1,804 Total Nisadas Found





ශශී❤️? 5 years ago 351 5 10

Nisadas Image

ආදර දෝණි..

රෝස කැකුලක් වගේ හිනැහුන
මගෙ පුන්චි දූ මගේ පන ටික
නැතිවෙද්දි උබෙ අම්මා උබ හට
යන්තමින් සත් මසයි වයසට..
ලොකු වෙද්දි උබ හෙමින් ටික ටික
වියදමත් හරි සැරයිනේ මට
අම්මා නැති අවිහින්සකම දෝණිට
නොවේ අඩුවක් කලේ නම් මම...
කවුරුවත් නැති උබේ තනියට
හිටියෙ මම විතරයිනේ උබ ලග
ගෙට වෙච්ච දා නොවේ අමතක
නෑව්වෙත් උබ මමනෙ හිස සිඹ...
නිතඹ පහලට ඇදුනු කොන්ඩෙට
ගමේ කොල්ලන් වැටුනෙ වසගෙට
සදක් වන් පිරි උබේ මුහුනට
සෙවල හැලුවේ ගමේ උන් ටික...
යද්දි මග තොට ගමේ කොල්ලන්
කරද්දි විහිලුවක් උබ හට
උබෙ තාත්තා උබේ ලග හිද
කෙරුවෙ පරිස්සම් ඇහැක් වාගෙම...
එදා මූසල වැස්ස දවසක
ආවෙ මම හනි හනික ගෙදරට
අනේ උබෙ රුව දකින්නට නෑ
දිව්වේ මම වැස්සේම පාරට...
සෙව්වමුත් හැම තැනම දෝණිව
නොවේ හමු උනෙ මගේ කරුමෙට
කැලෑ රොද ලග මූකලානක
අනේ උබ හිටියා වැටීගෙන...
බලද්දි මම ලන්ව එතනට
අනේ උබ යන්නම ගිහින් නොවැ
අසික්කිත තිරිසනුන් රැලකට
අනේ උබ ගොදුරක් වෙලා පණ...
උබ දන්නවද මගේ දෝණි
සත්කඩට පැලුනානෙ හදවත
උබ නැතිව මම ඉන්නෙ කොහොමද
පාලු පැලේ පහනක් නොමැතිව...
ඉතින් ගත්තේ ලනුව අතටම
බැන්දේ ගහ උඩ මුදුන් අත්තක
උබේ සිනහව සිහි කරන් මම
ගැටය දැම්මා ගෙලේ මුලටම...

...ශශී...







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps