Withanage DCS 7 years ago 275 3 3
වත කමල සුපිපි සියපතසෙ සොදුරු පිය ලදුනි රන්වන් රුවින් හැඩවූ නුඹ හා දොඩමලු වනු රිසිනි නැග ආයෙ පිය ගැට මා යළි යළිත් වසරින් වසර මසින් මස දුක වෙහෙස නොගෙනම සිතට ගල් බෙදෙහි සැගව ගත් වළා වෙහි මුවා වී සිහගිරෙහි මිහිදුමෙහි දුහුල් සලුවෙන් තිසරුන් මුවා සියොවැ ආමි සුදු දනන් හා දුරු රටින් මෙලක සපැමිණි, නොලදින් ඇසිල්ලක් නුඹ හා හුදෙකලා වන්නට මා සිත දැවෙයි තැවෙයි. සොදුරු පිය ලදුනි කැකිරි දසන්පා සනසනු මැනවි පෙලුණු මා සිත. නෙතග බැලුමින් හා මදහසින් කැඩපතෙහි නැති බැවින් ඉඩ හසර නොලියමි කුරුටු ගී
Niru.k.Wijepala. 7 years ago 259 4 2
ඇයයි සුකුමාලි ගමෙ ඉන්නා ඇයයි වත කමලි ගමේ ඉන්නා.. ඇයයි මනමාලි කුරුට්ටන් රවටනා....????
Sandu U Nanayakkara 7 years ago 273 4 4
කවක් වූ අද දසුනක් එදා මට සොඳුරු යුවතිය පෙරදිනේ මට සියළු කෙලෙසුන් බිද දැමීමට වෙර දරන්නිය ශාසනේ සිට තැඹිලි සිවුරකි ගත දැවටූ ගත සිත නිවූ මෙහෙණියක වූ ලොව්තුරා ගමනින් එතෙර වූ ශාන්ත වූ අමා සුවය ම පැතූ එදා සිටි ඔබම ද මේ සිතා ගනු බෑ මට ලඳේ පෙම් කවක් ලියූ ඒ රුවේ කොහොම වෙනසක් ද සිදු වුනේ ප්‍රේමයේ සිහසුන් දරා සිටි රණ හංසිකාවිය ඔබයි මා හදේ ලැගුම් ගත් මා ප්‍රිය දේවතාවිය ඔබයි පෙර කෙරූ මහ පාප කර්මෙට ද්‍රෝහි වූ නරුමයා මමයි සමාවෙනු මට සමාවෙනු මට සියළු දුක්ගිනි දුන්නේ මමයි දෛවයේ හමුවීමක් ලෙසින් අද මුණගැසුනත් නුඹේ වත සඳ මට අයිති නැති වග ඒ ලඳ පෙන්නුවා නුඹ එකී සරදම්- රන්කඳ **සඳූ**
Sandu U Nanayakkara 7 years ago 273 3 4
කොහෙන්දෝ උපන් කදුළු කැට එකිනෙක පෙළින් වැටුනට කිරි සිනා ලවන් සතුටු කොට එක් කලා එළියක් දුක් මුහුණකට නොදැක්කෙම් සිනහවක් නොදැක්කෙමි දොම්නසක් ඇය සතු වුණා සම සිතක් දුටුවා සතුට පිරි කඳුළු කැටයක් කිරිසිනා මුව හස රැන්දූ නොකිළිටි නුවන් හද බැන්දූ දෙයත් එක්කොට මා හට වැන්දූ දියණියක් ඇය පව් කම් නොම සින්දූ ලොවක් පතනා නිදහස් ලොවක් දැයක් තනනා සුවිසල් හෙටක් රටක් දිනනා පින්බර සිතක් වන්නට අවැසි ඇය දූවිලි මලක් ** සඳූ **
මවුල ඌශියන් අධිකාරම් 7 years ago 277 9 4
අනේ නුබ සතුට සොයා ගිය මගේ මගේ සිහිනය මරා දැමුවා අනේ අපේ සිහිනය බොද වුනේ මේක ෆැන්ටසි පෙමක් පැරදුනු මිනිස් සිතක් විරහ විලි රුදාවෙන හඩන මගේ සූසුමක් දහස් මිනිස් වෙනුවෙන් සමු දිමට කලක් ඇවිත් අවසන් සුසුම් දහසක් අතරින් අවසන් නොවෙනා පෙමක් ලියා යමි අවසන් ගමන් මගේ වෙනුවෙන් ඔබ යන්න මහා ගමනක්
Sandu U Nanayakkara 7 years ago 291 7 4
අහම්බෙන් හමුවුණු නුඹ .... මහමෙරක් වුණා මගෙ දිවියට.. හිඳිනු කෙලෙසක.. නුඹ නැතිව මම.. හිතන්නටවත් බෑ පණ.. සත්තකින් මේ හිත තුළ.. ප්‍රේමය උපන්නේ ඔබ නමින් බව.. යළි යලිත් පසක් කරමි මම.. මැරුණු මගේ දිවියට පනක් එක් කලේ.. ඔබයි ඔබේ සෙනෙහස බව.. කොහොම කියන්නද සබඳ... සසර පුරුද්දට බැඳුනු මේ ස්නේහය.. රකින්නෙමි සදා..හද ගැහෙන තුරාවට.. රන්ඩු සරුවල්, සිත් තැවුල්, බැනුම් කෝටියක් මැද... එකට ආවේ නොබිදෙනා ප්‍රේමයෙන් බව.. කිසිවෙකුට වත් වෙන් කරන්නට බෑ අපේ ඒ විශ්වාසය.. ප්‍රේමය, ආදරය, රැකවරණය, අවබෝධය එක් මුසුව... මෙතෙක් කල් ආ ගමන් මග.. පසුපස හැරී බැලූ විට ඇත්තේ... අසීමිත වූ ප්‍රේමයේ කැපකිරීම බව... ඔබ දන්නවාද... මගේ පණ...❤❤❤❤❤❤❤ **සඳූ **
sad danu 7 years ago 280 6 1
සුදු නෙළුම් පර වුනා වැව්වට දිය පතුල බොර වුනා පැලි ඉර ගිනිදැල් වුනා ගමවට සංසාර දුක යාවුනා අවාරේ වට ගිනි පුපුරු ලඟ ජිවිතේ සාපවස විඳගෙන සොයනවා දියබිඳු කතර මැද පැලි ගිය අවු කට්ට පාමුල අහස් දිය කවදා වැටෙයිදෝ මහ පොලොව කවදා තෙමෙයිදෝ වැහිලිහිණි නුඹ කොහේ ගිහින්දෝ වැහි වලාකුළ සැංගුවාදෝ..... චතූ වීරසේකර
✍️Nilushi Nisansala✍️ 7 years ago 491 6 4
ඉපිද , මියැදෙන, විඳින , විඳවන, නිමක් නොපෙනෙන ජිවිතේ . නිසරු , සරු දේ , හොඳන් වටහා යා යුතුයි මේ මාවතේ . කවදා ? කොතැනක ? කෙලෙස ? නොදැනම යා යුතුයි හැර ජිවිතේ !!!!!
Sandu U Nanayakkara 7 years ago 271 3 0
මටත් දැනෙනවා මහ ගොඩක් හැඟීම් නම්.. කිව නොහැක එය වචනයකින් නම්.. දකින්නට ආසයි අලුත් ලොවක් නම්.. අනේ..! පිං සිදුවෙයි..මැරෙන්න බෑ මට නම්.. අම්මගෙ හුස්මින් මම ත් හුස්ම ගත්තා හැමදාම.. අම්මගෙ විදියෙන් මම ත් ලෝකය දැක්කා හැමදාම.. අම්මගේ කෑමෙන් මම ත් කුස පුරෝගත්තා හැමදාම.. අනේ..! උපදින්නට එපා මතු බවයක මෙලෙසින් ම... දැනුනා අම්මා අඬනවා එක රෑක කුස තුළට.. ඇහුනා තාත්තා කිව්වා වැඩක් නෑ ඕකා මෙලොවට... අකමැත්තෙන් ද මම ආවේ අම්මගෙ කුස තුළට.. අනේ..!මේ ලොව මෙතරම් කුරිරු ද දරුවන්ට.. කම්සැප විදියි නූගත් මිනිසුන් සැපට... අහිංසක දරු පැටව් මියැදෙයි ඒ පවට.. සැපම නොවෙයි දීපන් දිවියක් ලොවට.. සසර බිය දැනෙයි කම් ලොල් වූ පවට... **සදූ**
✍️Nilushi Nisansala✍️ 7 years ago 338 4 5
සිඹ කටු පඳුරු ගල්කැට යහමින් පිරුණු නිරුවත් සිඟිති පා තබමින් යන තුරුණු එකම ඇඳුම ඇඳ කිරිකොක් සුද මැරුණු වටිනා මැණික් ඇත ගං දියේ යට ගැසුණු කැලයේ පිපි කුසුම් අකලට පරවෙන කලට පොල් අතු සෙවිලි කළ වහලයේ සෙවණ යට ගුරුවරු නොමැති මුත් සැමදින පාසලට කිරුළු දරන්නයි ගියේ මතු දිනයක හිසට දුප්පත් වී ඉපදුන මුත් දිළිඳු කුලේ අකුරු කරන්නයි පොඩි අපි ආස කලේ හිරු රැස් නොදැක කුසුමන් ම්යදේවී කැලේ අකුරු අඩු ඇයි ගමේ ඉස්කොලේ
Sandu U Nanayakkara 7 years ago 267 3 2
සිල් රෙද්ද පොරවාගෙන.. පන්සල වෙත පියමැන.. උපාසක මහතෙකි මෙහි එන.. කියවයි බණ පොතපත.. ඊටත් නොදැවෙනි'යි ඔහුගෙ බණ.. කීම නම් උජාරුය..ඔහු තරම් දැනුමැත්තෙක් ද නැත.. ලැබෙන තුරු දානයක්.. නැත ඔහුට ඉවසුමක්... ලද විගස විවේකයක්... ගනියි කෝප්පයක්..කෑගසා ඉල්ලයි ගිලන්පසක්... නැවතත් කියවයි බණ පොතක්.. මුණගැසුනොත් යමෙක්.. කියවයි පුරසාරමක්.. ""මගේ දූට සාරයි..පුතා නම් මෙහෙමයි"" නමුත්....... ඔහු ද එක් උපාසක ඇත්තෙක්..? **සඳූ **
Sandu U Nanayakkara 7 years ago 292 4 0
එදා සවස වැසි යාමය පාළුකොට.. ගොඩවුණා මමත් හනිහනිකේ බුකිය වෙත.. ලෝඩ් වුණා වරුවක් එය එපා කොට.. පැහැදිලි යමක් දුටුවා මම බුකිය මත.. හා(ර්)ට් එක බ්රේක් උනා එක්වර දුටුව විට.. සඳහන් කර ඇත යමක් එය ශෙයා කොට.. දුක්බර ගීය..විරහව ඇත.. පුදුම මට.. ඇඬුනා ඔහුගේ බූට් කවිය දුටුව විට.. කවුද , ඔහු මෙසේ ලිව්වේ කාහට ද?? නොදැනුනා මටත් කිසිවක් ඒ කවියක් ද?? බැලුවා නමක් ඔහු කවුරුන් වී ඇති ද?? දුටුවා යමක් බූට් කවිය අවසන ම..කතෘ අඥාත යි....""? **සඳූ **
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps