Vosandi Dissanayake 5 years ago 405 2 0
මාර්ගය මගෙ නිවස වූ මුත්
මාළිගය නම් එයයි මට හිමි
කිලිටි වැරහැලි ඇග දැරුව මුත්
එයයි මට හිමි සේද සළු පිළි
කසළ බදුනෙහි අහර ගත මුත්
එයයි මට ඇති රාජ භෝජන
ගලන කාණුවෙ දිය බුදින මුත්
අමෘතය නම් එයයි මට හිමි
දහස් ගණනක මුහුණු දකිනා
මමම පමණයි ලොවේ හිදිනා
එවන් දහසක බැනුම් අසනා
මමම පමණයි ලොවේ හිදිනා