1,804 Total Nisadas Found





චතු ගුණසේකර ? 5 years ago 315 6 5

Nisadas Image

අපූරු කලාකරුවෙක්,

"චන්දන මෙන්ඩිස්"
මේ ඔහු ගැන නම්,
රටවලින් බිහි වූ ශේෂ්ඨ ලේඛකයන් පෑන් තුඩෙන් සිත්තම් කල හාස්‍යය,උපහාසය,සන්ත්‍රාසය,කුතුහලය,හා ආදරය සහෘදයා වෙත ජනිත කල ඔහු,පරිවර්තන,ස්වත්න්ත්‍ර ඇතුළු කෘති විශාල ප්‍රමාණයක් විශ්ව සාහිත්‍ය ට එක් කොට හමාරය...

පරිවර්තන කෘති හා බැදි අභිරහස් දොස්තර ෂර්ලොක් හෝම්ස් හා බැදි කෘති ගණනාවකට පන පොවා හමාරය..ඒ අතර,
*සුනඛ ශාපය,සිව් රහස් සළකුණ,බිහිසුණු නිම්නය,මලගිය ඇත්තො සාක්කි දෙති,ලේ සලකුණ,අන්තරාය අඩවියක,මහ රෑ අ මාරයා,ඉන්ද්‍ර නීල මාණික්‍ය,දියමන්ති ඔටුන්න,ලෝහිත පරීක්ෂණය,රතුවත හැදි කත....එට්ච්

මෙවැනි පරිවර්තන කෘති ඉතා විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ඔහු,
ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව,වන
"නිශ්චල චංචල දේපළ"
අදටත් සහෘද ජනාදරයට පාත්‍ර වනු ඇත...

2008 වසරේදි,රාජ්‍ය සම්මාන ලැබු හොදම පරිවර්තන කෙටි කතා කෘතිය
"ශේෂ්ඨ ලේඛකයනෙගෙ විශිෂ්ට කෙටිකතා වේ..
2009 වසරේදි එය
"සොදුරු සිතුවම්" නම් කෙටි කතා කෘතියට හිමි විය...
මෙවැනි අසීමිත සම්මානයන්ට පාත්‍ර වූ ඔහු,
පාඨකයන්ගෙ හදවතෙ ලේඛකයා වී හමාරය

ජීවිත අත්දැකිම තුල ඔහු ගැන ම'විසින් පලකල දෑ..කෙසග ඇති පරමාණුවක් තරම් වුවත්,එයින් පාඨක ප්‍රේමි බවක් පෙන්වමි.

චතුරංගි හර්ශිකා 5 years ago 438 9 10

Nisadas Image

ආදරණීය bestie,

මුණ ගැහෙන්න space නැති ජීවිතේ
busy දවස් මැදින්
සයිබර් අවකාශයේ
පුරුදු යාළුවෝ meet වුණා...

පණට පණ වගේ
ඉස්සර උන්නු ගොඩක් දෙනෙක්
last seen පවා හංගගෙන
රහසින්ම ගොළු වෙලා...

නයෙක් වගේ දිගට
contact list එකේ
උන්නු ගොඩක් අය
online හිටියත්
අපිට offline වෙලා...

අහම්බෙන් A/L Class එකේ
මුණගැහුණු යාළුවගේ
යාළුකම තවමත්
available වෙලා...

පුංචිම කාලෙම
එකට උන් බව කීවත්
අපිට අපිව තිබුණේ
අමතකම වෙලා...

අහම්බෙන් හමුවෙලා
පුංචි අවුරුදු දෙකකට
අපටත් රහසෙම
forever friendship එක
permanent වෙලා...

සයිබර් කොණක chat එකක
දවසකට දෙතුන් වරක්ම
හේතු හදාගෙන හරි
නුඹෙන් massage එකක් ආවා...

ආදරණීය bestie
නුඹ දුන්නු යාළුකම වෙනුවෙන්
ඕනිම මොහොතක
chathu ඉන්නවා
is typing... වෙලා...

-chathu

Deesha(දීෂා)❤️ 5 years ago 420 5 5

Nisadas Image

________නික්මීම_____

මහද පාරා ගලන කඳුලැල්
නිමක් නොවනා බැවි දනිම්....
සූර සූරා ගතෙහි ලේ බිඳු
ඉහිරිලා දැනුනත් රිදුම්........
පපුව ගැඹුරේ නිදන් කරමින්
නිතර ඇවිලෙන දුක් සුසුම්....
සයන මත දී දිවිය අයදින
රෝගීයෙකු හට ඇයි පැතුම්................

සිනහ රැව් දී සතුට ඉතිරූ
සුරවිමන තුළ ඇයි හැඬුම්.....
මව්නි නුඹ ලය ගින්දරක් ඇත
දියණියගෙ නාමෙන් දනිම්......
තුරුළු වී පිය සෙනෙහසට මා
විඳපු ප්‍රේමය ඉස්තරම්.....
නමුත් මට නැහැ කිසිඳු දිනකදි
ඉන්න යළි එලෙසට වරම්..................

මලක් වුවහොත් සැනින් ජීවය
නතර වන බව මම දනිම්....
ලපටි පෙති වුව අකාලයකදි
ගිලිහිලා යයි හැර කුසුම්......
ජීවිතය අරුමයක් නම් නොව
නතර ⁣වෙනවා නිසැකයෙන්.....
නොබෝ දිනකින් දිවිය හැර යා
හැකියි මට දැන් හිත හදන්..................







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps