1,804 Total Nisadas Found





Supuni Nilukala? 6 years ago 259 4 2

Nisadas Image

ගම්මුන්ට ඕන විදියට ජීවත් විය යුතු ය?

දැන් ඉතින් මක් කොරන්නද..
ගමේ ඉස්කෝලෙ ම තමයි...
ළමයා නම් අපේ අක්කාගෙ
දක්ෂයි නොවැ ..ඉහළින් සමත්..
කමක් නෑ බන් කුඹුරු කොටන්නට බැරිය බොට මහ උන්දැ එක්ක..
ප්‍රතිඵලේ දැනං යන්නැ..උදෑසනින් ආවෙ මං..
එහෙනම් ගොහින් එන්නම්..
..........................
ගම්මුන්ගෙ කතා බෝමයි....
ශිෂ්‍යත්තෙ ෆේල් මං.
සිත නම් සලිත උනා
මං ඉතින් පුංචි නොවැ
ඒත් නැහැ වැටුණෙ මං
ගියා සැමදා ගමේ පාසල්
ලැබුවා දැනුම් සාරේ..
සාපෙළ පාස් මං.
කනිටු විදුහලින් රැගෙන සමු
ටවුමෙ ඉස්කෝලෙ ගියා නොවැ මං
නැහැ තැනක් මට ගමේ දුප්පත්
සැලුණෙ නැහැ මං ලොකුයි නොවැ දැන්
උගත්තා මං පිනෙන් මව්පිය
ලබාගත්තා දෙවන අභිසෙස්....
උපෙළ පාස් මං.
ජ'පුර මෑණිගෙ තුරුලෙ සිව් වසරක්
තිබුණෙ නැහැ කිසි කලෙක බේදයක්
සහෝදරයන් සේ එක මව්ගේ
රොක් වුණා සැම දේට එකාමෙන්
ලද මහා පන්නරය අභිසෙස්..
ලබා ගත්තා උපාධිය මං.
::::::::::::::
නමුත් නැහැ නැවතුනෙ කතා නම්
කෝ පුතේ ගත් උපාධියට ජොබ්???

????









Copyright © 2021 Nisadas | Powered by Arvin Apps