්න නුබ නිති මගෙ ලග රැදෙන්න... සද පිරුවට කවි ලියන්න හැම රෑකම ලග හිදින්න සිහිනෙන්වත් එපා ඔන්න මගේ ලගින් දුරස් වෙන්න තරු ලියකම් සිත මවන්න නුහුරු හැගුම් කලඹවන්න දිවිය තුරා පෙම් කරන්න මගෙ පණ මගෙ ලගින් ඉන්න... ශශී
චතුරංගි හර්ශිකා 5 years ago 311 5 10
⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟─⃟⃟─⃟⃟ නොකී කතා බොහොමයි හිත ඇතුළෙ තව හදාගත්ත හිත පාරනු නොහැක මට ඒ හින්දමයි නිහඩව ඉන්නේ මෙහෙම නැත්නම් කියන්නට දේ අහසක් උසට... නොදැක නොදොඩා උන් කාලය පුරාවට නුඹව සිහි වුණා නිතරම මගෙ හිතට වරක් දෙකක් අමතන්නට හිතුණාට අවසන් වූ කතාවක තව දෙබස් නැත... හිතයි දවසකදි ඔය නුඹ දකින්නට නමුත් හිත ගොළුයි වදනක් කියන්නට නොකියම වෙන් වුණේ කොහොමද කියා නුඹ ආසයි එක් වරක් විමසා සිටින්නට... මම, චතූ ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟ ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟⃟─⃟─⃟⃟─⃟⃟
චතුරංගි හර්ශිකා 5 years ago 229 4 5
අමාවකට ගන කරුවල අහස යට මට හරි පාළුවක් දැනෙනවා හැමදාම පුර පෝ දිනක් අහලකවත් නැහැ තාම ආයෙත් සඳ වඩින්නේ නැහැ නුඹ ගැබට... මම, චතූ
Sewwandi Perera 5 years ago 315 6 4
අඩ සඳ නලලේ දිලුනත් හැඩටම පොට්ටූ ගන්නට සිතුනේ නුඹවයි ලගටම කිට්ටූ මොන මොන අඩවු අල්ලලා දැම්මත් වෙට්ටූ මායිම් නොකලේ ඇයි මැණිකේ මා තුට්ටූ සුදුමල් දමින් හිස සරසන හැඩකාරී ඉග සුග මිටින් ගත හැකි මට රූනාරී මොන මොන කුලේ හැදුනත් නෑනොවැ කාරී දවසක වෙයන් මැණිකේ මා හට බාරී යනවිට ගමන් නෙත් සගලම බිම රන්දා තාලේට තියන අඩියට සලබෙම සද්දා දිගු නිල් කලබ නුඹේ උකුලේ නිති වද්දා දිගු ලැසි ගමන හිත අරගයි මගෙ ලන්දා පලදා නිතර මාලය ගෙල වට බැබලූ හැඩ ඇත නුබේ දෑතට රන් වන් වළලූ සුදු කළු අතර පැහයකි ලස්සන තලෙලූ පුර පස දිනේ පායන නුඹ මගෙ සඳලූ - සෙව්වන්ඩි පෙරෙර-
Dila ???? 5 years ago 258 6 10
ඔබ යා යුතුව තිබුනා. රෑ කුමාරී මල් පිපෙන්නට කලින් රැය ඉරාගෙන සඳ එඹෙන්නට කලින් ඔබ යා යුතුව තිබුනා බිඳෙන් බිඳ ඉර අවර යන කොට බිඳුනු ප්‍රේමය අත දරාගෙන මම කළුවරට අත වැනුවා නුඹ ක්ෂිතිජයේ නැවතී සඳක් ගැන සිහිනයක කල් මැරුවා පැරණි අහසක පරණ හඳටම අලුත් එළියක් කියා රැවටුන පර මලක් යළි පිපුනා යලිත් හෙට උදයේ හෙළන්නට අලුත් කඳුලක් එකතු වී තිබුනා _ඩිල ??
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps