sad danu 7 years ago 313 3 0

Nisadas Image

ඉඳහිට දැනෙන අතීත පෙම් සුවඳ...

හිටිහැටියෙම ආ මිහිරිම සුවඳක්
සිහිකර තැවුනා වැළලු මතකයක්
හිමිහිට රහසේ විඳි පෙම් පහසක්
යටිහිත රිදවා දුන් වේදනාවක්

යටගිය දවසක අපේම වී අප
විඳගත් ආදර සොඳුරු මතකයක
සැමරුම් විහිදි විසිරි ගිය කල
කුමකට අයේ හිත රිදවනවද

අප ආගිය මග තොටවල් ගානේ
වෙන අය අත්පටලන් පෙම් කෙරුවේ
ආදර සැමරුම් මතකය අතරේ
විඳවන දුක තරමට නෙත් තෙමුනේ

සිනහ වෙවි හිත අද්දර ඉඳගෙන
කෝලම් කරමින් ඉඟිබිඟි පෑවද
මායාවක් වු අතීත පෙම් සුව
අහවර කරන්න අවසර දෙනවද

පැටලි පැටලි හැම හුස්මක් ගානේ
පාවි පාවි එන සුළඟක් ගානේ
මියැදුන මතකය සිහිකර අපගේ
ඉකිබිඳ හැඩුවා ලොවටම රහසේ....

චතූ වීරසේකර

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps