1,804 Total Nisadas Found





Sandu U Nanayakkara 7 years ago 319 3 0

Nisadas Image

රඟ මඬලේ අපි..?

පවසන්නට යමක් ඇත දැනගන්නට බොහෝ වෙතා..
නූතන රටා විස්කම ඇත ලොවක්
වසා..
කළ යුතු නොකල යුතු දේ ගැන හොඳින් සිතා..
විමසිය යුතුයි සිහි බුද්ධිය ඇතුව
ගතා..

ලොව හැම පැවතෙන්නේ නිති බැඳීම් ය
දෙමාපිය දූදරු සොහොයුරු බැම්මෙන් ය
නමුත් අද ලොවේ ඇති එක විදියක් ය
හැම බැදීම ම සමාජ ගත වී වැඩි ය

දෙමාපිය සෙනෙහෙ වැඩී ඇත මුහුණු පොතේ..
නමුත් සැබෑ සෙනෙහස නැත ගෙදර දොරේ..
සියළු බැමි බොහොයි නා නා විද කතා ඇතේ..
බැමිද බිඳ යතේ නැතිනම් අන්තර්ජාලේ අතේ..

පුද්ගලිකයි රහසිගතයි පොදු වීලා
ආදර කතා ඇත ලොවටම පල වීලා
හැම බැඳීමක ම එක රස පෑහීලා
විවිධත්වයක් නැත අද ලොව එක වීලා

මුහුණට යාළු ඇතුළත ඇත නරි යා ලූ
පිටතට හිනා ඇතුළත ගිනි කබලක් ලූ
ආදර,විරහා හැම බැම් බැම මගුලක් ලූ
මේ වගේ රැගුම් රඟනා හැම නළුනිළිලූ

සඳූ..(සඳ සාවී ? )




Withanage DCS 7 years ago 265 4 0

Nisadas Image

හබල බිඳුණු ඔරුවක මං

දෙගොඩ තලා ගිය ගංවතුරේ
කළුගං බඩ ඉවුරේ
අයාලෙ ගිය මාලුන් සොයමින්
බුලත් විටකින් කට රතු ගත්
මනමාලයා ...
හබල නැතුව ඔරුවක
පැද්දි පැද්දි මං ...
කල්ප ගණන් දුර සිට
පතාන ආ මගෙ පෙම්බරයයි සිතු..
කපුවා මවලා දුන් තොරතුරු ...
මමත් අපිත් රැවටී ගිය..
මගේ දේපලට මහත් ආදරෙන්
මුදල් පසුම්බිය නොහිමි මා හිමි
මගේ දෙකපොලට ලංවී
රහස් කිය කියා ...හාදු දිදී....
මා කැන්දන් ගිය මුත්..

සුවාමියා තම අැඹේනියට
කෙලෙසක දැයි සලකන්නේ ...වත්
තාත්තා කෙනෙක් වෙන්නට
සිතක් කිසි දිනක සිතලාවත් නැති.
මගේ වතට ලංවී ..නුඹ
ගැබ්බර කලෙ මගෙ හිත ..
මනසිකාර යෙන් උභතෝකෝටික
කල්ප ගණන් දුර ඉඳලා පතමින් ආ..
අම්මාවක් වන පැතුම
කවදා ඉටු වේවිද..මගෙ?
පැද්දි පැද්දි ගංවතුරේ
හබල බිඳුණ ඔරුවක මං











Copyright © 2021 Nisadas | Powered by Arvin Apps