1,804 Total Nisadas Found





Deesha(දීෂා)❤️ 6 years ago 337 8 19

Nisadas Image

බැඳීම, ආදරය හා කිරි සිහිනය....❤

ඔහු :- මන්දාරමක සැඟවූ පෙම් පහස විඳ
මගෙ දෙව්ලියේ මල්පිණි වැටි නිම්න මත
දොවා මා නෙතඟින් වැටි මිණිකැට පොකුර
ආ ගමනක සිහිනය අද සැබෑ වෙන..

පතිනිය නුඹයි නිරතුරු මගෙ දිවිය පුරා
වදනින් පවා සුරකිමි මා නෙතෙහි හොවා
මව් වූ නුඹ හැඬුවා මා සිප සනසා
මතකයි සොඳුර නුඹ වෙයි මගෙ හැඟුම පවා..

ඉවසුම් සුසුම් මා පසු කර නොයයි නුඹ
ලය ගැහෙනා තනුවෙහි නැඟි මිහිරාව
දහසක් පැතුම් ඉටුවූ මල් සිහින මත
නා දලු සිප ගන්නට අවසරද මට..
❤❤❤❤❤❤❤
ඇය:- පතිනියයි මා නුඹෙ දිග දිවි ගමනේ
මන්දරම් කතරෙහි ගිනි නිවුනවේ
ලයෙහි ලැගුම් ගෙන සැමදා නුඹෙ පහසේ
හී පහරක් කෙටුවා මගෙ ලය මත්තෙ...

ඉවසුම් සුසුම් හෙළුවා මා නුඹ සෙවණේ
අඩුවක් නොවුනි මට කිසිදා නුඹෙ සෙනෙහේ
මල්ඵල දැරූ සිහිනෙක අද ඵල වෑහේ
කිරි සිහිනෙක කුස තුල නුඹෙ පුතු හිනැහේ...

✍️Nilushi Nisansala✍️ 6 years ago 333 5 8

Nisadas Image

උපහාරයක් වේවා !!!!!!!.

මතකයි ද ?
අද නුඹට ,
සිව් කොනින් ගිගුම් දුන්
වෙඩ් ශබ්ද වර්ෂාව ......
දනන් තුඩ තුඩ රැදුණු
මරණ බිය සංකාව.......
දැනුදු ඇහෙනවා වගෙයි
නැගූ මර අඳෝනාව........
කුරිරු පාපින් අතින්
මරු තුරුලේ නිදි කෙරුව............

බුර බුරා නැගුන වෙඩ් හඩින්
හද ගැස්ම නැවැත් වූ................
පැයෙන් පැය ,දිනෙන් දින
මරබියයෙන් මුළු රටක් තිගැස්සූ .......
එහෙව් ,යුද ගිනි නිවා
දොළොස් වසකි අද දිනයට ගත වූ..
තුති ගී කියා විරු
හරසර පුද කරමූ.................................

තම හුස්ම පුද දුන්නේ,
දේශයට පණ දෙන්න ..........
නුඹට ණයගැතී දැයක්
නොහැක ණය පියවන්න.........
ඇස් ,ඉස්,මස්,ලේ පුදා
තම දේශේ රැකගන්න............
සවි දී එඩ්තර දූ ,පුතුන් වැදූ
මව්පියන් මතු බුදුවන්න...........


පවනක් ව හමන්නේ
හෙලූ ප්‍රාණ වායුවයි.........
දිය දහරක් ව ගලන්නේ විරු පුතුන්ගෙන් ගැලූ ලේ කදයි..........
ඇව්ලි යුද ගිනි නිවූ
මිහිපිටැති දෙවිවරු තමයි ..........
රට වටැති රන් පවුර
ත්‍රිවිධ හමුදා විරුවණී නුඹයි..........................

නිලුෂි නිසංසලා
2021.05.18.







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps