1,804 Total Nisadas Found





✍️Nilushi Nisansala✍️ 7 years ago 355 4 1

Nisadas Image

මතට .

ගම, දාගැබ,පන්සල තුළ සිත රන්දා
ආදී සිංහලේ උතුමන් නිති වැන්දා
ආගම සදාචාරය වෙත පෙම් බැන්දා
ලෝකෙන් උතුම් රට වූයේ ඒ හින්දා

වියැකි ගොස් ඇත අද දහමේ අගය
ලොල් වී මතට මිනිසුන් ගෙවනා දිවිය
නොදනි ඔවුන්වත් සිදුවන විනාශය
අහෝ!සමාජය යන මේ අගාධය

මුදවා ගත හැකි වේවිද මේ
මිනිසුන්
මා පිය නෑ සියන්ගෙ ගලනා
කඳුලින්
පලවා දමා මත් රකුසා සමාජයෙන්
යහපත් යටක් බිහිකරලමු හැකි විගසින්

ලෙඩ දුක් විනා යමක් වේද මින් ලැබෙන
රුධිරය පවා වැනසෙයි සිරුරේ
ගලන
මියැදෙයි හෙමි හෙමින් දිවියත් ඔබ
නොදැන
රැකගත වෙවටිනා ජීවිතේ
පෙමින

දිව රැ නොබලා උපයන හැම කාසි පනම්
වැය කරනවා මත් වතුරට ඇයි??ලොබකම්
නොදනි නුබත් වැය වෙනවා
හැම වත්කම්
නොකොට මෙසේ නිති කරනුව
දන් පිංකම්

සොර මැරකම් ඉහළ නගී දිනෙන්
දින
මතට ලොල් බවයි මුල් වු
එක කරුණ
වටිනා දක්ෂ ජීවිත දැවෙනවා
තරුණ
දින දින පෙනේ වැඩිවෙන හැටි
ලොවේ මරණ

සූරාමිහිර වනසයි අපෙ ජීවිතය
ලෙඩ දුක් විනා නැහැ අන්කිසි ප්‍රතිඵලය
වටහාගෙන දැන්වත් මේ විනාශය
මතට තිත තබා ජයගමු මතු දිවිය










sad danu 7 years ago 256 4 0

Nisadas Image

මිරිඟුවකි සැනසුම

සුරවිමනක සිරිඅසිරිය
ගෙන ආ අප සිහින නිවස
නැතිබැරි වු කමි අතරින්
දුක පමනක් අද ඉතිරිව
එක වහලක් යට සතුටින්
ඉන්න ඔිනි හැමදාමත්
සිතමින් අප ගොඩ නැගුවා
අපේ කියා රජදහනක්
එත් අදට තුන් වසරක්
නෑ අවසන් වැඩ තවමත්
පැතුවා දෑඟිලි ගනිමින්
පදිංචියට හොඳ දවසක්
සඟවාගෙන අඩුපාඩුත්
තුටු කෙරුවා පුංචි පුතුත්
නැ දෙන්නේ කවදාවත්
දැනගන්නට කිසි අඩුවක්
පෙර පිනකට ලැබු සේ
සිතු රැකියාවත් එපාවෙලා
නෑ පඩියක් ඔවර් ටයිමි
කියයි නිතර මගේ සැමියා
අර බැංකුව මෙි බැංකුව
ඇමතුම් දෙයි හැම දවසම
අර ඇරියස් මෙි වාරික
ගෙවනු ගෙවනු කයයිි නිතර
තිබුනත් අඩුපාඩ කොතෙක්
නැ කිවුවේ කොයිකාටත්
වෙර දැරුවෙි හැමදාමත්
නොවන්න කරදර කාටත්
දෙව්යො බුදුන් ඇදහුවා
හිතේ සැහැල්ලුව පැතුවා
අප සොයනා ඒ සැනසුම
කවදා ලැබෙිවිද මන්දා....









Copyright © 2021 Nisadas | Powered by Arvin Apps