...චූටි... 5 years ago 280 5 5
සදක ලස්සන වලාසලු මැද මෝදු වී හිනැහෙන විටයි.
මලක ලස්සන තුරු මුදුන් මත පිපී බඹරුන් එන විටයි.
රළක ලස්සන නංවමින් පෙණ ගිරිකුලක වැතිරෙන විටයි.
සිතක ලස්සන පිවිතුරුව පෙම් කවක් මුමුණන විටයි..
තරුව ලස්සන සරාසද ළග නිශා අදුරෙහි දිලෙන විටයි.
විලක ලස්සන පපී සියපත් දසත සිගන්ධය පිරුණු විටයි.
නෙතක ලස්සන කදුලු පිසදා සිනා මල් ඉහිරෙන විටයි.
නුඹත් ලස්සන නෙත් කොනින් මා දෙස බලා හිනහෙන විටයි ....??
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි.❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤
නදී ..✍???? 5 years ago ලස්සනයි ☺️❤️❤️
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි චූටි ❤
...චූටි... 5 years ago තෑන්ක්ස් අක්කියො ඔයාලා හැමෝටම ?❤️