*$@n¢hi* 4 years ago 293 0 0
හිමිදිරිය පුංචි කුරැල්ලන්ගේ කිචි-බිචි නාදයෙන් හැඩ වෙද්දි,ඝෝෂාව පිරුණු හෝරාව උරුම වුණේම දහවලට.ඒක නිසාම තමයි රාත්රීය එතරම්ම නිහඩ වුණේ. ඉදින්,මේ සොබා ධර්මතාවයම ඇති නේද ජීවිතය දෙස යතාර්තවාදීව බලන්නම.නොවෙනස්වන ධර්මතාවයක් නැත.විනාඩි-පැය-තත්පර-සති-මාස-අවුරුදු ගෙවෙන්නේම ඔය විදිහට.ඒ නිසාමතයි හිමිදිරි උදෑසන ළා හිරැ රශ්මියෙන් නැහැවෙද්දී දහවල ඒ හිරැ එළියම චණ්ඩ වුණේ. ඒත් බටහිර අහසම අදත් ගොම්මන හැන්දෑවක් කරා. අපේ ජිවිතේ අපිට මුණගැහෙන මිනිසුත් එහෙමයි. විටෙක ළා හිරු මඩලක් වගේ. සමහර තැනක චණ්ඩය. ඒත් විටෙක ගොම්මනට නෙක වර්ණ මුසු කරන සොදුරු සැදෑවක් වගේ... ~sahini~
*$@n¢hi* 4 years ago 312 1 2
මටම මා අහිමි වී මෙන් දැනේ කාලයත් වේගයෙන් හොරෙන් ගෙවේ මහම මහ මූසල දවස් හැගේ මටම මා අමතක වූ බවක් සිතේ... ජීවිතේ හරි අභියෝගයක් මෙන් පෙනේ මොන පව්කාරකම්ක් දැයි විටෙක හැගේ හැගීම් වලින් විටෙක මා හද තැවේ සෝ සුසුම් ළග සිරවූ මා මෙසේ මටම විතරද හැගෙන්නේ මූසල බවක් නැවත අසන පැනයට නෑ පිළිතුරක් ලොවක් අස්තාවරව ඇදී ගියත් 'ඉවසන්න' ලැබෙයිලු නිවහනක් හැමදාම මෙන් සුපුරුදු බණ හඩක් ඇසෙයි කදු කෙළවරෙහි දැමූ පිරිතත් ලොවක් අවදියේ ද අද මං වගේ සොබාදහමත් කියා දෙන පාඩමක් දෝ මේ අනේ....??? ~sahini~
Withanage DCS 4 years ago 314 0 0
එක මගක් පීලී දෙකක් වෙන වෙනම ඒත් කිසිදා එක් නොවී එකම ගමනක් යන. අහස සිඹිනා උසම තැන මනබඳින රුක් ගොමු පිරි කඳු වළල්ලෙන් දෙබෑ වුණු නිම්නයක සොඳුරු බවින් වශීවී.... අත් අල්ලා ගෙන ගියත් පණ ට පණසේ යත හැකිද දෙපා නංවා එකට එක්වී... තනි තනිව මිස දුක් නිවා සනසවන "ලෝකාන්තෙ"ට . හදිසියෙම පාත් වන යන මගට හරහට.. බාධක නීවරණ කොයි ඉඳන්දෝ කඩා හැලෙන චිරි චිරිය වැහි කෝඩ ආ මගත් යන මගත් වසාලන ඉස්සරහ නොපෙනෙන ගණ මීදුම් පොරවනය දෙකන් තුල යවුල් අනිනා සීතල සුළඟ.. භයංකර හූ හඬින් පිඹ ගෙන හමා එන .. ගුප්ත වු හුදෙකලා පරිසරය සිතේ හොල්මන් කරන සිල්බරන් කොට කල මතින් පැන පැන යමින් ගිමන් හරිමින් ඊළඟ නැවතුම් පළින් තවත් එකකට බැඳුණු ඈතින් ඈතට දිවෙන නෙත් නොගැටෙනා ඉමක් නැති සංසාර ගමන සේ දුකර වූ මේ ගමනතර ඇස ගැටෙන ගල් අතර ඉඳ හිට පිපෙන පුංචි මල් දැක නැගුණි හසරැල්..
*$@n¢hi* 4 years ago 392 3 0
අවැසි අඩ සද අවරට යද්දී මං බලන් හිටියා. දේදුන්නක් නොමැති වරැසාවක් ළග හඩා වැටුණා. උණුසුමත් නැති හිමිදිරියදි පවා උල ලේනුන් හැඩුවා. අද - හෙටක් නැති කවක පේළි මං ගැළපුවා... බැස යන හිරු වූවද බටහිර අඹර හැඩකරා. මහ වරුසා වූවද නියං සම එළි කරා. දැඩි උණුසුමක් වුව මද පවනක් සහනය ගෙනා. හරි පුදුමයි දැවෙන - තැවෙන - පෙලෙන තැනදී නුඹ සවිය වුණා...❤ අමරණීය මතකයක සේයා රූ නුඹමැ වීය... ~sahini~
*$@n¢hi* 4 years ago 323 2 0
මද පවන නිසසලයි හද තවන ඔසු හලයි හුදෙකලාව නිවන් හලයි එතරම්ම අද සුවයි... තුරැ ලතා පැදි පෙළයි බට පදුරු තාල බදියි හද ගිමන් හලයි අඩ සදත් අඹරට හැඩයි... නිසංසලයි රැයත් දිගුයි තුරැ අතරින් පෙනෙන සදුයි නුඹත් හරි හොරයි නොකීයාම ගිහින් දුකයි...❤ ~sahini~
Withanage DCS 4 years ago 323 0 0
විකසිත මෙ ලබුමල දුටු සැණැ පිපුණි ඉස්මල සපිරුණත් මනදොළ කුරුමි බල වනසයිද එහිපල (largenaria siseraria)දියලබු https://www.facebook.com/628557687554332/posts/634654876944613/
Withanage DCS 4 years ago 328 1 1
" දිනකර දිනෙහි සේවය නිම කරන වෙලේ බටහිර දිග අඹර ගිණි ගෙන විලස දිලේ රතදර වලා පෙති වැනි රතු රෝසමලේ මනහර සිතුවමකි, අවරඹරෙ නිම කලේ. අසිරිය සැඳෑ හිරු සොඳුරු රත්පල විඳපිය හැකි සැඳෑ නොව දවසෙ හැමකල මිහිරිය දකිත හැකි මල් පඳුර මනකල වැහැරිය නම "සැඳැ හිරු සීනුව" උදුල සරන විට සෙවණ ඇති තම උයන් වල දකින නිතර පඳුරකි, තඹ පැහැය කොළ විඳින මිහිර තැවරූ නෙතඳුනක පල සොඳින සොබා දම අගයමි සෑමකල Common names "sunset bells" "Black Flamingo" "copper leaf" "Chrysothemis Pulchella" is the Botanical name Chrysothemis taken from Greek mythology, "godess for golden harvest.".ග්රීක ප්රබන්ධයේ එන "වගාවේ රන් අස්වැන්නට අධිපති" රූබර දෙවඟන වූ ක්රයිසොතෙමිස් ගෙ නම මේ මලට යොදා ඇත. Picture courtesy: internet
Withanage DCS 4 years ago 299 0 0
රතු වද රුහිරු ලෙස තද රතින් සැරසී වද ගස් සිරස මත හිඳ අසමි සියතුන් ගෙ ගී මනනඳ රටක් ගොඩ නගනා දහදිය කඳුලු සලනා ගොවි කම්කරු දනා රතු දදය සේ සැලෙමි තුටිනා රට බෙදුම වළකනයුරු මැඬි සතුරු බල රණවිරු හැලූ රුහිරු කඳ එ මහරු මගෙපෙති හෙලා පුදදෙමි ගරු නුරාගී රත් සලු දැක සරාගී වන සලෙල එසැනෙක බවුන් වැඩු තවත'යෙක අනිසි බව ගැන සිතත් නෑ සැක උණු දිය සමග හිඳ මගෙ රත් පැහැය දී සොඳ ගුණ කරමි බොන සඳ බෝ ලෙඩ නසන මග වෙද මගෙ රුවැ පැහැ අසා නොගනු බිය මෙලෙසා රුහිරු බොන රකුසා මා හා මිතුරු නොනිසා නගරයෙ මහමඟ ද ගලන රථපේලි ජල කඳ මග සලකුණු කුළුණෙ හිඳ රතින් නවතින්න දෙන අණ සොඳ රථයක පසු දෙසින "වල්ග එළිය" සෙ දිදුලන හදිසි නැවතූම දන් වන රතු පැහැයෙ අගයමි ගුණ කැන්ද න් ආ ලේලි ගැන මධු සමයෙ දා චරිතෙ විමසන පැල්ලමක් වී ධවල සළුවක නිමල චරිතය නිබඳ සුරකින පැහැය රත තිබුණත් කලබල නොවෙමි නොතැනත් ඉවසීම මයි යහපත් සටන් වැද නෑ නොනිසි විටෙකත් සෙව්වන්දියක සෙ නිබඳ කටු පිරුණු අතු අග හිඳ නොවන්නට වධ වෙමි වද සපත්තූ මල මම්ම් නොවෙතිද. Red Hibiscus = Shoe Flower
අහිංසකාවි මධු 4 years ago 362 1 0
නුබ හමුවි මුල් දිනයෙ හරි ලස්සන පෙනුනා... ඒ වගෙම ආදරයක රසයදැනුනා... හැබැයි මට දැනුනා සිතල අතට වැටෙද්දී ටිකක් රිදෙනවා කියලා... එත් මට රිදෙනවා කියලා දැනුනෙ නැ... නුබෙ ආදරෙ මට දැනුන නිසා... පස්සෙදි තෙරුනා ඒ රසය අඩු වෙද්දී නුබත් හරියට දියවෙන අයිස්ක්රීම් එක වගෙ කියලා...
Withanage DCS 4 years ago 271 1 0
මල්වර සමේ උදාවී, ඇගෙ. හරි හැඩයි ඈ සිත් කළුයි. ලෝල බැල්මට බිඟුන් මත් වී හාද කම් බැඳ ගන්ට රොද බැඳ කෝල හැඟුමෙන් ගී ගයා .එන හිඳිමී ඉවසා.. ..සිතින් විඳගෙන නුදුටු ගානේ ... දුර බලා...... සොඳුරු ගැබ්බර ගැහැණියක් වී... දිනෙක මට ඔබ සතුට දවටා තිළිණ කොට ගෙනෙතැයි සිතා..
Withanage DCS 4 years ago 246 0 0
මගේ උයනට කැටුව ආවත් නෙත්කළු ඔබේ ඔය හැඩ රුවට වශී වී... ආදරෙන්.. සමා වුව මැන බ්රොමලියා සොබණිය. කැප නැත...මට ඔබ හා ආලිංගනය. සිප ගැනුම හෝ අඩුම තරමේ සියුම් පහසක් ලබන්නට වත්. මට ඔබව අසාත්මික හෙයින්..... (Allergic to pineapple)
Withanage DCS 4 years ago 316 0 1
පිණි විසිරුණ උදාසනක රන් තැටියක් වගේ යසට පුංචි කාලෙ ඉඳ හඳුනපු. කිරි පැණි දෙන කතා කියපු. මිහිදුම් සළු ඇඟලා ගෙන සිහිළ් සුමුදු කිරණ හලන සඳක් වගේ හොරෙන් ඇවිත්, මං රවටන්න ද සිතුවේ? ඔබෙ ඔය රතු ඇස් දුටුවම, දුෂ්ට නපුරු බස් ඇහුනම හඳුනගතිමි කවුද කියා. කිම, යළි මා රැවටෙන්නේ. (Pic taken on the way to A'pura)
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps