ශශී❤️? 6 years ago 425 9 7
නිදි නැති තරු නෙත් කදුලු සලද්දී
නුබ නොනිදන බව මට දැනුනා
සුසුමන් දිය වී හැගුම් දැවෙද්දී
මුලු රැය සිහිනෙක නුබ පෙනුනා
හිමි කර ගන්නට වරම් නොමැති මුත්
නුබ මා ගැන පමනක් සිතුවා
ප්‍රේමය සිත ලග හඩා වැටෙද්දී
කදුලැලි සිර කර මා දැවුනා
හිමිකම සොයනට සසර දිනකදී
අවසර දෙන්නම් නුබට යලිත්
කාටත් කලියෙන් නුබේම වන්නට
පෙරුම් පුරන්නම් සිතූ ලෙසින්
ප්‍රේමය නොහැගෙන සේ මා උන්නට
සමාව දෙනවද නුබේ සිතින්
සොදුර ඉතින් මට නුබ හැර යන්නට
අවසර දෙනවද මතක වලින්....
?????
ශශී
✍️Nilushi Nisansala✍️ 6 years ago ??????
Kaveesha Lakmali 6 years ago හරිම ලස්සනයි ?️?️
Deesha(දීෂා)❤️ 6 years ago Very nice my dear?
ශශී❤️? 6 years ago ස්තූතියි ඔයාලට❤️
Supuni Nilukala? 6 years ago ✍️?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ශශී
ශශී❤️? 5 years ago Thnkz chathu?