කෞශික නිමාදිත් 5 years ago 206 7 7
සුදු නෝනා.. සිගරැට් ? දුම මාර සැරයිලූ. ලග ඉන්න උන් කියන්නේ.? උබව මතක් වෙන වාරයක්. වාරයක් ගානේ. උබ ඉන්න. හදවතම දුමෙන් පුරවන මම. "උබට සැර නැද්ද බන්"..... කෞශික___
❤sami❤ 5 years ago 269 3 4
"දුටු මුල් දිනේ...... ඇස් ගැස්සුනා නුබේ රුව දැකලා...... හදවතේ ආදරේ ඉතිරුනේ..... නුබේ හිනි දිගැටි ඇස් වලින් මා ඇමතු නිසා ..... හිත පතුලේ හිනියට ඉරිසියාවක් මොදු වුනේ..... නුබ අන්සතු වෙයි කියා....." "අන් අයට නොතෙරුනු මටම පමණක් වැටහුනු..... භාෂාවක් තිබුනා අපි ලග...... මුවින් දොඩමළු නොවුනත් ... ඇස් වලින් දොඩමළු වුනා අනන්ත වාරයක්...... මතකද නුබට......" "කිසි දිනෙක මා අමතා නැති නුබ..... පළමු වතාවට මා ඇමතුවා ..... ඒ සතුට මා සංකේතවත් කලේ..... දෙනෙතින් රුරා ආ කදුළු කැට වලිනි....."
Dila ???? 5 years ago 263 8 10
ප්‍රේමය ඉතිරි උනේ ම මගහැරුනු හිත්වල.. ප්‍රේමය නොමැරුනේම මඟ බලපු ඇස්වල.. ප්‍රේමය නැවත නැවතත් උපත ලැබුවේම අතහැරුනු තැන්වල.. ප්‍රේමය අමරණීය උනේම නොලැබුණු ජීවිතවල.. ප්‍රේමය ප්‍රේමය විදිහටම පවතින්නෙ ඒ නොලැබීම තුළ.. ඉතිං, නොලැබුණු ප්‍රේමය.. නුඹට නොදෙවනි වන ප්‍රේමයක් අදටත් මට මුණගැසී නැත.. මේ ගමන හරි දිගයි නොලැබුනත් අපි ආයෙ මුණ ගැසෙමු.. ආයෙ ආයෙම වෙන් වෙමු.. ප්‍රේමය අමරණීය වන්නට ඉඩහැර..
Kavinda Sahan 5 years ago 257 2 0
නුබ සොයනා ඒ සාර්ථකේ මග හඹායන සුලගක්වී පියනගන්න අවසරයි අදින් පසු නුබට කෙටිකලකට මගේ සෙවනින් නික්ම යන්නට....
Vosandi Dissanayake 5 years ago 360 2 2
නිසග පවනේ හෙලන දහදිය පෙනේ මිණි මුතු පොදක් විලසින් ගතෙහි දැවටුන නේක කොළ අතු ඔබට ගෙනදෙයි සිනාවක් පොඩි නේක ලියකම් දමාගෙන ඔබ සදාගත් මේ සිරිය මනරම් එදා වාගෙම අදත් පිපුණා ඔබේ මිදුලෙත් අරලියා මල් ගෙදර වත්තේ තිබෙන බංකුව එදාවාගෙම අදත් එහි ඇත නෑර ලොලයන් වඩවඩා එන රංචු ගිරවුන් ගස්පුරා ඇත ගෙදර තිබෙනා එකම පුටුවට පොර බදින පොඩි පැටව් එහි ඇත ඇන්ද සරමත් වටින ගමනට ගෙදර පිලිකන්නට දමා ඇත වත්ත පිටියේ තිබෙයි තවමත් මැකෙන පා සටහන් ඔබේ එහිම තිබෙනා පුංචි මඩුවත් සිඹියි පා සටහන් ඔබේ ඇවිදින්න බැරි නේක රූ ඇති සද්දන්ත පණ ටික ඔබේ බලා ඉන්නවා නේක විලසින් රුව දකින්නට ඔබේ
❤sami❤ 5 years ago 310 3 4
"අහම්බෙන් හමුවෙලා...... දැන් ජිවිතේම වෙලා........ ආසයි හින මාලිගා තනන්නට...... නමුත් ,බයයි අතරමැදියෙක් නිසා....." "දුකම පමණක් තිබු ජිවිතේ...... සතුට කැන්දුවේ ඔබම පමණයි....... ආසයි නුබේ වන්නට....... හැකි වෙවිදෝ.... ඒ හිනේට පන දෙන්න......." "අහිමි වන බව දැන දැනත්...... හින මවනවා මහා ගොඩක්...... පන ගැහෙන මේ පපුවේ....... උරුමකරු ඔබම පමණි........" "එක් වන්නට බැරි වුනොත්........ පේ වෙන්නම් නුබ නමින්....... මතු භවේ මගේම...... වේවා කියා......."
Vosandi Dissanayake 5 years ago 342 2 0
මාර්ගය මගෙ නිවස වූ මුත් මාළිගය නම් එයයි මට හිමි කිලිටි වැරහැලි ඇග දැරුව මුත් එයයි මට හිමි සේද සළු පිළි කසළ බදුනෙහි අහර ගත මුත් එයයි මට ඇති රාජ භෝජන ගලන කාණුවෙ දිය බුදින මුත් අමෘතය නම් එයයි මට හිමි දහස් ගණනක මුහුණු දකිනා මමම පමණයි ලොවේ හිදිනා එවන් දහසක බැනුම් අසනා මමම පමණයි ලොවේ හිදිනා
Vosandi Dissanayake 5 years ago 301 1 0
මාදං හිඹුටු බෝවිටියා දෙවැට දිගේ ඉගිල ඉගිල යන බටු වී පැටව් වගේ එහෙට මෙහෙට දුව පනිමින් හරිම අගේ සිහිවේ මෙමට පාසල් ජීවිතය මගේ පොත් ටික තුරුළු කරගෙන දුවමින් හනික ඇල්ලුවෙ නොවෙද පංතියෙ පළවෙනි අසුන ආසාවෙන් අකුරු කෙරුවා නොවැ හැම විටෙක සැමදා සුන්දරයි මගෙ පාසල ඔන්න කවි ගී සින්දු කියමින් අඹ ගස් සෙවණේ නටමින් නැටුම් නැලවුනු හැටි සිහිවන්නේ ඒවගෙ දිනක් නැවතත් නැහැ නොවැ එන්නේ මතකය සුන්දරයි මගෙ පාසල් සෙවණේ
Dila ???? 5 years ago 274 2 2
බොහෝ කවි අතර සොයා යමි දැනෙන වචන කිහිපයක්.. රිදි රිදි කියවන්න.. බෙහෝ හැඟීම් අතර පැටලෙමි.. අන්තිමට සුසුම් ලග සැනසෙමි.. වරුගනන් බලා ඉමි.. නොසන්සුන්ව කෑ ගසමි.. "ඔයා හොදින්ද " කාලාන්තරයකට පස්සේ නුබෙන් ලැබෙන කෙටි පණිවුඩයකට තුටින් ඉපිලි නටමි... නමුත් ක්ශනිකවම නැවතෙමි.. "ඔයා සතුටින් නේද" අසා පිලිතුරු යවමි..
කෞශික නිමාදිත් 5 years ago 239 5 5
අයිතියක් කියන්න බැරිව ආදරේ කරනවා කියන්නෙම මහ ගිණ්නක්. මතක විතරක් එක්කාසු කරන් හූල්ල හූල්ල රෑ එලිවෙනකම් විදවන. හූස්ම උනත් කොහොම නවත්තන්නද? මම අයිතියක් නැති ප්‍රේමයක් වෙනුවෙන්. නොදැන නෙවෙයීනේ.. දැන දැනමයී අපි ලංවුනේ මහ ගොඩාරියක්. අවසානෙයේ අහිමිවීම දැනගෙනම අපි පෙම් කරත් මහ ගොඩක්. වෙන්වීම ගැන මතක් වෙද්දි හිතට.. ඉන්නේ කොහොමද? දුක් නොවී මන්. දෙදෙනෙක් අතර තුන්වෙනියෙක් උනාම සතුටක් කොහෙන්ද?. හිතම පිරෙන්න මූසල දුක මිසක්. උබ ඌට වඩා මට ආදරේයී කිව්ව ගමන් හිත පිරෙව්වට අහිංසක සතුටක්. කොහොමටත් ඒ ඔක්කොම තාවකාලිකයී කියලා මතක් වෙද්දි නම්. ඊට වඩා උසට පිරවුනා හිත ඇතුලෙන් තනි හිතකට හුලන්න බැරි වේදනාවක්. කොහොමටත් අපි අපිට මහ ගොඩරියක් දුරයී ලං වෙන්න බැරි ගානටම. ඇත්ත ඒකයී උබයි මමයී දෙන්නම දන්න පිලිගන්න අකමැතිම. තවත් නම් බෑ කොහොමටත් දුර ගෙනියන්න තප්පරෙන් තප්පරේ වෙන්නෙම. තවත් තප්පරේකට හනි හනික මතක එකතු කරන එක විතරමයී. ඉතිම් අපි නවතිමු. අසම්මතේ බැදි පෙම් පලහිලව්වෙන්. හොදටෝම ඇති මේ මතක තවත් කාලෙකට තනියම හිත හිත විදවන්න මට. කෞශික____?
Vosandi Dissanayake 5 years ago 425 2 1
රන් සිනහෙන් මුව සරසන්නී සුමුදු වදන් වැල් අමුණන්නී අප සැමහට ඔවදන් දෙන්නී ගේ දොර හැඩ වැඩ කරලන්නී සැම සිත් එක් කොට බැද ලන්නී අප සැම එකමුතු කරලන්නී අදුරු ලොවට එළියක් දෙන්නී සිරි දුව නිවසට ගෙන එන්නී ගේ දොර වැඩ පල කරලන්නී සැමටම ආදර්ශ දෙන්නී රන් හුයකින් බැද හිනෙහින්නී මගේ ලොවට රැජිනක් වන්නී
Vosandi Dissanayake 5 years ago 392 1 2
ඈත නිම්නයේ මීදුම් පහස ලංවෙලා කඳුවලින් වැසී ලස්සන මුතු ගඟක් වෙලා පාළු ක්ෂිතිජයේ රන්වන් ගීතයක් වෙලා නුඹ මගේ ලොවේ මනරම් සිහිනයක් වෙලා
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps