1,804 Total Nisadas Found





නදී ..✍???? 4 years ago 411 3 3

Nisadas Image

අ)සම්මත පෙමක් ළඟ නතරවුන ආත්මාර්තකාමී පෙම්වතෙක් ගෙන් තම පෙම්වතියට...✍

පලමු පෙම ළඟ කෝඩුකාරී මැණික නිම්නාදරී...නීල නෙතු දිගු වරල සරසයි ගත නාරී...රැක්ක දැහැනින් මිදුනි දුටු රුව මනහාරී... පෙරුමන් පුරා ඇසුවෙමි වෙනවද දිවියට භාරී...

හදවත හොයපු මංදාරම් එක සැදෑවක... හිස මත දිවුර සින්නක්කර පොතක... දිවියම භාරී වෙන්නට පුලුවනි මැණික...
කී බැව් සිහිවෙන විටයි දුක මුව අහිංසක...

දින සති ගෙවී අපි පෙම් සයුරක ගිලිලා කාලය ගෙවී යයි... දොඩමළු මැද ගතවීලා ආපිට පෙරලනු නොහැක ගෙලටම තොණ්ඩුව වැටිලා... කියනුයේ කෙලෙස මං විවාපත් අයකියි කියලා...

කියා ගත නොහැක මට බලා නුබෙ මුවග දෙස ...ඉවසාන ඉනු හැකිද දෙයක් ඇත කියනු නීරස ...සෙනෙහසක් නොමැති මුත් පියාගේ කීම වස....විවාපත් වුනා මං නෑණන්ඩිය සමග පෙර දවස ...

ඇසිල්ලක් පමාවට නෙතට ඉනු කදුලු කැට....දෝරෙ ගැලුවා කොපුල් වෙන්න රත් පුඩු පැහැට...එහෙත් මං දැක්කෙ නෑ නුබෙ තරහ ඇස් දෙකට..දෙනවද සමා මැණික මේ සෙල්ලක්කර හිතට

ඉන්නට හැකි නම් නොයා මේ පපුවෙන් එපිට...සම්මත නැති නමුත් දෙන්නම් සතුට නුබෙ හිතට...නුඹ නොමැති නම් මැණික මියදේවි මං දුකට... කිව්වෙ උණුසුම්ම හාදුවක් තියා නුබෙ නලලතට

සැගවුවත් සත්‍ය නොපෙන්වා වැලි කැට යට...හිදිනුයේ කෙලෙස තවත් දී ගිනි නුබෙ හ

නදී ..✍???? 4 years ago 326 5 2

Nisadas Image

උරුම කරගත නොහැකි පෙමක් ළඟ ...????❤️

වෙල් ඉමේ දුව පැනපු කිරි සුවඳ ගිලිහිලා
නගේ නුඹ බලා ඉද්දිම හැඩ වෙලා සුකුමල වෙලා
එදා සෙල්ලම මැද්දෙ මගෙ පොඩි මනාලී වෙලා
හිටිය හැටි මතකයි පොඩ්ඩියේ මුව සිනහවෙන් සරසලා

කාලයේ ගං තෙරත් වසන්තෙන් හැඩවෙලා
එදා නොවු හැගුමකින් අනේ හද ගැබ්බර වෙලා
එක කුසක නොමු නමුදු සොයුරු පෙම සගවලා
ඇහුවෙ මං පොඩ්ඩියේ හැමදාට එනවද මගෙ මනාලී වෙලා

ගහට පොත්තයි සේම හිටියේ හැමදාම ළඟ වෙලීලා
දුකත් සැපත් බෙදාගෙන කෑවේ රස නීරස ඔතාලා
ඒ නිසයි දෙතොලතර සියුම් හාදුවකින් තෙමාලා
දිවුරුවේ බෝ සමිදු අභියසයි දෙදෙනාම ආදරෙ කියාලා

ආලෙන් වෙලී ගෙවුනා දෑවුරුද්දක්ම
කණ කොකා හැඩුවෙ අදයි බිද ආලේ මෙහෙම
හිමි වුනේ චණ්ඩ පහරකි මාමණ්ඩිගෙ දෑතින්ම
නවතාගනින් නෑණන්ඩිය සමගින් ඇති ආලයම

දින සති ගෙවී යයි නොදැකම ඒ දෑස මම
හිදිනුයේ කෙලෙසින්ද ඈ නොදැකම මෙහෙම
සිරකාරියකි ඈ අද ගෙදරට වීම
දෙන්නට හදනවලු ඈ පිටගම්කාරෙකුට රහසින්ම

හැගුමන් ගියා පියඹා දුර රට එපිට
මල කද ලෙසයි දිස්වන්නේ මම සැමට
හදවත පුරා ඇදලා නුබෙ රුව යසට
පතන්නම් මතු භවයෙ වත් හමුවෙන්නට එකට

නොඑන්නෙමි තවත් මම ඔය දෑස දැකගන්ට
කියන්නට දෙයක් ඇත හද පුරා බරට
යන තැනක සතුටින් ඉන්න දිවියම දී ඔහුට
මතු භවේදීවත් අපි එක්වෙමු







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps