චතුරංගි හර්ශිකා 5 years ago 426 6 6

Nisadas Image

ඉතින්...

කලෙක පටන්
මම හීන දුටුවෙමි...
ජීවිතය ගැන
අනාගතය ගැන
එකී නොකී බොහෝ දේ ගැන...

අහඹුවකින්
හමු වූ නුඹ
හීන අතර සිටි මා
කැදවාගෙන ආ දුර
මෙතෙකැයි කිව නොහැක...

දැන් මම
දෙලොවක් අතර
දෝලනය වෙමි...
කලෙක නුඹ ඉල්ලා
ළදරුවෙකු සේ හැඩූ මම
මෙකල අවිශ්වාසයෙන් පැකිළෙමි...

තීරණයක් ගත නොහැකිව
මා තුළ ම
මම ජීවිතය සොයමි...
ප්‍රේමයත් අනුකම්පාවත් අතර
අමුතු ම හැගීමක
මා සිරවී ඇතැයි
මට ම සිතේ...

හෙටක් ගැන සිහින දකින්නට
මගේ හදවත
පැකිළෙන වාර අනන්තය...
හුදෙක් සතුට උදෙසාම
මේ බැදීමේ එක් හුයක්
මා අල්ලාගෙන ඇතැයි
මට සිතේ...

නමුදු නුඹ අතහැර
ඉවත බලන්නට හෝ
මා අත්හැර යන්නට
නුඹට ඉඩ දෙන්නට හෝ
නොහැකි පුදුමාකාර
ආත්මාර්ථකාමී හැගීමකින්
මම අදට ද පීඩා විඳිමි...

ප්‍රේමය වනාහි
හේතුවක් නැතිවම
හදවතින් බැදීම දැයි
මා මගෙන් ම
අනේක වාරයක් විමසා ඇත්තෙමි...

හෙටක් නැති අදක් තුළ
හීන නොපෙනෙන දිගු නිද්‍රාවක
මා තව තවත් ගිලෙමි...
අවදි වී බලන කල
දකින ලෝකය
කදුළු කතාවක් නොවේවා යි
යළි යළිත් පතමි...

Comments (6)

Naween Perera 5 years ago ලස්සනයි චතූ

ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි..❤️

නදී ..✍???? 5 years ago ලස්සනයි අක්ක❤️

තූර්යා ඉඳුවරී 5 years ago Lassanai menika

Deesha(දීෂා)❤️ 5 years ago මමත් ඒකම ප්‍රාර්ථනා කරන්නම්කෙ අක්කි වෙනුවෙන්...❤️??

*$@n¢hi* 4 years ago ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps