Vosandi Dissanayake 5 years ago 206 6 7
"පන්සලයි අප දෙදෙන ආදරෙන් ළං කළේ
බෝ මළුව විතරමයි සැනසුමක් එක් කළේ
ගමේ සිටි රතු නෙළුම නුඹයි මට පෙම් කළේ
මා පියන් පැන ඇවිත් අප අපෙන් වෙන් කළේ
ගෙවී ගිය කාලයේ බොහෝ දේ සිදු වුණා
බෝ මළුවෙ සැමදාම මල් පහන් දැල්වුණා
අතරමග හමුවුනත් සිනහවෙන් වෙන් වුණා
හැමදාම හද කොනක නුඹ ඇවිත් මතු වුණා
ආදරය සැපතක්ය සැම ඇවිත් කියූවත්
ඒ මතය දුක් කදුළු සැම ඇත්තෙ සිතූවත්
මව්පියන්ගේ බසට කීකරුව සිටීයත්
නුඹට මම පෙම් කරමි අප අපේ නොවූවත්......"
❤sami❤ 5 years ago ලස්සනයි ?
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
Nethu 5 years ago Lassani✨
නදී ..✍???? 5 years ago ලස්සනයි ?❤️
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤
Vosandi Dissanayake 5 years ago Thank you