1,804 Total Nisadas Found





ශශී❤️? 5 years ago 400 5 8

Nisadas Image

සිරකර ගතිමි තොන්ඩුව මගෙ ගෙල මුලට...

සන්සාරයේ හුරු සුවදක සිත රන්දා
ලන් වුනෙ අපිට අපි නැතුවම බැරි හන්දා
නෙක නෙක පැතුම් සිත වටකර වැට බන්දා
හද පානේම ආවේ මම නුබ කැන්දා

සිවුවස් පෙමක අවසන අපි අපෙ වූදා
හැඩුවා නුබත් රහසෙම පෙම දෝරෙ ගලා
සිහිනෙන් වුවත් සැනසුනෙ නුබ තුරුලු වෙලා
කොහොමද මැනික මම යන්නේ නුබව දමා

එන විට දිනක් හදිසියෙ මම නිවස වෙත
දුටු දසුනින්ම නෙත් බොද වුනි එක පෙලට
පව් කර ඇතිද මම කොපමණ සසර මග
සොහොයුරු සමග නුබ සිටියා යහන මත

දුටු බව නුබේ හොර රැගුමන් නිවස තුල
නුබ නෑ අදත් තව දන්නේ මගෙ මැනික
මගෙ මුලු ලයම සත් කඩකට පැලුනු වග
පවසමි කොහොම නවතාගෙන කදුලු කැට

තරහක් නොවේ කවදාවත් නුබ එක්ක
මදි වෙන්නැතී මගෙ ආදරේ කල් යත්ම
වාවන් ඉන්න මට බෑ දුක හිත එක්ක
නොපතමි ඇසුර නුබෙ ආයෙත් කිසි බවෙක

මොහොතක් අපේ ප්‍රේමය සිහි කරන සද
රසමුසු බොහෝ තැන් තිබුනා මතක මැද
අවසන් වරට මැවුනේ නුබ මුව මඩල
සිරකර ගතිමි තොණ්ඩුව මගෙ ගෙල මුලට

ශශී

චතුරංගි හර්ශිකා 5 years ago 340 4 6

Nisadas Image

නුඹට,

නව වසරට තව බොහෝ කාලයක් ඉතිරිව නැත. ගෙවුණු අවුරුදු දා මතක තවමත් මා අසල රැඳී ඇත.

මෙදා නව වසරේදීත් එක් වරක් නුඹට ඇවිත් යන්න හැකි නම්...
නුඹ නේන බක් මහට කොවුලන් හඩාවිද...?
නුඹ නේන බක් මහට මල් පිපේවිද...?

✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖ۬


වසත් ගී ඇසෙන කල
මුතු පින්න මැකෙන කල
සිතත් පාවී යාවි
අතීතේ බොහෝ දුර...

නෙතක් නිදි නොම ගන්න
අහස් ගව්වට එපිට
සිතුම් සිතුවිලි රැසක්
සිත පුරා ලතැවේ ය...

දුරක් ඈතට ගිහින්
අතීතේ දවසකදි
අලුත් වසරක අසිරි
වින්ද යුරු සිහිවේ ය...

මෙදා නව වසරෙදිත්
එදා වාගෙම යළිත්
ඇවිත් යන්නට නුඹට
හිතක් නැති වී යයිද...

මම,
චතූ







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps