1,804 Total Nisadas Found





Sandu U Nanayakkara 7 years ago 296 3 7

Nisadas Image

අම්මා..

කව් ගී මොටද ඇගේ උනුසුම ඇත නිම්මා
පෙව් කිරි වලට ණය ගෙවන්න බෑ අම්මා
හුරතල් කතා කියමින් දැඩි කළ අම්මා
දිවි ඇති තුරා කරනෙමි පෙම් මගෙ අම්මා

සිඟිති දෙපා පොඩි හිමිහිට අත ගෑ අම්මා
මගේ සුදුමැණික කෝ යැයි සෙව්වා අම්මා
නිරතුරු ස්නේහයෙන් මා සැනසෙව් අම්මා
හැමදා වදින්නෙම් මගෙ ලොව සඳ අම්මා

සැර වැර කලත් සුළු මොහොතින් ඔබ නිහඬයි
මා ලොව සවිය ඔබමයි උණුසුම පහස ඔබයි
නැත වෙනතක් ඔබමයි මගේ සතුට එයයි
අම්මේ ඔබයි මගෙ ලොව මිණි පහණ ඔබයි

පතන පතනා හැම පැතුමම ඉටු වේවා!
සසර කම් සිඳී සියොලඟ බැබලේවා!
නිදුකින් පීරී ඔබෙ මුව රඳ වැජඹේවා!
මගේ මෑණියන් හට ආයුෂ වැඩි වේවා!

සුබ උපන්දිනයක් වේවා අම්මා!

Withanage DCS 7 years ago 246 2 0

Nisadas Image

අවුරුද්ද අලුත් වෙලා


හිරු දෙවු කුමරුනි සමාවන්න
දහස්වරක්
කෝ අද අපි අපේ ගෙදර....
කවුරුත් නැත පාලුයි.
නොමනාපෙන් නොව
ඔබ වඩිනා මගුලට...
මංගල කිරිබත පිසෙනා
එ් සුබ නැකතට ....
අම්මාගෙ රසමසවුළු
අම්මගේ ම අතින් අරන් .....
කවා ගන්න ආසාවෙන්
ගෙදර හිටපු දෙටු
දෙපුතුන් නැත අද ළඟ පාතකවත් ...
ඈත එපිට උන් රාජකාරියේ. නියැලී ඉසුඹක් නැතිවම..
කොවුලනි අසනුව මා
අඹ ගහ මුදුනේ හිඳ
දරුවන්ගේ අම්මා සනසනු සේ
ගයනුව ගීයක් රස
තනිකම නැති වන..
පිය තෙම බැහැරව ඇත... නිවසින්
විදෙසින් ආ සැරිසරුවන් හා
රබන් සුරල් මැද....බක්මහැ
රජරට සරමින් රජදරුවන් ගෙ
දස්කම් කළ කම්
වැවුපෙළ මහසිඳු පරයන...
දාගප් ඈ අහස සිපින
ඇස් අරවා පුදුමය දනවන..ඒ දන විස්මිත කරවන ..දැනුම දෙවන සේවය පිණිසයි රට...නැගුමට
අද නැත හසරක් මේ කලැ
අවුරුදු සිරිතට...වත්
ඉන්නට අපි හැම පවුලේ මාපිය දරුවන්
රොක්වී එකවිට
හිඳි සේ එදවස....අතීතයේ
කාලය වෙනස් වෙලා. ඇත...
අපි තව වැඩිමහලුවෙලා.
දරුවන් ඈත්වෙලා.
හැම දේ වෙනස් වෙලා..







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps