Vosandi Dissanayake 5 years ago 260 3 2

Nisadas Image

පොඩිකාලේ බෝනික්කා

පුංචි තැටියක තියාගෙන මම
ගෙපිල තැබුවා ඔබට මතකද
ගවුම් පොඩ්ඩක් අන්දවා මම
ඔබේ හැඩ වැඩ බැලුවා සැමදින

දිගැති කොණ්ඩය හැඩට ගොතලා
කොණ්ඩ කට්ටක් ගැසුව මතකද
පාට පාටින් රෙදි ගෙනත් මම
ගවුම් මැසුවා ඔබට දෙන්නට

ඔබේ මුහුණට පුයර දමලා
පාට තෝඩුත් දැම්මා මතකද
නමුත් අද මට යන්න වීලා
දුරු රටක් වෙත ඔබව තනිකර

Comments (2)

Deesha(දීෂා)❤️ 5 years ago ? එයාවත් අරන් යන්න

Vosandi Dissanayake 5 years ago බෑනේ මන් දැන් ලොකුයිනේ





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps