Art Pablo 5 years ago 276 3 6
අදුරු අහස් කුස මැද තරු කැට යට නුබෙ දැසේ තුරුලු වෙන්නට සාවිය හැර ගිය චන්ද්රමන්ඩලය අමාවක අදුරෙ නොයනු මැන තාරකවියෙ
නදී ..✍???? 5 years ago 317 5 15
වෙල් යායේ එගොඩ ගොඩේ සපු ගස මුදුනේ කෝටු කෑලි පරඩැල් යහමින් ගොතමින්නේ පැතුමන් ගොන්නක් පොදිබැද සෙනෙහෙ කැදැල්ලේ රැක්කා නිල් මැනිකක් සේ පුංචි බිත්තරේ ලැබුනු මගේ උනුහුම යට වහන් වෙලා දුටුවා මම මගේ පැටිය මෙලොව බිහිවෙලා උතුරා යන මහගු සෙනේ දෝරෙ ගලාලා පියතුමා සමගින් මගේ තුටුකැන් ලියලලා මගේ පුතුනි නුඹ ඉපදුණු ඒ උදෑසනේ මමත් පියත් ගියා එදා කෑම සොයමිනේ රැක සිටි මහ නපුරු පූස දුටුව අප අනේ පැන්න ගමන් අල්ලගත්ත පියා පුතෙ නුබේ නෙතට ආපු කදුලු බිංදු හිතෙහි හිරකරන් රැක්කා මහමෙරක් උසට නුඹව පණ ලෙසින් මසක් පුරා කවා පොවා උස් මහත් කරන් පියඹවන්න සිතුවා නුඹ හෙට උදෑසනින් ආව අදත් කෑම සොයා හැමදාම වගේ දුටුවා පොඩි පණු පැටියෙක් තාර පාරෙදී නුබ කැමතිම ආහාරය එයම පමනකී මතක් වෙලා මට එතකොට සිනහ ඉනුවනේ ඒත් පුතුනි එන්නට බැහැ මට සමා වෙයන් හිතක් නොමැති වාහනයක් මාව යට කරන් මතක් වුනේ නුඹ පමනකි මාගෙ රත්තරන් අදින් පසුව බාරකරමි දෙවියන්හට මගේ රන් පුතුන් නදී ..✍️
Vosandi Dissanayake 5 years ago 250 5 5
සීත වැහි බිදු වැටෙන සමයේ සුසුම් පොද යයි පාව අහසේ මටම නොපෙනෙන රූපෙ නුඹගේ හදවතින් ඇද ගන්නේ කෙලෙසේ නොහිමි මගෙ නෙත යුග වෙතට ජීවය දෙන්නට පැමිණි ඒ මනරම් ළද කවද දැකුමට හැකිවෙද දැනුනි මට නුඹෙ හදවත නොපෙනුනත් මගෙ නෙත් යුග කවද හෝ මතු දිනයෙක දකිමි ලෝකය මේ මම දකින රූපය නුඹගෙ වේවා ඇසෙන කටහඩ ඔබගෙ වේවා පළමු පෙම මගෙ ඔබගෙ වේවා සදාකල් ඔබ මගෙම වේවා
Vosandi Dissanayake 5 years ago 337 3 3
සද කිරණ යට පිපුණු සේපාලිකා මල් පොකුර රෑ අහසේ කෙළවරට සුවද පතුරයි දසත ගතට පොඩි රතු ගවුම ඇදගෙන හිසට සුදු තොප්පිය පැළදගෙන තාලයට පය තිය තියා නැලවෙන සේපාලිකා මල ඔබයි හිනැහෙන පාට යුවලක් එකට කැටිවුන මලක් වේ ඔබ සේපාලිකා සුවද විහිදන පාට විසිරෙන මගේ සිත ගත් බාලිකා
Vosandi Dissanayake 5 years ago 272 3 3
ජීවිතයයි ඔබ මගේ ජීවන ගමනේ රුකුලයි ඔබ , මුල් ගුරුතුමියයි ඔබ, දරා ගැනීමේ අවියයි ඔබ, සෙනෙහසේ නෞකාවයි ඔබ, සාගරය බදු දැනුම් උල්පතයි විටෙක දැඩි , විටෙක මෘදු ඔබ ප්රියජනකයි සංසාරයේ මගේ පැතුමයි ඔබ.
Vosandi Dissanayake 5 years ago 273 2 3
ආදරය කලාවකි අව්යාජයය හුදෙක්ම සොදුරු ජීවිතයෙහි නොනිමි නවාතැන්පලකි සොදුරු මනුෂ්යත්වයෙහි සංකේතයකි අදුර එළිය කරනා පහන් සිලකි නමුත් විටෙක කර්කෂ ජීවිතයෙහි සමාරම්භය වේ.
Vosandi Dissanayake 5 years ago 252 2 2
නොනිමි පැතුමන් තිබෙන්නට ඇති පයට පෑගී තිබෙන්නට ඇති වැටෙන්නට ඇති වැටි වැටි නැගිටින්නට ඇති ගසක් යට පරවෙන්නට ඇති පොළොවෙ මිහිදන් වෙන්නට ඇති
Vosandi Dissanayake 5 years ago 249 3 4
හිමිදිරි අරුණැල්ලෙන් විකසිත කුසුමක් සේ හීන විමානෙන් බැස පලයන් නැගණියේ...... අමාවකදාට අහස් ගැබේ ආලෝකෙන් මනමත් කරනා පුන් සදක් වෙයන් ලස්සන නැගණියේ...... පාට සරුංගල් අහස පුරා පාවෙයි නෙක නෙක රැගුම් පපා නොබලන් ඒ දෙස හැරී ඉතිං නැගණියේ...... මිනිසුන් ඇත මේ ලෝකෙ පුරා නෙක නෙක මායම් පෙන්නමිනා නොරැවටී ජීවිතය දිනන් නැගණියේ...... මා පියන්ට කීකරු වීලා ගුණ දහමින් පිරිපුන් වීලා සත්යට හිස නමන් නැගණියේ......
Vosandi Dissanayake 5 years ago 269 3 2
ඇහැල මල් විසිරුනු පොළොව මත තිබෙන බංකුවෙ ඉදන් හෙමිහිට තැනුව මතකද අපේ කූඩුව ලොවේ කොහෙවත් නොමැති විලසට බංකුවේ අප ඉදන් සවසට බැලුව මතකද හන්තානයේ සද ගිගිරි යුවලක් පය නොලාගෙන නැටුව මතකද සද කිරණ යට බංකුවේ අප ඉදන් හැමවිට පාට තේරුව අපේ නිවසට නමුත් තේරුව පාට නෑ අද අනේ ඇයි දැයි කියාපන් මට
Vosandi Dissanayake 5 years ago 261 3 2
පුංචි තැටියක තියාගෙන මම ගෙපිල තැබුවා ඔබට මතකද ගවුම් පොඩ්ඩක් අන්දවා මම ඔබේ හැඩ වැඩ බැලුවා සැමදින දිගැති කොණ්ඩය හැඩට ගොතලා කොණ්ඩ කට්ටක් ගැසුව මතකද පාට පාටින් රෙදි ගෙනත් මම ගවුම් මැසුවා ඔබට දෙන්නට ඔබේ මුහුණට පුයර දමලා පාට තෝඩුත් දැම්මා මතකද නමුත් අද මට යන්න වීලා දුරු රටක් වෙත ඔබව තනිකර
Vosandi Dissanayake 5 years ago 279 3 3
බොහෝ සුවදැති නේක පැහැ ඇති නෙත් පුරා මන බදියි මල් පෙති රේණු පිරෙනා ලොලය වඩනා කෑදරය බඹරුන් නේක රූ ඇති කාලෙකට එක් වරක් පිපෙනා පාට සුවදද දෙකම සැගවුණු ගුණ දහම් පිරි වතින් විකසිත වේය සැමදා ලොවට නොකියා මන බදියි රතු රෝස මල් විසිකරයි ගදපාන මල් එක් කරයි සැමට ඔවදන් වැඩි කරයි ඔබේ ගුණ දම්
නැගී එන කළු වළාවන්ට ඉඩදීලා පසුපසට වීලා නොයිද ඔබ ගල් ගැසී ඉදින් සිහ රජෙකු විලසින් පාවඑන කළු වලාවන් අල්ලගන්නට සිතුලෙසින් වරක් දෙවරක් සිතාපන් සුදුද කළුදැයි බලාපන් පිටත ඇත සුදු වළාවන් ඇතුළ ඇත කළු වළාවන් ඇතුළ පිට එක වළාවන් ඇති අයෙකු නිති සොයාපන්
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps