චතුරංගි හර්ශිකා 5 years ago 426 6 6
කලෙක පටන් මම හීන දුටුවෙමි... ජීවිතය ගැන අනාගතය ගැන එකී නොකී බොහෝ දේ ගැන... අහඹුවකින් හමු වූ නුඹ හීන අතර සිටි මා කැදවාගෙන ආ දුර මෙතෙකැයි කිව නොහැක... දැන් මම දෙලොවක් අතර දෝලනය වෙමි... කලෙක නුඹ ඉල්ලා ළදරුවෙකු සේ හැඩූ මම මෙකල අවිශ්වාසයෙන් පැකිළෙමි... තීරණයක් ගත නොහැකිව මා තුළ ම මම ජීවිතය සොයමි... ප්‍රේමයත් අනුකම්පාවත් අතර අමුතු ම හැගීමක මා සිරවී ඇතැයි මට ම සිතේ... හෙටක් ගැන සිහින දකින්නට මගේ හදවත පැකිළෙන වාර අනන්තය... හුදෙක් සතුට උදෙසාම මේ බැදීමේ එක් හුයක් මා අල්ලාගෙන ඇතැයි මට සිතේ... නමුදු නුඹ අතහැර ඉවත බලන්නට හෝ මා අත්හැර යන්නට නුඹට ඉඩ දෙන්නට හෝ නොහැකි පුදුමාකාර ආත්මාර්ථකාමී හැගීමකින් මම අදට ද පීඩා විඳිමි... ප්‍රේමය වනාහි හේතුවක් නැතිවම හදවතින් බැදීම දැයි මා මගෙන් ම අනේක වාරයක් විමසා ඇත්තෙමි... හෙටක් නැති අදක් තුළ හීන නොපෙනෙන දිගු නිද්‍රාවක මා තව තවත් ගිලෙමි... අවදි වී බලන කල දකින ලෝකය කදුළු කතාවක් නොවේවා යි යළි යළිත් පතමි...
Naween Perera 5 years ago 372 5 12
හදවත් දෙකක් එකතුව මිහිරි රසයක ගිලුනු ආදරය දුරස් වන තරමටම හද පුරාවට දැනුනු සියුම් වේදනාවේ මිහිරියාවත් එක්වුනු ගතට දැනුනු පාලුව වියැකෙනු පිණිස මතක පෙල දෙතොල අතරින් ගියපු විස ටික දැවෙනවා උගුර පහලටම හුරුවුන අතට වීදුරුවෙන් සියුමැලි ඔබෙ අත්ල පහසත් වියැකිලා මගෙ අත්ල මතුපිටින් ගිනි දැවුනු හද තුලින් විදින දුක දැන් අමුතුම සැපක් මගෙ ආදරෙත් දැන් හරියට උනු කහට ටික පිච්චුව දිවට සක්කර රසක් දැනුනා වගේමයි ~නවියා~
Nawodya gunarathna 5 years ago 206 6 6
සීතලයි පිනි දිය වැටෙයි උනුහුමයි මතකය හඩයි උගුරතින් එන හිරවුමයි කාලෙ සිද සිද ලුහු බදියි "දෑස් අඩවන් සිරුර ගස්සන් කොපුල් සිඹිමින් රතට හරවන්" රාග සරාග නොහදුනත් මා ප්‍රේම සයුරේ කිමිදෙතත් ශුගර රස මත් ඇවැසිවත් රළුව වෙනතක් කිසිත් නොබලත් බොලද ප්රේමිව තදින් සිපගත් දොරටු සිද බිද යහන්ලත් පිරිමි හද නුඹ ප්රාණලත්.. ප්‍රථම ප්‍රේමිය..
Deesha(දීෂා)❤️ 5 years ago 437 6 12
නැගුණු වෙඩිහඬ ඉරා පපුතුර රුහිරු බිඳු සැම කැලතෙමින්.... කිරුළු ගලවා සෙනෙහෙ හැරදා සටනක්ය මව්බිම නමින්.... නුඹෙ ලෙයට හිමි ගැබක් කුසතුල රැකේවා නුඹ දූ නමින්..... දහස් වර ඈ අයදින්න ඇති හිමිව රැකලා දෙන ලෙසින්.....! තියුණු රුදු සැත් නොමැති සටනක ගිනි අවිය ගෙන අත දරන්.... සිනිඳු සුදුවන් පිනැති නුඹෙ රුව රළුව යනතුරු එක ලෙසින්.... සිත සවිය ගෙන ගත විරිය ගෙන ඉදිරි මඟකට පා තියන්.... සිංහ රජිඳුණි, නුඹ ඇදෙන්නැති සතුරු බල සැම පරදමින්.....! නොදුටු සතුරකු විසින් ඇවිලූ ගින්න ඇවිලී පැතිරෙමින්..... උදුර ගත්තද දිවිය නුඹගේ රුහිරු දෙරණත වගුරමින්.... සිහිනෙකින්වත් නැවත ලංවී තුරුළු වන්නට සෙනෙහසින්.... වඩිනු මැන නුඹ මගේ දිවියට පියාණෙනි සක් දෙව් ලෙසින්......!!! ?????????????????????? මව්බිම වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට සහ එදා සිට අද දක්වා මව්බිම සුරකින සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා!!!!
නදී ..✍???? 5 years ago 321 6 6
මලක පෙති සියුමැලියි දෑගිලි තුඩින් දැනුනාම ගගක දිය සිසිලසයි දිය පහස ලැබුවාම ලොවක තතු මනහරයි ජීවිතය වින්දාම ගත සිතම සනසවයි බුදු මගෙහි රැදුනාම මම , නදි ..✍
Chalani Dharmarathne 5 years ago 257 6 5
පියාණෙනි ඔබ ගෙවූ අරුත් බර ජීවිතය මෙනෙහි කල යුතුවේය .... වැටි වැටී නැගිටින්නට සවිය දී දිවියම ඒකාලෝකමත් කර අද නිදන සදා නොමියන තාත්තා ඔබය ......
චතුරංගි හර්ශිකා 5 years ago 326 7 7
හැම මොහොතකම, මහ ගොඩක් ආදරෙයි ලු... මම නැතිව නම් ඉන්නෙ ම නැහැලු... ලෝකෙටම රහසින් අපේ වෙන්නත් බැරිලු... දෑත් බැඳ ආදරෙන් කැන්දන් යන්න ඕනිලු... නොලැබෙන හීනයක පැටලෙන්න හිත බයයිලු... මම ආයෙමත් ප්‍රේම කරන්නෙ නැහැලු... වසන්තය මියැදුනාම මල් පොකුරු මැරෙයිලු... ආයෙමත් වස්සානයක හැම මලක් ම පිපෙයිලු... ලොවැ ඇත්තේ යාම් ඊම් විතරලු... හමුවුණු සියල්ලන් ආයෙමත් වෙන් වේවිලු... නුඹ වෙනුවෙන් ම හෙලූ කදුළු පොකුරු... වැස්සක් තරම් ම මහ ගොඩක් බරයිලු... හිමිවීම වාගෙම වෙන්වීම හුරුයිලු... ආයෙමත් අහිමි වුණත් දැන් කදුළු පුරුදුයිලු... දහසක් දෙනා ඇවිත් වෙන් කරන්න හදයිලු... වෙන කෙනෙක් ළග හිත නතර වෙන්නෙම නැහැලු... නුඹ හැරෙන්නට කෙනෙක් මටත් ඕනිම නැහැලු... නුඹෙ මතක එක්ක මට තනිවෙන්න හැකියිලු .. හෙටක් ගැන නොහිතාම බලා ඉන්නම් මා මිතුරු... ජීවිතේ කියන්නෙම නොකී කවියක් අපූරු... මම, චතූ 14/05/2021
Dila ???? 5 years ago 386 6 7
හිත් රිද්දන මතක වලින් කඳුළු ගෙනාවත් නුඹේ වෙලා හිටිය දවස් වටිනවා තවටත්.. නින්ද නොයන හැමරෑකම හීන වලටවත් ඇවිත් දියන් නුඹේ උණුහුන වතාවක් තවත්.. නුඹ ඇවිදින් මෙමගේ හිත පෑරුවට තවත් නුඹම තමයි මේ කදුළට තිත තියන කෙනත්..
Dila ???? 5 years ago 392 7 4
දවසක උඹ තනි වෙයි එතකොට මාව මතක් වෙයි, එච්චර රිද්දනකොට කොච්චර ආදරේ කළාද කියලා තේරෙයි, ආයේ මාව හොයාගෙන එන්න හිතෙයි මගේ ආදරේ ඕන වෙයි....!! මැණික, එදාට මම ආයෙ එන්න බැරි දුරකට මම ගිහින් තියෙයි....!!
Chamaya karunanayake 5 years ago 229 5 3
මට ඕනේ ඔයත් එක්ක හිනා වෙන්න නෙමෙයි ඔයා මගෙත් එක්ක හිනාවෙන්න?? ඒ මට හිනාවෙන්න බැරි නිසාම නෙමෙයි එතකොට ඔයා සතුටින් බව මට දැනෙන නිසා ❤️? මට ඕනේ ඔයාව විශ්වාස කරන්න නෙමෙයි ඔයා මාව විශ්වාස කරන්න ඒ මට ඔයාව අවිශ්වාස නිසා නෙමෙයි ඒ ඔයාට බයක් නැතිව ජීවත් වෙන්න ඒත්,..................................................... මට ඕනේ එකම දේ ඔයා මං වෙනුවෙන් ජීවත් වෙන්න ඒ මට ජීවත් වෙන්න නෙමෙයි ඔයාව ජීවත් කරවන්න ❤️? 2021.05.13 චමා?
*$@n¢hi* 5 years ago 302 4 4
දහසක් අරමුණු පොදි බැදන් තැබුවෙමි ඔබ අසපුවට හිස නමා පා එදා බැදි ඒ ප්‍රේමයේ නැවුම් සුවදයි අදත් ගලනුයේ... හදවතේ රැදි දහසකුත් වියෝවක ගී එලිසමය සොයමින් ලතවෙයි තවමත් ඔබේ නමට ලීයූ ගී... පුංචි සංදියේ අතරමන් වූ හද ගිගුම් නගනූයේ රස මතකයන් හී සුවද සොයමින් යලිදු වසරක් දෙන්න මට ඔබේ නමින් රැදී සිටින්නට... මඩුලු මවුනි සැමදා රැදෙමි හද තුළ ඔබ නමින් උපන් ආලය නොරහසකි එය සමුගනිමි තව නිමේෂයකින්..... පුරා වසරක් රැගෙන ආ ආලයේ රස මිහිර අසුනු සැනකින් ගෙවී යන බව සිහිනයක් මට සත්තකින් එය සිහිනයක්මය... (පාසල තරම් සුන්දර අතීතයක් යළිදු නොයනු ඇත) ~sahini~
Dila ???? 5 years ago 352 6 6
අහසක් දිනෙක මහ වැස්සක් බිමට හලා සුසුමක් හෙලා හිටියා පැත්තකට වෙලා තරුවක් දෙකක්වත් නැති ඒ අහස දිහා වරුවක් බලා හිටියා මම දෙනෙත් අයා.. කදුලක් ඇවිත් නොකියම නෙත් දෙකට වෙලා සුසුමක් සමග හාදව මට විහිළු කලා සදටත් හොරෙන් කළුවරකට මුවා වෙලා නුඹේ නමට වැටුනු කදුළු එකතු කලා.. ගොම්මන් අදුර තනිකම ළග මතක තියා හිරු නැති ලොවක අද දවසත් ගෙවිලා ගියා හීනයේ මතක දොරකඩ ළග දෑස් අයා තාමත් බලා ඉමි යලි අපි හමු වේවී කියා..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps