Naween Perera 5 years ago 274 5 7
හිතුවාට පොඩි කමට
කවට වදනක් ලෙසට
කවදාක හරි හිතුවාද
අරුත මේ පද පෙලේ...
කම් කම් කියා ඇමතුවේ
උබ අපේ මුතුන් මිත්තන්‍ට...
පරයින්ට ගැති කමින්
නිවට නියාලුව පෙන්වමින්
හිටි උන්ට පරයන්ම
ඇමතුවේ බූරුවන් නමින්
සි සිංඤ්ඤෝරු ලෙස
එහෙයි මහතැන් ලෙසින්
පිලිතුරු දුන් නිවටයින්
උන් කියන කියන දේ
පිටකොන්ද නැති ලෙසින්
ඉටුකලේ පරයින්ට වැද වැදන්...
එදා උන් නිවටයින් ගැන
හැදුනුවේ මහත් පිලිකුලෙන්
එහෙයින්ම එ පද පෙලම
කවට සෙල්ලමක් ලෙසට
සිහල සමාජය තුලම
පොඩි උන් අතරට ගියා..
~නවියා~
Deesha(දීෂා)❤️ 5 years ago නොදන්න දෙයක් ? අර්ථවත් නිසදැසක් ?
චතුරංගි හර්ශිකා 5 years ago Oho!! අර්ථවත් ❤
Naween Perera 5 years ago ස්තුතියි දීෂා , චතූ ❤️
නදී ..✍???? 5 years ago අර්ථවත් නිසදැසක්☺️
Naween Perera 5 years ago ස්තුතියි නදී ?
ශශී❤️? 5 years ago ලස්සනයි අයියා.❤️
Naween Perera 5 years ago ස්තුතියි ශශී ❤️