1,804 Total Nisadas Found





Dila ???? 5 years ago 285 7 12

Nisadas Image

28.

තනි වෙන්නෙ නැතුව
තනි වීම ගැන
කවදාවත්ම වචන හසුරවන්න එපා
උඹ අසාර්ථකයි !!

මොකද,
තනිවීම ගැන හොඳාකාරවම දන්නෙ
තනිවෙච්ච උන්..
ඊටත්,
තනි වීම ඇතුළෙ තනි වෙච්ච උන්
තනි වෙනවා කියන්නෙ
හුදෙකලා වෙන එක නෙමෙයි..

දාහක් මිනිස් හිත් අස්සෙ
ලක්ෂ ගානක් කටහඬවල් අස්සෙ
තමන් විතරක් ජීවත් වෙනවා කියන දේ
හදවතටම දැනෙන එක..
කවුරු සනසන්න හැදුවත්
සැනසෙන්න හිත සූදානම් නැති එක..

කරන කරන හැම වැඩක්ම
අසාර්ථක වෙවී..
කඳුළින් සේරම ඉවර වෙන එක
හූල්ලන හෝරාවල් දවසෙන්
වැඩි හරියක් හොරකම් කරන එක.
කිසිම දේකට ඇල්මක් නැති වෙන එක..
කලුවරට ආස කරන එක..
සිංදු අහන්න ලියන්න කියවන්න
හුරු වෙන එක..
තව හුඟක් දේවල් තමන්ගෙ
දරා ගැනීම අනුව
වෙනස් වෙන එක..

ඉතිං,
තනි නොවී තනි වීම ගැන සාරාංශ කරන්න යන්න එපා !!







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps