1,804 Total Nisadas Found





Withanage DCS 4 years ago 293 2 1

Nisadas Image

සුන්ව යන පැතුම්



"කොරෝනා" ඇගෙ මායාකාර අපූරු නම
"කිරුළ"දරන් එන රජ බිසවක් නොවී වුව.
හිරු නොබසින අදිරජය සැබෑවට ගොඩනගන
බලවු ඇගෙ ඔද තෙජ එළිසබෙත් පරදවන

බලන හැම කවුළුවෙන් එබි එබී
ගේ තුළට එන්නමයි තැත නිතී
මිනීමරු දඟකාර සෙල්ලමක නිරතවී
හඹා එන අංගූලිමාල සේ හී සරෙන්
ලේ පෙරෙන ඇඟිලි දම උර දරන්.

නේක වන් සළුපිළී
විටින් විට ගත දරන්
"ඩෙල්ටාව" බඳු රුදුරු
වෙස් මවා සැඟව සිට
කඩාපැන විසාලාවක් මැවු
මිහි දෙරණ පුරාවට
බිලිගත්ත ජීවිත මදිද තව?
කොටින් ගැවසෙන මායිමේ
ගමට ගහනා බය දැනී
කැලේ සැඟවුනාසේ...
අපි සැවොම ඈ එක්ක
හැංගි මුත්තං කෙළින සෙල්ලමේ

ලොව එළිය දැක ගන්න බල බලා
කොහේ හෝ සිටින අඳ කෙනෙක්
මගේ ඇස් අරගන්න....
මෙලෝ අවසන් දිනේ
මගෙ උතුම් ඒ පැතුම....
පණ නිරුද මගේ කය
වෙද සිසුන් හට පිදෙන..
ඒ පැතුම් හැම
සුන් කරයි, දැන් ඉතින්

හිතුවක්කාර පිස්සු දඟමල්ල
ෂිං පිංගෙ දඟකාර පොඩි කෙල්ල
නවතපිය දැන් ඉතින්. වී මෙල්ල
තිගේ ඔය මිනීමරු දැඟලිල්ල.

චතුරංගි හර්ශිකා 4 years ago 394 2 4

Nisadas Image

(අ)සම්මත පෙම

හැකියි නම් ඇබින්දක් හදේ දොරටුව ඇරන්...
ඇතුල්වී බලනු මැන කැපී සීරුනු තරම්
නිමල යැයි පිවිතුරුයි කියා ලෝකෙන් පිදුම්
නොලබනා අසම්මත අපේ ජීවිත ගෙතුම්...

දහස් නෙත් නෙත ගැටෙන වීදියේ දහවලක
දෑත් පටලා යන්න හැකි වුණේ කවදාද
නුඹ නමින් සත්මාල ගෙලතුරේ බන්දන්න
හීන දකිනා දෑස් නොහැඩුවේ කවදාද...

අසම්මත ප්‍රේමයක් කියා හංවඩු ගසන
හදවතේ සොඳුරු තැන් තවම හෙමිහිට සිඹින
සුන්දරම පෙමක් යැයි දහස් කවි වල රැඳුන
රාධා ට-ක්‍රිෂ්ණා ට කතා හැදුනද මෙහෙම...

කාත් කවුරුත් නේන පාලු සීත රෑක
මතක ගනදුරු වලා සිත තදින් වෙලන විට
ඇගේ තුරුලේ නිදන මගේ වුණු නුඹේ හිත
අහස් ගැබ සිසාරා ඉගිල ඒවිද මවෙත...

මුදුවකින් සදහටම මා නුඹේ කරගන්න
උරුම නැති බව දනිමි නුඹේ පතිනිය වෙන්න
ලෝකයට හොර රහසෙ හාදු අතුරා යන්න
හෙටත් අද වාගේම හවස ඇවිදින් යන්න...

-චතූ✍️

නදී ..✍???? 4 years ago 401 3 5

Nisadas Image

නයිටිංගේල් දියණියක් කරා...

එරමිණියා කටු අත්තක පැටලිච්ච...
හීනයක් තිබුනා හිත ළඟ නිති දැවටිච්ච...
නා කපනා වැසි මැද ඉන් ගිලිහෙච්ච...
මම අසරණයි හීනෙන් ඒ මියදිච්ච...

පැතුමක් තියා දෙගුරුන් හිස මුදුනෙ මෙමා...
පය තැබුවේ වෙන්නට වෙදදුරෙකු නොවී පමා...
වීරිය යොදා යෙදුනත් පොතට නෙතග යොමා...
බාධක නැගී හිත අඩපණයි බිදුවක් වත් නොකර කමා...

උණු කදුළැලි රසයි හද තෙරපෙන දුකට වඩා...
හසරැල් කියයි යන්නට මග ඇතිය එහා...
අඩියක් පසුපසට ගත්තෙමි එබව සිතා...
පාරමි පුරමි දැන් තව හීනයක් කරා...

බැරකර ආත්මය ගිලනුන් වෙත රන්දා...
දිවියම පුදන්නට එකගව දිවුරුම් යැද්දා...
සිතුවිලි පුබුදිනා හවසක ඉඳ ඉතින් මෙමා...
දැන් දෑගිලි ගනිමි යන්නට නයිටිංගේල් දියණියක් කරා...

මම,
නදී ..✍️

චතුරංගි හර්ශිකා 4 years ago 417 2 5

Nisadas Image

නුඹ එන්න

වැහිබරම දින අතර දෙනෙත් මත සැතපෙන්න
ළයේ ගැඹුරුම තැනක නුඹේ වත රඳවන්න
මතකයේ ගව් ගණන් මා එක්ක ඇවිදින්න
වැහි කෝඩයට කුඩය යටින් යන්නට එන්න

එකපාර අකුණු හඬ සවන් පත් රැඳෙන කොට
තිගැස්සුනු මීන නෙත හිතයි සිපගන්න මට
මතක් කර කර ලියන අපේ ජීවිත පුවත
ලස්සනම තැනි බිමක වල් රෝස පඳුරක්ද

ගිම්හාන අහස් ගැබ වසා මතුවී ඇදෙන
අකීකරු වළාකුළු කුමරියෝ රතු පාට
හීනෙකින් වත් ඇවිත් ගත වසා රත් සේල
වළාවක් සේ නුඹත් පැමිණෙයිද කරකාර

පුරාවත් නොවුණාට හිත් බිමේ මිහිදන්ව
වතාවක් දෙකක් නොව හැමදාම හිත තැලුව
අපේ මතකයෙ කොණක් අල්ලගෙන යුහුසුලුව
අමාවක මහ රෑක සඳ හෙව්වෙ මම තනිව

- චතූ✍️
2021-10-03







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps