sad danu 7 years ago 307 1 0
සඳදෙව් නුඹ සඳදෙව් නුඹ
පායාපන් හිත් දෑලට
අන්ධකාර රාත්‍රියක
විහිදා සඳරැස් මණ්ඩල
නින්ද නොඑන ඇස් අද්දර
දිලිසෙන තරු කඳුලු අතර
මායම් කර නුඹේ පහස
විඳගන්නට දෙනු අවසර
තනිවුනු කල්පනා අතර
හිත් අහසට ගොඩවදින්න
පැටලුන මේ කෝල හිතට
රහසක් කොඳුරලා යන්න.
චතූ වීරසේකර