✍️Nilushi Nisansala✍️ 7 years ago 294 5 1
71 වන නිදහස සමරන මෙදිනේ සිහිකරලමු දිවිපිදූ විරුවන් දෙරණේ !!!!!!!!!!! එම විරුවන් නොසිටින්නට කිසිදු දිනේ ලෙළදේවිද ???? සිංහ ?? කොඩිය අද ගුවනේ ...............
තූර්යා ඉඳුවරී 7 years ago 313 7 2
මල් පිපිච්ච පෙති පිරිච්ච මිදුල පුරා මල් වැටිච්ච පාගගන්න දුක හිතිච්ච අතීතයක් ඇත ගෙවිච්ච.. ?තරූ සමනළී?
sad danu 7 years ago 321 3 0
නමක් නැති ඇසුරක් ආදරයක්ද, ප්රේමයක්ද, මිතුදමක්ද... නොතේරෙන හැඟිමක පැටලුන හිත් දෙකක් අහිමි වන බව දැන හිමිවන තරමටම ලංව වුන් කාලයක් ලෝකයට සැඟව කෙරු අපේ කියා ඇසුරක් කඳුළු පිරුනු නෙත් දෙකක් හීන පිරුනු හිත් දෙකක් අතර ලතැවෙන අසම්මතයක්... නෑ නමක් නෑ අරුතක් නමුදු විඳියි මිහිරි සතුටක් හදවත පතුලේ කිඳා වැලපෙන ලෙන්ගතුකමක් ළඟ නොමැති බව දැන දැනත් සොයා වැලපෙමි තව තවත් නෑ ලොවෙන් ඉඩක් අසමාන ඇසුරක කිසිවිටකත් සඟවා සිටිමි ලෙසට රහසක් සොයනා තුරු අරුතක් (අ)සම්මත යන පදයටත්... චතු වීරසේකර
තූර්යා ඉඳුවරී 7 years ago 353 6 2
ළෙංගතුකම හද තුළ පුරවාගෙන ඔබත් දිනෙක ආදරයෙන් හමුවී පෙමින් බැඳෙන්නට ඇති සුහදේ... සහසක් තුරුයට අතිනත පටලා ගව්වක් දුර ඇවිදින්න ඇතී... අහසක් තරමට පෙම්කවි ලියලා දවසක රහසින් දෙන්න ඇතී... නිල් දිය කලතා නෙළුමක් නෙළලා මගෙ හිස ඔබ සරසන්න ඇතී.. සුවඳක් හදතුළ මිහිදන් කරලා ඔබ මට අහිමිව යන්න ඇතී.. ?තරූ සමනළී?
තූර්යා ඉඳුවරී 7 years ago 355 5 5
කවදාවත් හමු නොවන්න වෙන් වුණේ ඇයි කියා සිත නිතර විමසමින් විඩාබර වී ගිහින්.. දුක් කඳුළු වගුරනා වාර නම් අපමණය ඒත් කරනට කිසිත් නොමැති වී අසරණය.. දෙපා සිඹ අයදිමින් ඔබෙ සෙනේ පැතූ මුත් පිටුපෑම මිස වෙනත් නොලැබුණිය කිසි සෙනෙහසක්.. ජීවිතය එපා මට ඔබෙන් තොර වූ ලොවක අයාලේ පා නොවී මියදියන් හනිකටම.. ?තරූ සමනළී?
sad danu 7 years ago 278 1 0
සඳදෙව් නුඹ සඳදෙව් නුඹ පායාපන් හිත් දෑලට අන්ධකාර රාත්රියක විහිදා සඳරැස් මණ්ඩල නින්ද නොඑන ඇස් අද්දර දිලිසෙන තරු කඳුලු අතර මායම් කර නුඹේ පහස විඳගන්නට දෙනු අවසර තනිවුනු කල්පනා අතර හිත් අහසට ගොඩවදින්න පැටලුන මේ කෝල හිතට රහසක් කොඳුරලා යන්න. චතූ වීරසේකර
තූර්යා ඉඳුවරී 7 years ago 350 4 0
දුක සතුට සමව පිරි කඳුළ මෙන්ම සිනහවද හොරෙන් සිතට එබිකම් කරන ජීවිතය නමැති මංතලාවේ බලාපොරොත්තු ඉටුකර ගැනීම යනු කාන්තාරයේ සිසිලසක් සොයන්නාක් මෙනි.. බලාපොරොත්තුව කුමක් වුවත් අපට නොලැබෙන දේ අපමණ වුවත් නොලැබෙන දෙයට වඩා ලැබෙන දෙය ඉතා අගනේය.. මෙදියත දහම එය බැවින් දුක සතුට සමව විඳ දරා තමා සතු දෙය ගැන සෑහීමකට පත්වීම නුවණැති පුද්ගලයාගේ ලක්ෂණයයි.... .......තරූ සමනළී......
තූර්යා ඉඳුවරී 7 years ago 299 6 0
ගිම්හාන ඍතුවට වසන්තය ඇවැසි මෙන් වෙහෙසකර මඟියෙකුට ගිමන්හල ඇවැසි මෙන් ක්ෂිතිජ ඉම ගගනතල රුවන් සේයාව මෙන් වර්ණවත් කරන්නට පීදෙනා කැකුළු මල් මෙන් ඇවැසි වන්නේ ඔබයි... ඔබේ ඔය ශක්තියයි.. සඳක් සේ පායා විත් තරු නොමැති ගනඳුරට ගඟක්සේ ගලාවිත් පිපාසිත බිම් කඩට මහාමේරු පවුර මෙන් ඔබ කළ මෙහෙවරට ඇත්තමයි වඳිනු ඇත දෙවියනුත් නුඹෙ නමට.. සංසාරේ බොහෝ දුර හමුවී ආ ලෙසට ඉතින් අප හමුවුණේ කැලණි විදු සෙවන යට ජීවිතේ නේක විධ දුක් සෝ තැවුල් මැද ඔබ කළා මෙහෙවරක් අපේ රට ජාතියට ඉතින් ඔබ ණය නැහැ පියාණෙනි අපේ මේ මව් බිමට.. කාගෙන් නොලැබුණත් කීර්තිය ප්‍රශංසා නුවරුන් ගැරහුවත් කර ඔබට නින්දා යහපත මියනොයයි පැරදී කිසිමදා සොබාදම් මාතාව පිවිතුරුයි සැමදා එබැවින්, ලැබෙනු ඇත ඔබට දෙව් විමන් සැප නිබඳ හෙට දිනේ... ....තරූ සමනළී....
තූර්යා ඉඳුවරී 7 years ago 321 10 8
සම් නහර ඇට හරහා ඇට මිඳුළු දක්වාම ගැඹුරටම විහිදගිය බැඳීමය... හදවතින් පොම්ප කළ ලේ සමඟ මුසු වෙලා ඇඟ පුරා විහිදගිය ශක්තියයි... මව වූද, පියා වූද ආගමද එයම වූ කිසිමදා නොසිඳෙනා භක්තියයි... අවසාන හුස්මපොද නික්මගිය ඇසිල්ලෙන් ලෝකයට ඉතිරිවන ධෛර්යයයි.. තරූ සමනළී
Rupika subashini 7 years ago 265 4 3
තනුවක්ද නුබ කවියක් තුලින් මැවෙනා ගීයක්ද නුබ දෙතොල් අතරින් ගැයෙනා වැයුමක්ද නුබ ස්වර සප්තකින් නැගෙනා අරුමයක්ය නුබ මා හදට වඩිනා
sad danu 7 years ago 258 6 1
නෙළුම් මලක් තනිවම පිපි සිනාසලයි අහස් කුසට ඹමරු රැලක් එය වටකර රොන් ගන්නට හදයි නිඹඳ පුංචි මලේ පෙති තැලුනොත් රිදෙයි කියා බයයි හිතට ඹමර රැලේ මල නොතල රොනඟ පහස විඳ බලන්න හිරුත් පාන්දරින් ඇවිත් කියයි අයිති නෙළුම් මලට සඳත් රැයේ එබී බලා එහි වතගොත හොයයි නිතර විලත් බලාහිඳි කෙලෙස ඩැහැගන්නද කියා කුසුම පෙති විහිදා සිනා සලයි කිසිත් නොදත් නෙළුම් කුසුම මල වටකර වැට බඳින්න රළු ඹමරුන් පොරකන්නේ ඹමර පහස කෙසේ වීද කියා නෙළුම ලතැවෙන්නේ සුපිපුන නොයිඳුල් කුසුමට කිසිවක් නෑ වැටහෙන්නේ නෑඹුල් පොඩි නෙළුම් කුසුම සුවඳින් දස බබලන්නේ නෙක වෙස් ගෙන රොන් ගන්නට පැමිණෙන වන ඹමර රැලට පෙති නොතලා රොන් ගන්නට පමණක් නිති ඉඩහරින්න මල් මැද රන් මලක් වෙලා සුවඳ දසත පතුරවන්න නෙළුම් මලේ නුඹෙ අයිතිය හිරුට සඳුට පවරවන්න චතූ වීරසේකර
sad danu 7 years ago 338 3 4
දෑතේ විරිය යනතුරු මතු හැමදාම මා උස්මහත් කර හැදුවැඩුවා මදිද කරඳඬු වැඩි වැඩිහිටියන් වුවාට සිතුවේ පොඩි එවුන්යැයි හැමදාම රතු ලෙය කිරට හැරුනට පුදුමයක් නොවේ එ් තරමට වැඩි සෙනෙහස නුඹෙ පපුවේ දරුපෙම නිසයි දෑසට කඳුළැලි ඉනුවේ අම්මේ නුඹයි මාගේ ප්‍රාණය වූයේ දුන්දාා දෑස් මට මේ ලොව දකින්නට සතුටට අඬන්නැති අම්මේ නුඹ එදින ජීවන ගමන ඉදිරියටම ගෙන යන්න නුඹ දුන් විරිය සැමදා සිහි කරමි මම රැජිනක් ලෙසින් වැජඹී මුළු දිවිය පුරා සසරේ හුරුපුරුදු සෙනෙහස දී සැමදා උණුසුම දැනේ තාමත් නුඹ දුන්න එදා ආසයි නුඹ් ළඟ දැවටී ඉන්න සදා මහසයුරට වඩා වැඩි ඇති නුඹ දුන්න සෙනේ එය සම කරන්නට කිසිවක් නෑ මෙලොවේ මතු බුදුවන්න පැතුවත් මේ සසර භවේ හැකිදෝ තව වරක් වන්නටඅම්මා මගේ චතූ වීරසේකර
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps