sad danu 7 years ago 352 1 1
කල්පයක් හිත පෙරුම් පුරා අවුරුදු ගාණක් ඔබ එනකල් බලා මාසයෙන් මාසය ලන්වෙලා දවසින් දවස අපි අපේ වුනා පැයෙන් පැය අප කතාකරා තප්පරෙන් තප්පරේ හීන මැවුවා ජිවිත කාලය පුරා මතකයන් තියා එක් නිමේෂයකින් ඔබ වෙන්ව ගියා!! චතූ වීරසේකර
Sandu U Nanayakkara 7 years ago 324 8 1
හීන මෙතරම් ලස්සන නුඹ ඉන්න හින්දා හැම හීනෙක.. සොඳුරු පෙම ඇති සිත තුළ මතක් වෙන්නේ ඔබමය.. හීන අහුලන දෙනයන ඇහුලූ හීන අපමණ.. ඉතින් දැන් සොඳුර ..අහුලමු ඒ හීන එක්ව අපි දෙදෙන..
Yakaari 7 years ago 281 2 3
ගිම්හාන ඝතුවට හිල්ඩාව සරසන්න. විටෙක ඇවිදින් මා එක්ක දොඩමලු වෙන්න. අලු පාට සැදැවක මල් පාරේ අතිනත ගන්න. පෙම්බරිය නැ ලගක ගිහින් ඇත ගම රටට. සෙමින් නලලත හාදුවක් මට දෙන්න. හන්තාන සිසිලසට දෙතොල් මත තවරන්න. තුහින පිනි මෙන් දිලෙන දෙකම්මුල් සිප ගන්න. සුහදිනිය නැ ලගක ගිහින් ඇත ගම රටට. රොබරොසි මල් පාට හුරුබුහුටි ඇගේ මුහුන. නොදැක ගොස් ඇත දින මාස සති ගණන. ස්නේහයෙන් ගුලි කරන් මුදු වදන් තෙපලන්න. හැකි විගස මෙහි එන්න වසන්තය යලි රැගෙන.
Dil Mi 7 years ago 312 3 3
""නොසෑහීම"" කවදාවත් අවසානයක් නෑ... ඉලක්කයක් නෑ... සීමාවක් නෑ. "තෲෂ්නාව" කියන එකම අර්ථය අපි අල්ල ගන්න කම් අපට මේකෙන් ගැලවෙන්න බෑ
sad danu 7 years ago 319 3 0
හිටිහැටියෙම ආ මිහිරිම සුවඳක් සිහිකර තැවුනා වැළලු මතකයක් හිමිහිට රහසේ විඳි පෙම් පහසක් යටිහිත රිදවා දුන් වේදනාවක් යටගිය දවසක අපේම වී අප විඳගත් ආදර සොඳුරු මතකයක සැමරුම් විහිදි විසිරි ගිය කල කුමකට අයේ හිත රිදවනවද අප ආගිය මග තොටවල් ගානේ වෙන අය අත්පටලන් පෙම් කෙරුවේ ආදර සැමරුම් මතකය අතරේ විඳවන දුක තරමට නෙත් තෙමුනේ සිනහ වෙවි හිත අද්දර ඉඳගෙන කෝලම් කරමින් ඉඟිබිඟි පෑවද මායාවක් වු අතීත පෙම් සුව අහවර කරන්න අවසර දෙනවද පැටලි පැටලි හැම හුස්මක් ගානේ පාවි පාවි එන සුළඟක් ගානේ මියැදුන මතකය සිහිකර අපගේ ඉකිබිඳ හැඩුවා ලොවටම රහසේ.... චතූ වීරසේකර
තූර්යා ඉඳුවරී 7 years ago 323 2 2
ලෝකයක් එළිය කර අවරගිරින් සැඟ වෙන්න අර අදින හිරුන් දැක නිදා උන් කුමුදුමල් හිනහෙනවා ලස්සනට මගෙ පුංචි නංගියේ... නගාපන් දැඩි විරිය ඔය හිතට පසෙකලා දුක් සුසුම් ඈතටම.. තබාගෙන ඔය දෙපය මේ පොළෝ තලය මත ගයාපන් නිදහසේ ගීතය ඇසෙන්නට මේ මහත් ලෝකයට.... ?තරූ සමනළී?
sad danu 7 years ago 301 1 0
අකුරු දී හිස් මනස පුරවා නැණ ළමුන් බිහි කර දිනේ දයා දී යහමගට ගන්නට රන්ටැඹක් සේ නැගි සිටියේ ඔවාදන් සිප් සතර පහදා රජුන් තනනට වෙහෙසුනේ සදා වඳිනෙමි දෙපා පිහිටා වැදු මව් වැනි අපේ ඉස්කොලේ අයනු ආයනු කියාදි අකුරින් සදා ජය පෙන්නුවේ ගරු සිතැති ගුරු මව් පියාණෙනි නුඹයි නෙක වෙර දැරුයේ ආදරය සෙනෙහස දයා ගුණ එක ලෙසින් හැම පැතිරුනේ ඉදිරියට පා තබා යන්නට ජීවයක් විය අපේ ඉස්කොලේ සතුරුකම් නැති මිතුරුකම් වැපිරු බිමකි මේ මිහිතලේ මිතුරුකැල හැම සවිය වි හිඳ සමගියයි දස පැතිරුවේ ආගමක් නෑ බේදයක් නෑ කුලයක් සෙව්වා නොවේ සදා සිහිකර වඳිම් සැමදා අකුරු දන්දුන් අපේ ඉස්කෝලේ ඉඳහිටත් ඳඟ වැඩක් කරමින් ඇති තරම් දඟලා ඇති වේවැලෙන් ගුටියක් වැදිලා දනගසා ඉන්නට ඇති නෑ සිතක් ගුරු සිත පෙලන්නට ඒ අපේ හුරතල් ගති සදා නොමැකෙන මතක අභියස සිහිකරයි අපි අපේ ඉස්කෝලේ අත් බැඳන් පානගා ආගිය කාලේ නෑ අමතක වුනේ අකුරු ඇහිදන් පෑව දස්කම් අදත් අත ඉතිරිව ඇතේ සමනලුන් මෙන් ඉගිලිලා ගිය කාලේ නෑ දැන් පැමිණුනේ පා නමා වැඳ තුති පුදන්නම් සිප් සතර දුන් අපේ ඉස්කෝලේ චතූ වීරසේකර
Kaveesha Gimhani 7 years ago 317 1 1
oya hamadamath magemai eth ai oya ehema nohithanne .. eka matada Wawa ganna Bari tharamata mawada amathaka Wei .... man dannawa oyawa Mata hamadamatama mage karaganna puluwan Wei Kiyala . .
Sakura Dilhari 7 years ago 268 5 2
සදතරු පායා කුමට දිලෙන්නෙද ඝනදුර නොමැකේනම් මල් පෙති පැහැයෙන් කුමට පිපෙන්නෙද සුවදක් නොමදේනම් නෙත් යුග හමුවේ සොදුරු දසුන් හැම හදවත් කළඹා නම් කුමට නෙත් පෙනී අන්ධ ලෝකයේ අදුර වාසනාවන් නෙතට අහිමි රුව හදවතින් දකින්නෙමි එය වළකන්නට බෑ හදේ ඇදෙන රුව නෙතින් දකින රුව හා සසදන්නට බෑ ලෝකය උඩුයටි පෙරළී ආවත් නෙතු පිය සෙලවෙන්නෑ හදින් දකින ලොව නෙතින් දකින්නට නෙත් පෙනුනාටම බෑ... ?...saku....?
Nemi Rathnayake 7 years ago 274 6 0
අමාවකේ සිත් අහසට පෑයූ පුන් සද විලසට තෙරක් නොමැති මහ සයුරට ළං වූ වෙරළක් විලසට දුක හා සැප දෙක අබියස සෙවනැල්ලට වඩා හොදින් මා හා මේ දුර ආවේ නොකියම ආපසු යන්නද.....
තූර්යා ඉඳුවරී 7 years ago 371 5 3
සුන්දරයි ජීවිතය අසුන්දර නොවූ විට.. සුන්දරයි අසුන්දර වූ දෙය සුන්දර යැයි සිතූ විට.. ජීවිතය අසුන්දර විය හැක සුන්දර නොවූ විට.. එහෙත් ජීවිතය සුන්දර කර ගත හැකිය සියලු දෙය විඳදරා ගත් විට.. ?තරූ සමනළී?
Priyadarshani Doni 7 years ago 314 1 0
පුරහක් විය ඔබ මා දිවිය එලියකල.. වැහි වලා අතර මැද ඉකි ගැසූ මන්දාරමෙන් මල් හීන මව මවා එසද හිටියා අපි ලග නිබඳ රුදු රාහු වලා මැද..හැංගිලා තනිවෙලා.. පුරහද ඉකිබිදියි මගෙ පාලු තනිකමට....
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps