1,804 Total Nisadas Found





Chamila 2 years ago 275 0 0

Nisadas Image

.

සතුටෙදි සමරන්න එන යාලුකම් වලට වඩා..

දුකේදී සනසන්න එන යාලුකම හැමදාමත් වටිනවා.


යාළුකම කියන්නෙත් මේ ලෝකෙ තියෙන තවත් එක්තරා ලස්සන බැඳීමක්.

ගැහැනු පිරිමි කියලා භේදයක් නෑ කාටත් හොද යාලුවෙක් ඉන්නවා නං අන්න ඒක මාරයි...

ලෝකයා විසින් මවා ගත්තට විකාර සිතුවිලි ලෝකයේ කොහෙවත් ලියවිලා නෑ ගැහැණු ළමයෙකුට ගැහැණු
ඉන්න ඕනා පිරිමි ළමයකුට පිරිමි යාලුවෙක් ඉන්න ඕනමයි කියලා නේද...???
මං බය නැතුව කියනවා මට ඉන්නේ හොඳම පිරිමි යාලුවෙක් කියලා...

අඩේ බොක්ක කෑවද බිව්වද මොකද කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නම් කියපන් මං එකෙන්ම ඉන්නවා බං.අන්න ඒ වචන ටික මාරම පට්ටයි...

මගේ යාලුවා මට විටෙක සහෝදරයෙක් තවත් විටෙක තාත්තා කෙනෙක්


උඹට මොන ප්‍රශ්න තිබ්බත් ඒ එකක්වත් මට හඟවන්නේ නැතිව මගේ ප්‍රශ්න වලට උඹ මැදිහත් වුණා නේද අන්න ඒක මාරයි බං.

♡????????ꫝꪊ♡ 2 years ago 208 2 0

Nisadas Image

ප්‍රවේශම්වන්න! කෝපි; මත් වෙන සුළුයි :|

පාර දිගේ ඇවිදන් ගියෙමි
මත් වෙච්ච මිනිසෙක් හමුවුනි
ඇල්කොහොල්?
නෑ... මට ආවෙ කෝපි සුවඳ

බර කතාවකට වැටුනෙමි
කෝපි හල වෙත ඇදුනෙමි
දෙන්නා එක්කල දුම් වළලු යන
කෝපි රස තොල ගෑවෙමි

හාහ්... ඒක නම් අමෘතයක්ම තමයි!
නොදැනීම මාත් මත් වුනි

අමෘතයක් විතරක්නම් ඇති
පුදුමයි! කෝපිවල සුපිරි බලයකි
එක් කෝපි උගුරකින්
හිතේ දුක් හැම ගිල ගනියි

: ඉතින් එච්චරද.......?

මගෙන් යොමු වූ පැනයට
මට ලැබුනෙ මෙහෙම පිළිතුරකි


'''''සුවඳ විලවුන් කඩවල
කලින් ගෑ සුවඳ මකනට
විටින් විට සිඹින්නට
දෙන්නෙත් කෝපි වල ඇට'''''

එච්චර දෙයක්! කෝපි ඇටේකින්?

පුදුමෙකුත් නැහැ ඒ ගැන
කලු තිත්ත කෝපි හැදෙන්නෙත්
සුදු සුවද මලකින් උනහම

මාත් මොනවා කරන්නද
සොබාදම් අසිරියට
ඇබ්බැහි වෙනව ඇරෙන්නට

ආයෙත් කෝපි උගුරක් තොල ගෑ'මි
'''''මේක නම් මහ පුදුමයක්'''''
ඉබේටම මට කිය වුනි

:) කෝපි රසයෙන් ආයෙ මත් වුනි!

✍︎Ishu







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps