තූර්යා ඉඳුවරී 7 years ago 394 4 0
දුක සතුට සමව පිරි
කඳුළ මෙන්ම සිනහවද
හොරෙන් සිතට එබිකම් කරන
ජීවිතය නමැති මංතලාවේ
බලාපොරොත්තු ඉටුකර ගැනීම යනු
කාන්තාරයේ සිසිලසක් සොයන්නාක් මෙනි..
බලාපොරොත්තුව කුමක් වුවත්
අපට නොලැබෙන දේ අපමණ වුවත්
නොලැබෙන දෙයට වඩා
ලැබෙන දෙය ඉතා අගනේය..
මෙදියත දහම එය බැවින්
දුක සතුට සමව විඳ දරා
තමා සතු දෙය ගැන
සෑහීමකට පත්වීම
නුවණැති පුද්ගලයාගේ ලක්ෂණයයි....
.......තරූ සමනළී......