ශශී❤️? Nisadas Count (57)
ශශී❤️? 6 years ago 294 7 10
ලවන් නෙතු යුග පෙමින් ඇලලෙන සවන් පෙති නුබෙ හඩින් රැව්දෙන සුසුම් සිරකර දවන ප්‍රේමය සිතින් හැරයනු කෙලෙස මම අද ශශි
ශශී❤️? 6 years ago 326 5 7
සද තනි මකන සැන්දෑ බටහිර අහසේ පඩු පැහැ තාරකා ඇයි නිවි නිවි දිලුනේ ලියකම් මවන තරු සිත්තම් මන දසුනේ නුබෙ නෙත් සගල මට ඇයි මැවි මැවි පෙනුනේ පිනිබිදු සැලෙන සීතල හිරිගඩු පින්නේ සිසිලස නොදී හදවත ඇයි ගිනි ගන්නේ හෙමිහිට නැගෙන ඉර මල සුන්දර අඹරේ මට ඇයි සිතට සැනසුම නොම ගෙන ආවේ පෙම් ගී ග්යන සියොතුන් කැල සතර දිගේ නැවතුම නොදී ගලනා ජීවිතය දිගේ මිහිදුම් නැගෙන නිසසල පිවිතුරු උදයේ මේ හැමතැනම නුබෙ රුව ඇයි මට පෙනුනේ ශශී
ශශී❤️? 6 years ago 322 6 5
අතින් අත යන දුහුල් මලකට ලොවක් ගැරහුම් කලද කොපමන ඇගේ ලය මත පිරුනු ගින්දර ලෝකයක් හට කෙලෙස වැටහෙද අතීතය වත්මනට පැමිනී අනාගතයම දවා අලු කර ඇගේ සිත ගත නොනිමි කදුලක පැටලවීමට කවුරු වග වෙද ශශී
ශශී❤️? 6 years ago 388 5 8
දෑතම දිගුකර දිවුරුම් දුන්නට කිසි දින හැරදා නොයමි කියා ඒ දිවුරුම අද කදුලක දැවටී පවනේ පාවී යයි රිදවා සෙනෙහස විදිනට නුබගෙන් මොහොතක් මට අවසර නැති බව දැනිලා නුබ දුර ඈතක පාවී යනු දැක මගෙ සිත සුසුමින් වට කෙරුනා පෙරදින හමුවී දොඩමලු වූ ඒ සුමිහිරි මතකය අවදි වෙලා වසන්තයට පෙර ගිලිහුනු කැකුලක් හැගුමන් ලග අද වැද වැටිලා උයනක වැතිරුනු සීතල පිනි බිදු තුශර හිමේ අද තනිවීලා ඈතින් පෙනෙනා බොද වූ සිතුවම මා ලය කුසුමේ පරවීලා පාලුව තනිකම සතර දිගින් විත් විකසිත කුසුමක් ගත වෙලුනා හැන්දැවක පිපි සමන් පොහොට්ටුව නටුවෙන් ගිලිහී බිම වැටුනා දෙලොවක් අතරේ සරන මගේ සිත නුබෙ රුව ලග විත් නතර වුනා ආපසු යන්නට පෙර එක මොහොතක් සුවද තියන්නද දෙතොල් නුරා ගොම්මන් අදුරේ සිසිල් සුලග වී නුබ මගෙ සවනට රහස් කියා ඇසිපිය සලනා එකම නිමේශෙන් නුබෙ හඩ දුර ඈතක රැදිලා පියවෙන දෙනුවන් නුරා මතින් දැන් සයනේ ගුලි වී ගිලන් වෙලා සුරගන වේශෙන් මා මැවු සිහිනය අද මට නොකියම දුරස් වෙලා ශශී
ශශී❤️? 6 years ago 331 5 5
ඇවිද යන්නට තෙරක් නොපෙනෙන සසර මග හමුවේ ඇවිත් නුබ දුක තුරුල කරගෙන මගේ පන සම සේ මගේ හිමිකම මටම හිමි නැති විඩාබර ගමනේ ඉතින් නුබ ලග කෙලෙස ඉන්නද අයිති නැති සෙනෙහේ අදුර පිරි මුත් සදක් නැති මේ විසල් ආකාසේ තරුත් නොනිදා සද වඩින තුරු බලා ඉන්නා සේ සියුම් හැගුමක් කදුලු අස්සේ කොපුල් සිප රහසේ පැවසුවා මට එපා දුවනට මිරිගුවක් පස්සේ සීත පවනක් නුබේ වේශෙන් පැමිණ ගත දැවටී අසුරු සැනෙකින් හැන්ගුනා මේ නුවර කදු අස්සේ මිරිගු දිය ලග හඩා වැටෙනට නෙතට අවසර දී නික්ම යන්නම් අදුරු මතකෙන් සසර මග සමු දී ශශී
ශශී❤️? 6 years ago 308 5 8
දහදිය කදුලු මිනි මුතු විය නුබෙ පෙමට... කරගැට පිපුනු අත් රලු විය විදි දුකට... රිදුමන් නොදී මා සැනසූ හදවතට... නුබ මගෙ තාත්තා වූයේ පෙර පිනට... ගොතනට එකින් එක පදවැල් නැත මැවුනේ... නුබේ ගුණ ගයන්නට ලෝකය මදි සිතුනේ... මහමෙර හිසින් අරගෙන නුබ දුර ආවේ... නුබෙ සෙනෙහසට උපමාවන් නැත ගෙතුනේ... දිවියම මගේ හැඩ කෙරුමට නුබ වෙහෙසී... දුක් කම්කටොලු වින්දා නොඅඩුව පේවී... දිනුමක් ලදොත් ජීවිතයේ මතු දිනෙදී... ඒ නුබ නිසාමයි පෙම්බර අප්පච්චි... ශශී
ශශී❤️? 6 years ago 373 4 6
සීත මිහිදුම් සලු එලා පබලු පිනි කැට වපුරලා නුබේ සිත දගකම් කරනවද මගේ නෙත් මත පැටලිලා සිහින තරු දෙස නෙත් යොමා හැගුම් සුසුමක දවටලා කොපුල් තලයට හාදු දෙන්නද ආදරෙන් තුරුලට වෙලා... සුලග මුමුනන පෙම් කතා මගේ දෙසවන රදවලා සිතින් නුබ මගෙ ලග ඉන්නවද හන්තාන සේ නොසැලිලා අදුර මැද මුලු රැය පුරා එලිය දෙන සද වගෙ ඔයා නුබ මගේදැයි මට කියනවද හෙමින් සවනට කොදුරලා... ශශී
ශශී❤️? 6 years ago 309 5 6
සෙනෙහෙ සිත්තම් කරන නුබේ මන හැගුම් ලග... නොසැලෙනා මගේ හිත සසල විය මොහොතකට... දග කරන නුබේ ඇස් මගේ රුව ලග නිතර... සිපගන්න අවසරද සිහිනෙකින් මගෙ සොදුර... නුබ මගේ නොව හැගෙන අදුරු ඒ නිමේෂය... කල්පයක් සේ දැනෙයි කදුලු දෙන ඇස් වලට... හැන්ගෙන්න නුබේ ඔය සොදුරු හද විල් පතුල... කාටවත් නොහැගෙන්න පින් පුරමි හැමදාම... ආකහේ හැමදාම දිදුලනා සද ලගට... තරුවකට කෙලෙස නම් ලන් වෙන්න හැකිවේද... දුරින් හිද සැනසෙන්න මගේ දුප්පත් හිතට... අපේ ලස්සන මතක හැමදාම මට දෙන්න... බොලද මගෙ හදවතට හැම මොහොතෙ පෙම් කරපු... නිබදවම ආදරේ නොඅඩුවම පුද දුන්නු... මියෙන තුරු ආදරේ දලුලන්න පින් කරපු... මගේ පණ මගෙ වෙන්න මතු බවෙකදී නුදුරු... ශශී
ශශී❤️? 6 years ago 475 9 7
නිදි නැති තරු නෙත් කදුලු සලද්දී නුබ නොනිදන බව මට දැනුනා සුසුමන් දිය වී හැගුම් දැවෙද්දී මුලු රැය සිහිනෙක නුබ පෙනුනා හිමි කර ගන්නට වරම් නොමැති මුත් නුබ මා ගැන පමනක් සිතුවා ප්‍රේමය සිත ලග හඩා වැටෙද්දී කදුලැලි සිර කර මා දැවුනා හිමිකම සොයනට සසර දිනකදී අවසර දෙන්නම් නුබට යලිත් කාටත් කලියෙන් නුබේම වන්නට පෙරුම් පුරන්නම් සිතූ ලෙසින් ප්‍රේමය නොහැගෙන සේ මා උන්නට සමාව දෙනවද නුබේ සිතින් සොදුර ඉතින් මට නුබ හැර යන්නට අවසර දෙනවද මතක වලින්.... ????? ශශී
ශශී❤️? 6 years ago 273 5 7
නිල් අහස පුරා නුබේ රුව මවලා සිත සැනසුවා මන් හිමි නැතත් ආදරෙයිනේ කියා... නෙත් මානයේ නොමැති වුව සිත් මානයේ රැදීලා නෙතු පියවෙනා සැනින් දැහැනක්ය නුබ මා වසග වීලා... වෙන් වෙන්න බැරි අයිති නැති බැදීමේ පහසෙහි රැදෙමි පියමන් කල නොහැක මතකය හැර දමා... ශශී
ශශී❤️? 6 years ago 313 5 5
මුදු පින්න තාම සීතලයි නගේ මගෙ හිතට පාලු දැනෙනවා වගේ දැවටෙන්න ලගම මීදුමක් වගේ කොදුරමුද ලොවට රහස් ගැන අපේ පාන සිනා හුරතලෙන් වගේ ලැසි කොමල ගමන් මදහසක් වගේ නෙත් විලට පිපුනු සියපතක් වගේ සුර දෙව්දුවකගෙ සිත්තමක් වගේ ❤️❤️❤️
ශශී❤️? 6 years ago 329 4 4
නුබ දුරු රටක යන්නට ගිය ඒ දවසේ මන් මුලු රෑම ඉකිබිඳ හැඩුවා රහසේ මතකෙට නැගෙන විට නුබෙ පෙම හැමතිස්සේ දුක හිතෙනවා ගෙවෙනා හැම තත්පරයේ නුබෙ සෙනෙහසට උපමා නෑ පබදින්නේ මවුපිය සෙනෙහෙ තරමට එය වැජඹෙන්නේ මේ මුලු ලොවේ නැත කිසිවක් මට අගනේ නුබ හැමදාම මගෙ මුලු ලෝකෙම සොයුරේ ශශී
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps