Sandu U Nanayakkara 7 years ago 308 3 0

Nisadas Image

කළලයක් කතා කරයි..??

මටත් දැනෙනවා මහ ගොඩක් හැඟීම් නම්..
කිව නොහැක එය වචනයකින් නම්..
දකින්නට ආසයි අලුත් ලොවක් නම්..
අනේ..! පිං සිදුවෙයි..මැරෙන්න බෑ මට නම්..

අම්මගෙ හුස්මින් මම ත් හුස්ම ගත්තා හැමදාම..
අම්මගෙ විදියෙන් මම ත් ලෝකය දැක්කා හැමදාම..
අම්මගේ කෑමෙන් මම ත් කුස පුරෝගත්තා හැමදාම..
අනේ..! උපදින්නට එපා මතු බවයක මෙලෙසින් ම...

දැනුනා අම්මා අඬනවා එක රෑක කුස තුළට..
ඇහුනා තාත්තා කිව්වා වැඩක් නෑ ඕකා මෙලොවට...
අකමැත්තෙන් ද මම ආවේ අම්මගෙ කුස තුළට..
අනේ..!මේ ලොව මෙතරම් කුරිරු ද දරුවන්ට..

කම්සැප විදියි නූගත් මිනිසුන් සැපට...
අහිංසක දරු පැටව් මියැදෙයි ඒ පවට..
සැපම නොවෙයි දීපන් දිවියක් ලොවට..
සසර බිය දැනෙයි කම් ලොල් වූ පවට...

**සදූ**

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps