ශශී❤️? 6 years ago 270 5 8
දහදිය කදුලු මිනි මුතු විය නුබෙ පෙමට...
කරගැට පිපුනු අත් රලු විය විදි
දුකට...
රිදුමන් නොදී මා සැනසූ
හදවතට...
නුබ මගෙ තාත්තා වූයේ පෙර
පිනට...
ගොතනට එකින් එක පදවැල් නැත මැවුනේ...
නුබේ ගුණ ගයන්නට ලෝකය මදි සිතුනේ...
මහමෙර හිසින් අරගෙන නුබ දුර
ආවේ...
නුබෙ සෙනෙහසට උපමාවන් නැත ගෙතුනේ...
දිවියම මගේ හැඩ කෙරුමට නුබ වෙහෙසී...
දුක් කම්කටොලු වින්දා නොඅඩුව
පේවී...
දිනුමක් ලදොත් ජීවිතයේ මතු
දිනෙදී...
ඒ නුබ නිසාමයි පෙම්බර
අප්පච්චි...
ශශී
✍️Nilushi Nisansala✍️ 5 years ago ලියවුණු නමුදු නෙක කවිපද මව් පෙමට. මදි ලියවුණා තුති ගී පද පිය තුමට. අඩුවක් වුණි ද දැක් වූ මහ සෙනෙහසට . මහමෙර උසට ආදරේ ඇත පපුව යට
✍️Nilushi Nisansala✍️ 5 years ago මහමෙර උසට ආදරේ ඇත පපුව යට .
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් ලස්සනයි ?❤
ශශී❤️? 5 years ago Thank u❤️
Shenali Sewwandi 5 years ago හරිම ලස්සනයි ?❤️❤️
ශශී❤️? 5 years ago Thank u❤️
චතුරංගි හර්ශිකා 5 years ago ගොඩක් ලස්සනයි ???❤
ශශී❤️? 5 years ago Thanks chathu ❤️